Sunday, March 3, 2013
Friday, February 1, 2013
ඔබ සහ මම
ඔබ
ලස්සන කතාවක් කියනවා වගේ
එක හුස්මට කියවගෙන ගියා
මම
ඒ ලස්සන කතාවට හූමිටි තිය තිය
අහගෙන හිටියා
ඔබ
හීන් මුදු සුවඳක් එක්ක කාමරයම පුරවන්
හිමින් සැරේ ගෙට ගොඩ උනා
මම
දහඩිය ඟඳ එක්ක ගෙදරට ගොඩවෙනකන්
බලාගනෙ හිටියා ඒ සුවඳ විඳගන්න
ඔබ
සුව පහසු ඇඳේ පැත්තකට හැරිලා
හරි සනීපෙට නින්දට යනවා
මම
රෑ පුරාම හූල්ල හූල්ල ඔබ ලඟින් වැතිරිලා
කඳුලු බොනවා
ඔබ
දකින ලස්සන ලස්සන හීන වලට
හීනෙන් හීනා වෙනවා
මම
දැකපු හීන වලට හිනා වෙන දිහා
වෙන කරන්න දෙයක් නැතුව බලන් ඉන්නවා.
ඔබ
දුර ගමනක් යන්න ආවත්
අතරමග නැවතිලා ඉන්නවා
මම
නවතින්න බැරි නිසා
ඒ ගමන තනියෙම යනවා.
Wednesday, January 30, 2013
සිතුවම

නොයෙකුත් පාට තවරා
අඩු වැඩිව
උස්වූ තිසර තුඩු
පෙකනියද
ඉඟ සුඟඳ
අඩ නිරුවත්ව දඟලයි
මහ මග දෙපස
බලන්නට සිතුවත් කෙලින්
බලන්නට නොහැකිවම
හොරෙන් බලමින් යන්නෝය
මිනිසුන් දෙපස
නිරුවත් ගැහැණු රුව දැක
මොහොතක් නතර විය නෙත
පරදවයි දිවි අප්සරාවන්
ඇගෙ රුව
අහෝ....
කෙතරම් අලංකාරද
සිත්තරුන් මැවූ ඒ
සිතුවම
විහාරමහා දේවී උද්‍යානය දෙපස කලා පොළක් විය පසුගිය ඉරු දින.
සුභාෂිණි ගුණවර්ධන
Sunday, January 20, 2013
ආසයි මම නුඹෙ උණුසුම ලඟම රැදෙන්න
සීතල අතරින් පෙරි පෙරි මීදුම් සිරි ගලන වෙලේ
කවුලුව අතරින් ඇවිදින් හිනැහී යන්න
සිහිනෙන්වත් හෙමින් සැරේ නුඹෙ දෙනුවන්
තුලම රැඳෙන්න
ගී කියනා කුරුල්ලන්ට රස රහසක් කියාදෙන්න
කුරුල්ලනේ නුඹලා ගී ගයනවා නේද
ආසයි මම ඒ ගීතය අහගෙන ඉන්න...
වළා පෙලින් එහා සඳේ ආවාටය මැද හිඳගෙන
පොළෝ ගැබට බැලුම් හෙලන්න
තරු පොකුරක සැඟවීගෙන
ආයෙත් එක සැරයක්වත් ඇවිදින් යන්න
නුඹේ සුසුම් පොදින් නැහැව
ජීවිත ඟඟ ගලාන යන්න
ආසයි මම එකම වරක් ඔබව දකින්න...
දුරුතුමහේ සීතල මැද කිටි කිටියේ දෑත් බැඳන්
ඔබත් එක්ක මල් පාරේ ඇවිදන් යන්න
නිසල විලට වැටි මල්වල සුවඳ රදන්න
ඒ විල මැද මානෙල් මල විලස හිඳින්න
සීතල උදයක සුපිපුණු නුඹෙ කම්මුල් දෙක අතරින්
එකම වරක් තොල් පෙති මත තිලක තියන්න
ආසයි මම නුඹෙ උණුසුම ලඟම රැදෙන්න
කවුලුව අතරින් ඇවිදින් හිනැහී යන්න
සිහිනෙන්වත් හෙමින් සැරේ නුඹෙ දෙනුවන්
තුලම රැඳෙන්න
ගී කියනා කුරුල්ලන්ට රස රහසක් කියාදෙන්න
කුරුල්ලනේ නුඹලා ගී ගයනවා නේද
ආසයි මම ඒ ගීතය අහගෙන ඉන්න...
වළා පෙලින් එහා සඳේ ආවාටය මැද හිඳගෙන
පොළෝ ගැබට බැලුම් හෙලන්න
තරු පොකුරක සැඟවීගෙන
ආයෙත් එක සැරයක්වත් ඇවිදින් යන්න
නුඹේ සුසුම් පොදින් නැහැව
ජීවිත ඟඟ ගලාන යන්න
ආසයි මම එකම වරක් ඔබව දකින්න...
දුරුතුමහේ සීතල මැද කිටි කිටියේ දෑත් බැඳන්
ඔබත් එක්ක මල් පාරේ ඇවිදන් යන්න
නිසල විලට වැටි මල්වල සුවඳ රදන්න
ඒ විල මැද මානෙල් මල විලස හිඳින්න
සීතල උදයක සුපිපුණු නුඹෙ කම්මුල් දෙක අතරින්
එකම වරක් තොල් පෙති මත තිලක තියන්න
ආසයි මම නුඹෙ උණුසුම ලඟම රැදෙන්න
Tuesday, December 18, 2012
අහිමි බව
ඉරගල වැටුන විට මහ කන්දෙන් එපිට
තෝපා වැවේ වැව් දිය සිඳුනි අකලට
යලට වැපිරු කුඹරේ පැල රකින්නට
හැකිවෙද හෙටත් රෑ පැල් කවි කියන්නට
බිම්මල් පිපි හිනැහීගෙන බලාඋනි
කණමැදිරියන් කෑ ගසමින් රෑන් උනි
කළුවර මැදින් නුඹ ඇවිදින් සිනාසුණි
සිනහ වෙන්න නම් මට අමතකම වුණි
සිපද රාවයක් සවනත වැකෙන කොට
එගොඩහ ගොඩේ පන්දම් එළි ඇඳෙන කොට
මී මැසි කැලත විත් ගෙයි මැසි බඳින කල
නොසිතුව එකයි පුදුමය නුඹ අහිමි බව.
අපිට හොරෙන් මහ ගෙය ඉදිරි වැටුණි..
සඳට කියමි සඳ නැත මා දෙස බැලුවේ
තරුව උනත් අද ඇයි වෙනතක් බැලුවේ
අහසේ වළාකුළු ඇයි වෙනතක ඇදුනේ
දේදුන්නේ පාට ඇයි බොඳවී මැකුනේ
කළුවර රැයේ ඇඳෙනා සෙවනැලි දුටිමි
මහ වැසි මැදින් දිය වැල් බේරි ඇදුනි
ගොම්මන මැදින් මෙරු රැළ අහසට නැගුනි
කණමැදිරියන් නිවි නිවි එළියෙන් දිලුණි...
පහළ වෙලේ කන්නයෙ බැත ගෙට ගැනුනි
රූං පෙත්ත විසිවි ගොස් බිම වැටුනි
යලට මහට එකසේ මහ ගෙය දුටිමි
අපිට හොරෙන් මහ ගෙය ඉදිරි වැටුණි..
Monday, December 17, 2012
Friday, December 14, 2012
සිනා සපිරි මුව මඩලට කවදා සෙනෙහස ගෙනෙයිද
වැව් දියමත වැහි දිය කඳ
හෙළුවට දිය දෙබෑ වෙයිද
හෙළුවට දිය දෙබෑ වෙයිද
මද පවනට මහ ගස් වල
කඳ දෙපළුව බිම වැටෙයිද
පිපි මල්වල බමර තුඩග
රැඳි රැඳි රොන් රස උරයිද
මලේ සුවඳ නැතුවත් වන
බමරුන් විත් මල රඳයිද
කරදිය මුසු සිහිල් සුළං
ගතෙහි විඩා නිවා යයිද
හිරු බැස යන සැන්දෑවක
ඔබෙ මතකය නැවුම් වෙයිද
විහිළුවකට රතුවුණු ඇස්
අග කඳුළක් විත් රඳයිද
සිනා සපිරි මුව මඩලට
කවදා සෙනෙහස ගෙනෙයිද
කවිමුතුමල් facebook පිටුවේ සුභාෂිණි ගුණවර්ධන කිවිඳිය විසින් අකුරු අමුණා කළ සිත්තමකි මේ blog පිටුවේ පළ කෙරුණේ.
රැඳි රැඳි රොන් රස උරයිද
මලේ සුවඳ නැතුවත් වන
බමරුන් විත් මල රඳයිද
කරදිය මුසු සිහිල් සුළං
ගතෙහි විඩා නිවා යයිද
හිරු බැස යන සැන්දෑවක
ඔබෙ මතකය නැවුම් වෙයිද
විහිළුවකට රතුවුණු ඇස්
අග කඳුළක් විත් රඳයිද
සිනා සපිරි මුව මඩලට
කවදා සෙනෙහස ගෙනෙයිද
කවිමුතුමල් facebook පිටුවේ සුභාෂිණි ගුණවර්ධන කිවිඳිය විසින් අකුරු අමුණා කළ සිත්තමකි මේ blog පිටුවේ පළ කෙරුණේ.
Thursday, November 29, 2012
ඉර කොහෙද හැංගිලා
මිදුමේ තනියට
චිරි චිරි වැස්ස
වෙනදාට පෙනෙන රතු ගඟ
...
හැංඟිලා කොහෙද දුටුවද
ඉර හැංගිච්ච දවසේ
අළු පාට අහස මට මොකටද
කඩේ යන්නට තිබේ
හැමදාම මග ඇරල කොහොමද
මෙවන් ''සුන්දර'' දවසක
පරණ ටවුමට ගිහින් එන එක
අපොයි මොනතරම් නම් ''මිහිරිද''
චිරි චිරි වැස්ස
වෙනදාට පෙනෙන රතු ගඟ
...
හැංඟිලා කොහෙද දුටුවද
ඉර හැංගිච්ච දවසේ
අළු පාට අහස මට මොකටද
කඩේ යන්නට තිබේ
හැමදාම මග ඇරල කොහොමද
මෙවන් ''සුන්දර'' දවසක
පරණ ටවුමට ගිහින් එන එක
අපොයි මොනතරම් නම් ''මිහිරිද''
ප. ලි ...
මුණු පොතේ දාපු කවි කෑල්ලක් කවිමුතු වල අලවලා දැම්මා
Subscribe to:
Posts (Atom)



.jpg)



