මහගම සේකරයන් උපන්නේ අප්‍රේල් මාසයේ අද වන් දිනයකදීය. එතුමාට උපහාරයක් වශයෙන් මෙම කවිය කවිමුතුමල් වල පළ කරමි.
භවයකින් පසු තවත් භවයක
උපන්නා සේ ඔහුට හැඟුණේ ය.
මරණයෙන් පසු අළුත් උපතක්
ලබන්නා සේ ඔහුට හැඟුණේ ය.
ගිලන් හලේ සුදු හැඳ ගත් හෙදියන්
සුදු බිත්ති හා ඇඳන්
සියළු වස්තු සම්මිශ්‍ර ව
තිරයක් සේ විය
අඩක් ඇරී සිහි ලබනා දෑසට
වාට්ටුවේ ඇතුළත හා පිටත නැගෙන
සියළු ශබ්ද සම්මිශ්‍ර ව
සමුද්‍ර ඝෝෂාවෙ හි
වර්ෂාවෙ හි
එක් වන් හෝ නාදය මෙන්
ශුද්ධ ඕංකාරය මෙන්
ප්‍රකෘතියෙහි සංගීතය
මඳින් මඳ ව ඇසෙන්ට විය.
කාලය මිදී ඝන ව තිබී
අසංඛ්‍ය කල්පයකට පසු
කෙමෙන් ඇරෙන නෙත් ආලෝකයෙන් උණු ව
සෙමින් සෙමින් ගලා ගියේ ය.
මහගම සේකර
මහගමසේකර 1929 අප්‍රියෙල් මස 7වන දින ගම්පහ, රදාවානේ දී උපත ලබන ලදී. ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවකු, කෙටි කතා කරුවකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතල විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය.
Friday, April 7, 2017
Wednesday, April 5, 2017
අඳුර අපේ දුක නිවාවී - ගුණදාස අමරසේකර
උඹට වගේ මගෙ ඇඟටත් හරිම මහන්සිය දැනෙනව
අඳුර තමයි අපෙ ඇඟපත නිවන්ට දෙවියෝ එව්වේ
හනික යමන් ගාල්වෙන්න පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ
උදේ හිටන් අව් කට්ටේ උඹව තියන් මැඩවෙව්වට
උඹේ හිතට අමාරුදැයි කියාපන්කෝ දැන්වත් මට
කරුමේ තමයි පළිසන් දෙන්නේ අපගේ මේ විදියට
බුදු හාමුදුරුවො කිව්වේ එක තමයි දුක නිවන්ට
ගෙදර ගිහින් ඇළ ගාවින් හොඳ තණකොළ ටිකක් උඹට
තලු ගහ ගහ බඩ පිරෙන්න ගෙනැත් දාන්නම් කන්නට
දෙයියො තමයි අඳුර දුන්නේ අපෙ ඇඟපත ගිනි නිවන්ට
හනික යමන් ගාල් වෙලා අඳුරු රෙද්ද පෙරව ගන්ට
මගේ කකුලේ කටු ඇනිලා ඉවසන්නට බැහැ රිදේවී
අන්දකාරෙ තෙල් ගාලා ඒ විස කටු ඇද දමාවී
හැන්දෑවට උඹ ඉඳගෙන තලු ගහනව මට ඇහෙනව
උඹට කළුවෙ හුඟක් හොරද හැන්දෑවට නින්ද යනව
අඳුර ඇවිත් මගෙ නළලට නම් මන්තරයක් කියනව
ඒ එක්කම ඇහැ පියවිල එළිවෙනතුරු නින්ද යනව
දෙයියො තමයි අඳුර දුන්නෙ අපෙ ඇඟපත නිවාලන්ට
යමන් කළුවෙ ගාල්වෙලා එකට වැටී නිදාගන්ට
තුනටිය මගෙ කකියනවා බොහොම නොසෑහෙන විදියට
අඳුර හන්දි තෙල් ගාලා අතගාවිය එය හෙමිහිට
අඳුර රෙද්ද, පෙරවාලා අපෙ ඇඟපත නිදි කරාවී
අඳුර අපෙ දුක නිවලා දාහක් ගින්දර නිවාවී
ගුණදාස අමරසේකර
Subscribe to:
Posts (Atom)