ඉරගල වැටුන විට මහ කන්දෙන් එපිට
තෝපා වැවේ වැව් දිය සිඳුනි අකලට
යලට වැපිරු කුඹරේ පැල රකින්නට
හැකිවෙද හෙටත් රෑ පැල් කවි කියන්නට
බිම්මල් පිපි හිනැහීගෙන බලාඋනි
කණමැදිරියන් කෑ ගසමින් රෑන් උනි
කළුවර මැදින් නුඹ ඇවිදින් සිනාසුණි
සිනහ වෙන්න නම් මට අමතකම වුණි
සිපද රාවයක් සවනත වැකෙන කොට
එගොඩහ ගොඩේ පන්දම් එළි ඇඳෙන කොට
මී මැසි කැලත විත් ගෙයි මැසි බඳින කල
නොසිතුව එකයි පුදුමය නුඹ අහිමි බව.
ගම්මානෙක සිරිය මවනා කවි පෙළක් , බොහොම ආදණීයයි කියල හිතුන.
ReplyDeleteනොසිතුව එකයි පුදුමය නුඹ අහිමි බව....
ReplyDeleteහරිම දැනෙන සුළු පැදි පෙළක්..
අග පදය එළිසමයෙන් පිටට ගත්තේ ඇයි?
ReplyDelete