දෑසට හමුවන එකම සඳක් යට
එකම ඉරක් යට එක හෝරාවක
අප පිය මැන්නා එකම මඟක් වෙත
යළි ආපසු නෙතු නොහැර බලා....
පායා ආ මුත් ගගනත වටකොට
තරු මල් වැටිලා සිනහසලා
අපි පියමැන යන මාවත එළියයි
සුදු සඳරැස් දහරින් තෙමිලා...
පිපී සුවඳදෙන කොඳමල් අතරේ
මදනල විසිරී පැතිරෙයි දසතේ
සිත්විල පහනින් එළිය කරනු මැන
තව දහසක් මල් පිපෙණු බලා.
දෑසට හමුවන එකම සඳක් යට
ReplyDeleteඑකම ඉරක් යට එක හෝරාවක
පියමැන ගොස් යළි හැරී බලන සඳ
සොඳුරු යි සැබැවින් පියමැනි මංපෙත
ලස්සනයි. මේක පාළුවට අරින්නෙ නැතිව තියා ගන්නවාට පිං.
ReplyDeleteස්තූතියි චන්දි,ස්තුතියි දිලිනි
ReplyDelete