නිලුපුල ඔබයි සිත් විල කළඹන නිසලබිමි කඩ ඔබයි කතරක දිය බිඳු ඉසින
ඉඳුවර දෙනෙත් තුල නිකැලැල් බව සිඹින
සෙනෙහස කොහේ සැඟවි යා දෝ විටෙක
ඉරබටුවකින් අසමින් මග ගෙවා දුර
වළාකඩින් වසමින් හිරු කිරණ මැඩ
නොපෙනෙන තරු පොකුරු මැද හිඳ සිනාවෙන
සිහසුන ඔබයි සෙනෙහේ දිය සතපවන
මාලති මලින් මල්කම් කර කැටයමට
විලිකුන් පඳුරකින් තොරණක් ගසා හැඩ
සියොතුන් ඉගිලයනවිට දසතම පැතිර
ඔබමයි මගේ හදවත දිනු සෙනෙහෙ විල




.jpg)


