නොසිඳෙනා පත් ඉරුව තමයි ඔබ
එළි නොවන
සිහිනයේ
වරපටින්
දැවටිගෙන
සිනාසෙන
සිත් විලයි
මැකි යන මිදුමේ
පලා ගොස්
සැඟව යන
කිසිදාක නොමියෙනා
බොඳ නොවන
සිහිනයයි
හුදකලා
බව පිරුණු
සිත්මානයෙන් එපිට
ජීවිතේ සියක් වර
හදවතේ ගැඹුරින්ම
විනි විඳින රාවයයි
මිය ගියද
යම් දිනක
සිතේ ඇති සොඳුරුබව
නොසිඳෙනා
පත් ඉරුව
ඔබ තමයි.
හරිම ලස්සනයි , ගීතයක් වගෙයි නංගී. පුංචි අවවාදයක් දෙන්නම්. එක ලග පොස්ට් දාන්න එපා. සතියක වත් ඉඩක් තියල දාන්න, එතකොට බලන කෙනාට බලාලා කමෙන්ටුවක් දමන්න ලෙහෙසියි. මාත් ඔය වැරැද්ද කලින් කලා. අසංක මල්ලියා තමයි මාවත් දැනුවත් කලේ.
ReplyDeleteස්තුතියි චන්දි
DeleteLassanai
ReplyDeleteසිත්විලත් සිනාසේ නම් ඉතින්
ReplyDeleteබොද නොවන රාවයක වෙළීගෙන
තවත් ඉසොදුරු සීනයක් කොහිද
සොදුරු පත්ඉරුව කියවනු මිසෙක..