සඳට කියමි සඳ නැත මා දෙස බැලුවේ
තරුව උනත් අද ඇයි වෙනතක් බැලුවේ
අහසේ වළාකුළු ඇයි වෙනතක ඇදුනේ
දේදුන්නේ පාට ඇයි බොඳවී මැකුනේ
කළුවර රැයේ ඇඳෙනා සෙවනැලි දුටිමි
මහ වැසි මැදින් දිය වැල් බේරි ඇදුනි
ගොම්මන මැදින් මෙරු රැළ අහසට නැගුනි
කණමැදිරියන් නිවි නිවි එළියෙන් දිලුණි...
පහළ වෙලේ කන්නයෙ බැත ගෙට ගැනුනි
රූං පෙත්ත විසිවි ගොස් බිම වැටුනි
යලට මහට එකසේ මහ ගෙය දුටිමි
අපිට හොරෙන් මහ ගෙය ඉදිරි වැටුණි..
මහ ගෙයත් කාලයක් යන කොට ගරා වැටෙනවා , හරියට අපි වගේම තමා. ජීවිතයේ යථාර්තය. ලස්සන සංකල්පනාවක්.
ReplyDelete