Sunday, June 2, 2013

සඳ වතුරේ පෙණ පිඬු මැද
හිනැහුණු සුදු සාවියේ
නුඹත් එක්ක එක මොහොතක්
කතා කරනු බැරිදෝ.....
හිම කඳු යායක් අතරින්
පාත් වෙලා එකම විටක්
නුඹේ දෙතොල් පෙති හිමිහිට
සිපගන්නට අවසරයි...


හීන හතක් මැදින් ඇවිත්
කවුළු දොරින් එබී බලන්
සිහින තොටිල්ලට ගොඩවී
සිනා නගන්නම්
ඔබේ සිනා දැක ගන්නට
පෙරුම් පුරන්නම්...

ආකාසේ රන් පැහැයට
දිදලුන රන් වන් අසපුවෙ
කවුළු පියන් හැරදාලා
තබලා තියන්නම්...ආයෙත්
මගේ හීන නොදකින්නට
පෙරුම් පුරන්නම්
හද මැදුරේ ගී කියනා කුරුල්ලනේ
නිහඬව ඉන්නම්.

3 comments:

  1. ජීවිතයට හීන තියන එකත් නරකම නැ නේද?

    ReplyDelete
  2. හීන තියන නිසා නේ අපි ජීවත් වෙන්නේ....

    ReplyDelete
  3. හීන කවදාවත්ම වියැකෙන්නෙ නෑ. එකක් වියැකෙනකොට තව හීන අලුත් වෙනවා.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................