හෙළුවට දිය දෙබෑ වෙයිද
මද පවනට මහ ගස් වල
කඳ දෙපළුව බිම වැටෙයිද
පිපි මල්වල බමර තුඩග
රැඳි රැඳි රොන් රස උරයිද
මලේ සුවඳ නැතුවත් වන
බමරුන් විත් මල රඳයිද
කරදිය මුසු සිහිල් සුළං
ගතෙහි විඩා නිවා යයිද
හිරු බැස යන සැන්දෑවක
ඔබෙ මතකය නැවුම් වෙයිද
විහිළුවකට රතුවුණු ඇස්
අග කඳුළක් විත් රඳයිද
සිනා සපිරි මුව මඩලට
කවදා සෙනෙහස ගෙනෙයිද
කවිමුතුමල් facebook පිටුවේ සුභාෂිණි ගුණවර්ධන කිවිඳිය විසින් අකුරු අමුණා කළ සිත්තමකි මේ blog පිටුවේ පළ කෙරුණේ.
රැඳි රැඳි රොන් රස උරයිද
මලේ සුවඳ නැතුවත් වන
බමරුන් විත් මල රඳයිද
කරදිය මුසු සිහිල් සුළං
ගතෙහි විඩා නිවා යයිද
හිරු බැස යන සැන්දෑවක
ඔබෙ මතකය නැවුම් වෙයිද
විහිළුවකට රතුවුණු ඇස්
අග කඳුළක් විත් රඳයිද
සිනා සපිරි මුව මඩලට
කවදා සෙනෙහස ගෙනෙයිද
කවිමුතුමල් facebook පිටුවේ සුභාෂිණි ගුණවර්ධන කිවිඳිය විසින් අකුරු අමුණා කළ සිත්තමකි මේ blog පිටුවේ පළ කෙරුණේ.
හරිම ලස්සනයි . සිනා සපිරි මුව මඬලට සෙනහස ලඟදීම ලැබේවා! ජයම වේවා! පාළුවෙන්න නොදී කවි පිටුව පිරෙව්වාට පිං!
ReplyDeleteගොඩක් ස්තුතියි
ReplyDeleteකොහොමද කවි ඇඩ් කරන්නෙ මේ බ්ලොග් එකට
ReplyDeleteනංගි, අසංක මල්ලිට කියල මේ පිටුවට එක් වෙන්න එතකොට ඔයාට මේකට කවි ලියන්න පුලුවන්. ඔයාට සුබ අනාගතයක් පතනවා සෙනෙහසින්. අසංක පුතා ඔයා විස්තර දෙන්න කො සුභාෂිනීට.
Deleteමම මුලින්ම සුභාෂිනි කිවිඳියට mail එකක් යවනවා. ඒකේ තමයි කවිමුතුමල්වල invitation එක තියෙන්නේ. ඊටපස්සේ සුභාෂිණි අක්කට පුළුවන් ඒකේ තියෙන link එක හරහා ගිහින් අපේ blog එකේ account එක හදාගන්න. එතනින් පස්සේ සාමාන්‍ය විදියට බ්ලොග් පෝස්ට් දාන ක්‍රමයට පුළුවන් කවි පළ කරන්න.ඒක ගැනත් දැනගන්න ඕනේනම් ආයෙත් කියන්න.
Deleteඅපූරුයි! ජය
ReplyDeleteගොඩක් ස්තුතියි අසංක මල්ලි,ඒ වගේම චන්දි
ReplyDelete