
නිසල දියමත නැගෙන පෙණ පිඩු
සුළං රැළි වැද නටයි වැටි වැටි
නැගෙන බිඳෙනා රලෙහි හැපි හැපි
ඉරුගෙ රැස් යයි එතී දියඹෙහි
සිනා සරකින් නැගෙන මදහස
දෙතොල්පෙති මත රඟයි දිලි දිලි
දෙකම්මුල් මත සැදෙන සුළියක
නොකී රහසක් වීය බිඳි බිඳ
පාට මලකට ඇදෙන මී මැසි
කැලත විත් රඟ දෙමින් ඉගිලෙති
මලේ ඇති රොන් ටිකෙන් ටික ගෙන
මල තලා රොන් ගනී මී මැසි