Saturday, April 28, 2012

අවුරුද්දෙ හැම දෙනාට ඩිජිටල් සිත් පහළ වෙන්න.......

අවුරුද්දට කොන්ඩ කැවුමෙ කොන්ඩෙ ගන්ඩ සර්ච්       කොරන්
මුං කැවුමෙ හැඩය ගන්න ඉලස්ට්‍රේට ගත්තු                        තරන්
ආස්මිවල පාට දැම්මේ ‍‍ෆොටෝෂොපුත් ළගම                   තියන්
කැවුම් හැඩේ ගත්තා මේ දිනවල මොනිටර්                     අයිකන්

දුරකථනය නාද දෙන්නේ කෝකිලයගෙ මිහිරි                  නදින්
මේ දිනවල චැ‍ට් කරන්නේ තෙල් තාච්චි ලිපේ                  තියන්
හදන හදන කැවුම් වලට කමෙන්ට් ලැබෙයි දෝරේ           ගලන්
පවුලම ස්කයිප් නිසා කිරි ඉතිරුවා එකට                            ඉදන්

සැගවුණු අමුත්තා දැක්කම මැසෙජ් එකක් කොටල             යවා
ටච් කරලා බිදිය හැකියි කනා මුට්ටි තරගේ                          පවා
අලියට අපි ඇහැ තිබ්බේ "අයි"පැඩ් එක අතේ                 හොවා
පැපොල් ගෙඩිය ස්කැන් කොට හරි ගාණත් දුන්නා             මවා

නොනගතේට හැම වැඩක්ම අමතක කර  චැට්              කරන්න
අවුරුද්දේ කෑම මේසේ හැම දෙනාට ටැග්                     කරන්න
නෑගම් යන්නට කලියෙන් මේල් එකක් යවල                   ඉන්න
පරණ තරහ ඩිලිට් කරලා අලුත් කනෙක්ෂන්                  හදන්න

අවුරුදු කුමරිට කුමරට ලයික් එකක් දමල                        යන්න
නව වසරේ සෙටින්ග් වලට ඉක්මණින්ම මාරු               වෙන්න
මේ වසරේ හැකි වේවා පැල් බැදගෙන බ්ලොග්            ලියන්න
අවුරුද්දෙ හැම දෙනාට ඩිජිටල් සිත් පහළ                    වෙන්න