අලියා වැටුණු වැව ආරච්චි
රාළට
මුවමස් ඌරුමස් භිඟ නොමැත කෑමට
මුළු ගංගොඩම හිටියත් ඔහුගේ වාලට
ඔහු වැඩිපුරම බය ලොකූ සයිබු නානට
වට්ටක්කා වැලකි ඒ ගෙයි වහල මත
එරඬු වැටේ වැඩිපුර ලොකු කපොලු නැත
කුරහන් බිස්ස යට බල්ලට සෙවන
ඇත
ඔහුගේ ගෙදර මට හොඳටම මතක
ඇත
පස් බානක්ම ඔහු හට හොර හරක් ඇත
ගමනට පැදුරු දැමු බර බාගයක් ඇත
නියඟක් අවත් ඉන් වැඩිපුර බයක් නැත
වැව කිට්ටුවම වෙල ඉස්සර හයක් ඇත
ඉදිකඩ ළඟම සිටහත් මහළු පලු ගසේ
පොඩි පෙට්ටියක පානට මැසි පොකුරු නැසේ
ඒළියක් දුටිමි ඒ ඒළියෙන් ඔහුගේ හිසේ
මට මේ ලියන විට තව ඒ ඒළිය දිසේ
මුළු රෑ ලැගී ඉඳ පලු ගහක මැස්සක
ලැබ ගෙන අහිංසකයකු පිදුව මස්ටික
වළඳා අදට වූවත් වසර විස්සක
පුදුමයි බලන්නට අද ඔහුගෙ රැස්ටික
කිසිවෙක් නොවේ කෙරුමට ඔහු සමඟ හබේ
වෙහෙසක් නැතුව යළ මහ අස්වනුද ලැබේ
කුරහන් වියෙන් බිහි තුන ඉදිමුනද ඉබේ
යම්කිසි බියක් ඔහුගේ නෙත් අතර තිබේ
දවසින් දවස වන පෙත ගං ගොඩෙහි හැපේ
ඔහුගේ ගෙදර ළඟ කළුවර බුරුත කැපේ
ගැමියන් පිහිට ලැබ ගිනි ඇවිලුනද ලිපේ
හැම ගැමියෙක්ම ඔහුගේ පාමුලෙහි හැපේ
මධ්‍යකාලීන යුගයෙක්/ කොළඹ යුගයේ කවියෙක්. මේ දෙකම එකක්ද නැත්නම් දෙකක්ද කියලා මම වැඩිය දන්නේ නැහැ. මෙතුමාගේ ලොකු කවි පොතක් තියෙනවා මං ගාව. ලස්සනයි
ReplyDelete+++++
ReplyDeleteෂා, මේ කවි කියවන කොට අපූරු චිත්‍රයක් හිතේ මැවෙනවා. ස්තූතියි.
ReplyDeleteGodaaak wedagath wedak 🙏🙏
ReplyDeleteස්තූතියි
Deleteහොද වැඩක්
ReplyDeleteNice
ReplyDelete