එකම දිනයක සතුට එකතුව
දවස් සති මස් ගෙවෙනවා
සිතේ සතුටින් පුරෝගත් හද
උණුසුමින් වගෙ පිරෙනවා....
ඉඳහිටක දවසක අතරමග
බොරපැහැති දින තියෙනවා
නෙත් අගට කඳුලක් පුරෝගෙන
සිනාසීගෙන සිටිනවා...
දුත සතුට සැප මැදින් ජීවන
ගඟ ගලාගෙන බසිනවා
ගල් බොරළු කඳු හෙල් මතින් බට
ගඟ සුයුර වෙත ඇදෙනවා...
දහසකුත් බාධක අභිමුවෙහි
අපේ ජීවිත ගෙවෙනවා
ගෙවෙන හැම දිනයක්ම වාගේ
සොඳුරු බව නම් සිතෙනවා.
.jpg)

.jpg)

