Tuesday, December 18, 2012
අහිමි බව
ඉරගල වැටුන විට මහ කන්දෙන් එපිට
තෝපා වැවේ වැව් දිය සිඳුනි අකලට
යලට වැපිරු කුඹරේ පැල රකින්නට
හැකිවෙද හෙටත් රෑ පැල් කවි කියන්නට
බිම්මල් පිපි හිනැහීගෙන බලාඋනි
කණමැදිරියන් කෑ ගසමින් රෑන් උනි
කළුවර මැදින් නුඹ ඇවිදින් සිනාසුණි
සිනහ වෙන්න නම් මට අමතකම වුණි
සිපද රාවයක් සවනත වැකෙන කොට
එගොඩහ ගොඩේ පන්දම් එළි ඇඳෙන කොට
මී මැසි කැලත විත් ගෙයි මැසි බඳින කල
නොසිතුව එකයි පුදුමය නුඹ අහිමි බව.
අපිට හොරෙන් මහ ගෙය ඉදිරි වැටුණි..
සඳට කියමි සඳ නැත මා දෙස බැලුවේ
තරුව උනත් අද ඇයි වෙනතක් බැලුවේ
අහසේ වළාකුළු ඇයි වෙනතක ඇදුනේ
දේදුන්නේ පාට ඇයි බොඳවී මැකුනේ
කළුවර රැයේ ඇඳෙනා සෙවනැලි දුටිමි
මහ වැසි මැදින් දිය වැල් බේරි ඇදුනි
ගොම්මන මැදින් මෙරු රැළ අහසට නැගුනි
කණමැදිරියන් නිවි නිවි එළියෙන් දිලුණි...
පහළ වෙලේ කන්නයෙ බැත ගෙට ගැනුනි
රූං පෙත්ත විසිවි ගොස් බිම වැටුනි
යලට මහට එකසේ මහ ගෙය දුටිමි
අපිට හොරෙන් මහ ගෙය ඉදිරි වැටුණි..
Monday, December 17, 2012
Friday, December 14, 2012
සිනා සපිරි මුව මඩලට කවදා සෙනෙහස ගෙනෙයිද
වැව් දියමත වැහි දිය කඳ
හෙළුවට දිය දෙබෑ වෙයිද
හෙළුවට දිය දෙබෑ වෙයිද
මද පවනට මහ ගස් වල
කඳ දෙපළුව බිම වැටෙයිද
පිපි මල්වල බමර තුඩග
රැඳි රැඳි රොන් රස උරයිද
මලේ සුවඳ නැතුවත් වන
බමරුන් විත් මල රඳයිද
කරදිය මුසු සිහිල් සුළං
ගතෙහි විඩා නිවා යයිද
හිරු බැස යන සැන්දෑවක
ඔබෙ මතකය නැවුම් වෙයිද
විහිළුවකට රතුවුණු ඇස්
අග කඳුළක් විත් රඳයිද
සිනා සපිරි මුව මඩලට
කවදා සෙනෙහස ගෙනෙයිද
කවිමුතුමල් facebook පිටුවේ සුභාෂිණි ගුණවර්ධන කිවිඳිය විසින් අකුරු අමුණා කළ සිත්තමකි මේ blog පිටුවේ පළ කෙරුණේ.
රැඳි රැඳි රොන් රස උරයිද
මලේ සුවඳ නැතුවත් වන
බමරුන් විත් මල රඳයිද
කරදිය මුසු සිහිල් සුළං
ගතෙහි විඩා නිවා යයිද
හිරු බැස යන සැන්දෑවක
ඔබෙ මතකය නැවුම් වෙයිද
විහිළුවකට රතුවුණු ඇස්
අග කඳුළක් විත් රඳයිද
සිනා සපිරි මුව මඩලට
කවදා සෙනෙහස ගෙනෙයිද
කවිමුතුමල් facebook පිටුවේ සුභාෂිණි ගුණවර්ධන කිවිඳිය විසින් අකුරු අමුණා කළ සිත්තමකි මේ blog පිටුවේ පළ කෙරුණේ.
Thursday, November 29, 2012
ඉර කොහෙද හැංගිලා
මිදුමේ තනියට
චිරි චිරි වැස්ස
වෙනදාට පෙනෙන රතු ගඟ
...
හැංඟිලා කොහෙද දුටුවද
ඉර හැංගිච්ච දවසේ
අළු පාට අහස මට මොකටද
කඩේ යන්නට තිබේ
හැමදාම මග ඇරල කොහොමද
මෙවන් ''සුන්දර'' දවසක
පරණ ටවුමට ගිහින් එන එක
අපොයි මොනතරම් නම් ''මිහිරිද''
චිරි චිරි වැස්ස
වෙනදාට පෙනෙන රතු ගඟ
...
හැංඟිලා කොහෙද දුටුවද
ඉර හැංගිච්ච දවසේ
අළු පාට අහස මට මොකටද
කඩේ යන්නට තිබේ
හැමදාම මග ඇරල කොහොමද
මෙවන් ''සුන්දර'' දවසක
පරණ ටවුමට ගිහින් එන එක
අපොයි මොනතරම් නම් ''මිහිරිද''
ප. ලි ...
මුණු පොතේ දාපු කවි කෑල්ලක් කවිමුතු වල අලවලා දැම්මා
Sunday, November 11, 2012
ඔබ මා අපි
පෙරවදන
කියවූ ඒ
ඔබෙ දෙනුවන්
සවන වැකුනු
ඔබෙ මුදු බස්
පනිවිඩයක්
හද තුළටම
සගවා ගත්තා
සුන්දර වූ
ස්නේහයක්
විදගත්තෙමි
ඇති පදමට
සගවාගනු
නොහී තවත්
දිගහරිනෙමි
මේ අයුරින්
පිදුම
ආදරේ නාමයෙන්
අකුරැතල ගේය පද
ගිලිහුනේ පෙරදිනක
විරහවට ආදරේ
යළි යළිදු පන්හිදට
පන දුන්නු නුඹ වෙතම
පුදන්නෙමි ආදරෙන්
අකුරැකල ගේය පද
ඔබ
රහසෙවිත් මා සිතට
ලැගුම් ගෙන හෙමි හෙමින
සිතුම් මගෙ හැදිනගෙන
ඒ වෙතම බැදි පෙමින
පපුතුරෙන් ගලාගිය
ආදරය නොසැගවූ
මුවට පෙර ආදරය
නෙත් අගින් මුදා හල
ඔබ මිසක
අන්කවුරැ
මගේ සිත
අවදිකල
මා
දෙනෙත් රහසෙන් කියූ
වදන් සිත හැදිනගෙන
හැගුම් පොදි පිටකරන්
පිළිවදන් දෙනු බැරිව
අසම්මතයෙන් එපිට
නිනව්වක් නැති ඉමට
සුසුම් පොදි පිටකරන්
රැකුව මුත් මුනිවතම
සෙනෙහසට
සෙනෙහසින්
හදට හද
වීය ළං
අපි
නෙතට නෙතක
සිතට සිතක
හදට හදක
හමුවීමක්
නෙත හැදිනුම
සිත හැදිනුම
හද හැදිනුම
එක්වීමක්
ඔබත් මමත්
අපිවීලා
සදා රැදෙන
ළංවීමක්
ගිවිසුම
කිසිත්
සපඵ නොවෙමු
අපි
අපේ නොවෙමු
කදුල
ළගට නොගමු
සතුට
සදා රකිමු
අනාගතය
අද හමුවී
සමුදුන්නත්
හෙට හමුවී
සිනාසෙන්න
ඇ සමගින්
යනෙනා විට
වරක් මදෙස
බලා යන්න
හෙට දිනයේ
හුදකලාව
මා වෙතටම
ළං නොවෙන්න
අපේ පෙමට
පිපුන මලින්
මල් කළඹක්
සදා දෙන්න
Subscribe to:
Posts (Atom)