Saturday, August 10, 2013

එයින් විසිතුරු නුඹේ වතනම් ඇත්තටම මනරම්



හිස් අහස් කුස වළාකුළු ගෙන නුඹේ ගතවට               දවටමිදුහුල් සළුවක් වගේ ඔතමින් ගතට ලස්සන             ගෙනඑමිදිදුල තරු කැට පොකුරු අතරින් එළිය ඇති තරු     ගන්නෙමිඑවන් තරු කැට දෙකක් අරගෙන නුඹේ කන් පෙති     සරසමි

රන් තැටියවන් රවුම් සඳ දැක සිනාවෙන් මුව          පිසිනෙමිඑවන් සඳගෙන නුඹෙ ලමැදේ රන් මලක් ලෙස          දවටමිරැයේ පිණිබිඳු තුෂර කැට ගෙන නුඹේ ගෙලවට          දවටමිපැණින් මුකුලිත නුඹේ දෙසවන් අසා ඉන්නට           ලංවෙමි

අඳුර බිඳගෙන වලා අතරේ නැගෙන සඳ                  මනරම්
සඳේ එළියට ඉඟි බඳින්නට පිපෙන තරු                  මනරම්
නැගී බැසයන සඳට ඉඩදෙන වළාපෙල                   මනරම්
එයින් විසිතුරු නුඹේ වතනම් ඇත්තටම                  මනරම්



2 comments:

  1. මොකද ඇත්තට ම මෙච්චර තිත්? කවි පන්තිය නම් ලස්සණ යි. දිගට ම ලියමු.

    ReplyDelete
  2. කවි පේලි එකම පෙලකට ගන්නයි තිත් පේලි තිබ්බෙ

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................