Saturday, September 15, 2012

පොත් මේලා අසිරි

බිනර මහ සැණකෙළි
පොත පත යලිත් වෙයි හෙළි
පොත් මේලා අසිරි
වනම්, මේ කව් ලියා යලි යලි

සමාජයේ උඩ ඉඳලා පහලට
ඕන තරාතිරමක අය එනවා
තෝර තෝර පොත් එහෙ මෙහෙ යනවා
හිතට වැදුණු පොත අරගෙන යනවා

විස්ස විජ්ජාලෙ කොල්ලන්
ගාමන්ට් එකේ කෙල්ලන්
ගුරුනුත් සමග සිසුවන්
පිට රැටියන් ද සඟ සව්වන්

පවුල් පිටින්ම එන්නන්
මා වැනිවූ තනිකඩයන්
මාසික වැටුප් කරුවන්
පොත් සොයා එති මේ සියල්ලන්

තම තම නැණ පමණ
රිසි පොත් ගනිති බොහො දන 
රස වින්දන කරන
කතා කියවන අටියෙන

එක පොතක් හෝ ගෙන
කියවා බලන රිසියෙන
පැමිණෙති බොහෝ දන
කියවීම සපුරයි මිනිස් කම

අමිල පොත් විකිණේ
කියවන දන ද බිහිවේ
රටට හොඳ එය වේ
පතමි පොත් මේලාව ජයවේ!

(මකරන්දයේ පළ වූ කවි පෙළක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අගයනු වස් යම් සංශෝධනයන් සහිතව කවි මුතු මල් හි යලි පළ  කළෙමි.)

14 comments:

  1. බොහොම ස්තූතියි! පොත්ගුල්ලා. මාත් කොහොම හරි යන්නට හිතා ඉන්නවා මේ පාර නම්. මේ ටිකේ ගොළුදැරිය ඉංග්‍රීසියට පෙරලාපු පොත කියවනවා. දිලී ජයකොඩි, මානවසිංහ මහතාගේ දුව විසින් එය ඉතාම ලස්සනට ඉංග්‍රීසි භාෂාවට පෙරලා තියෙනවා. ඇය විසින් අපේ අම්මාට දුන් පොතයි මා කියවන්නෙ. හොඳ පොතක අගය කියල නිම කරන්නට බැහැ නොවැ.

    ReplyDelete
    Replies
    1. ඒ පොත නම් ගන්න ඕන . අපේ පොඩි අයත් ආස වෙයි

      Delete
  2. යන්න ආසාවක් තියනවා..වසර හත අටකට ඉස්සර ගියාට පස්සෙ යන්න අවස්තාවක් ලැබුනෙ නැහැ.

    ලස්සන කවිපෙලක්.

    ReplyDelete
  3. ලස්සන කවි පෙළක්....

    ReplyDelete
  4. සමහරුන්
    එන්නේ පොත් බලන්නද
    නැතොත් පොත දාන්නද

    පොත් ගොඩක් ඇත ගන්න
    මුදල් නැත එහි යන්න
    ගියොත් හෙම ඒ පැත්තේ
    කඳුළු බෑ වලකන්න

    ReplyDelete
  5. යන්නට නොහැකි යෙන්

    දුක් වී පලක් වෙත් ..

    යන උදවියට බෝ

    මා සුබ පැතුම් හිමි වෙත්

    ReplyDelete
  6. සාහිත්‍ය ට පොතට පතට එන හොදම කාලය පොත් වෙළෙන්දන් බිස්නස් එකක් කරගෙන. හොද පොත් අස්සේ බාල පොත් එමටයි.

    ReplyDelete
  7. මුලින්ම ස්තුතිය කවිමුතුමල් පාළුවට යන්න නොදී කවි පලකිරීම ගැන.සාහිත්‍ය මාසේ කිව්වොත් පොත්, පොත් කිව්වොත් ඉතින් සාහිත්‍ය මාසේ තමා.කීයක් හරි අඩුවෙන් දුන්නොත් ඕනේ කුණු ගොඩක් අරගන්න අපි අඩුවට පොතක් දුන්නොත් ගන්න මැලි වෙන්නේ නෑනේ.
    මේ පාර මම ලියපු කවි පොතක් එළි දක්වන්න හිටියේ.මේ දවස්වල වැඩ ටිකක් වැඩි නිසා ඒකත් කල් ගියා. ආ මේ පාර book fair එකට එනවනම් මම ඉන්නවා සුනෙර ප්‍රකාශන වෙළඳසැලේ ආවොත් blog ලියන අය කතා කරලා යන්න එන්න. හඳුනගන්න කැමැත්තෙන් ඉන්නේ බ්ලොග් ලියන අයව....

    ReplyDelete
    Replies
    1. සුනෙර ප්‍රකාශකයෝ- H ශාලාව 391 කුටිය

      Delete
  8. කමෙන්ටු පළ කල හැමට තුති!

    ReplyDelete
  9. ඔන්න මාත් අසංක පුතාව හමුවුණා. හරිම සතුටුයි. පොත් කීපයකුත් ගත්තා. සේරමටම වඩා ඔහු විසින් සිතුවම් කල බෑගයක් ලැබුනා. එය මට හරි වටිනවා. ලබන මස මගේ ඉන්දියා ගමනට ඒ බෑගයත් එක්කර ගන්නවා. පුතාටත් පින්. කවි පොතක් එළිදක්වනතෙක් ඔන්න මාත් බලා ඉන්නවා. ජය පතනවා! ඔයාට.

    ReplyDelete
  10. බස් රේඩියෝ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශ වු ඔබට සුභ පැතුම්...
    දිරියෙන් ඉදිරියට යමු

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................