ඔබ
ලස්සන කතාවක් කියනවා වගේ
එක හුස්මට කියවගෙන ගියා
මම
ඒ ලස්සන කතාවට හූමිටි තිය තිය
අහගෙන හිටියා
ඔබ
හීන් මුදු සුවඳක් එක්ක කාමරයම පුරවන්
හිමින් සැරේ ගෙට ගොඩ උනා
මම
දහඩිය ඟඳ එක්ක ගෙදරට ගොඩවෙනකන්
බලාගනෙ හිටියා ඒ සුවඳ විඳගන්න
ඔබ
සුව පහසු ඇඳේ පැත්තකට හැරිලා
හරි සනීපෙට නින්දට යනවා
මම
රෑ පුරාම හූල්ල හූල්ල ඔබ ලඟින් වැතිරිලා
කඳුලු බොනවා
ඔබ
දකින ලස්සන ලස්සන හීන වලට
හීනෙන් හීනා වෙනවා
මම
දැකපු හීන වලට හිනා වෙන දිහා
වෙන කරන්න දෙයක් නැතුව බලන් ඉන්නවා.
ඔබ
දුර ගමනක් යන්න ආවත්
අතරමග නැවතිලා ඉන්නවා
මම
නවතින්න බැරි නිසා
ඒ ගමන තනියෙම යනවා.
හරිම තාත්විකයි. දෙන්න දෙපැත්තකට යන්නෙ නේ. ජීවිතේ අස්තිරයි. නොලැබෙන දේ දුකයි.
ReplyDeleteසමහර විවාහකයින් විවාහ ජිවිතය ගෙවුවත් නිශ්චිත චිසාවකට යොමු වීමක් වෙන්නෙ නැ.දෙන්න දෙතැකනයි ඉන්නනෙ.
ReplyDelete