එකම දිනයක සතුට එකතුව
දවස් සති මස් ගෙවෙනවා
සිතේ සතුටින් පුරෝගත් හද
උණුසුමින් වගෙ පිරෙනවා....
ඉඳහිටක දවසක අතරමග
බොරපැහැති දින තියෙනවා
නෙත් අගට කඳුලක් පුරෝගෙන
සිනාසීගෙන සිටිනවා...
දුත සතුට සැප මැදින් ජීවන
ගඟ ගලාගෙන බසිනවා
ගල් බොරළු කඳු හෙල් මතින් බට
ගඟ සුයුර වෙත ඇදෙනවා...
දහසකුත් බාධක අභිමුවෙහි
අපේ ජීවිත ගෙවෙනවා
ගෙවෙන හැම දිනයක්ම වාගේ
සොඳුරු බව නම් සිතෙනවා.
හරිම ලස්සනයි. ගැඹුරු තෙරුමක් තියෙන පද වැලක්.
ReplyDeleteකොතරම් බාධක ආවත් ජීවිතය සොඳුරු යි කියලා හිතන්න පුළුවන් නම් ඒ තරම් සැපක් නැහැ. වෙලාවක් තියේ නම් මේ පැත්තේ ඇවිත් යන්න. http://kurutugegeepota.blogspot.com
ReplyDeletelassana kawiyak. lassana thalayak. mona dewal unath me ape jeewithe. meka hemadama windinna puluwan nam godak sarthakai.
ReplyDeleteapi
kurutu ge gee pawra
ජීවිතය සුන්දරයි, ලස්සන පදපෙලක්.
ReplyDeleteදහසකුත් බාධක අභිමුවෙහි - අපේ ජීවිත ගෙවෙනවා
ReplyDeleteගෙවෙන හැම දිනයක්ම වාගේ - සොඳුරු බව නම් සිතෙනවා
ඇත්තටම අපි හැමෝම, කරන්න ඕනා දුක ගැනම නොහිතා පොඩි හරි දෙයකින් සතුටු වෙන එකයි.
සොඳුරු නිර්මාණයක්.. සුබ පැතුම් ..!