Friday, October 14, 2016

හැල්මේ දුවන



පෙළකට එකම
හා හූවක් නැතිව
දිව එන....
ඇයි මෙතරම්ම
කඩිසර...
කිටි කිටියේ
පොර බදන
රතු ඉර වදින්නට  පෙර
අත්සම යොදන්නට
දේවකාරියට වඩා උතුම්
රාජකාරිය
නිදි කිරන
නොනැවති
වැඩ කරන
සෝපානයෙත් දුවන

AC සීතලේ ගල් ගැහුණ
හදවත්ද
එකම පුටුවට බර දී
එකතැන වයසට යන.....
ආයේ ආයෙම
හවස් වෙද්දී හැල්මේ දුවන
රජයේ සේවක..


සෙත්සිරිපායේ සිට ලියමි.

2 comments:

  1. එකම එක හිනාවකින්
    හදවතින් නැඟුනු
    ගල් ගැහුනු හිත්
    දිය වේවි හිම කැට වගේ
    හිරි දුටු...

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................