ඔහුගේ මුහුණ කළු පාටින් දුටිමි මම
අව්වයි එයට වග කීවේ පෙර සේම
ඔහුව උවමනා වේ ලොව හැමදාම
මිනී වල කපන ඔහු නම ගුණසෝම
සැමදා දුක උරුම වු බව පෙනුණි වතේ
එනමුදු සිනා මූණක් පොරවාන සිතේ
උදළු කැති වලින් ඔහු රජ කරපු අතේ
කරගැට දුටු විටදි මටනම් දුකත් හිතේ
වට කෙස් මැද හිස්ය ඒ ටික සුදට පැහී
සුරුට්ටුව නිසා සමහර විටදි කහී
කවදා නිමවේද මිනිසුන් තවම නහී
නිවන් ලැබදෙන්න ගෞතම බුදුන් කොහී
ඔහු නම ගුණසෝම නොව නඩරාජන්ය
යුද්ධය නිසා ඔහු වැළලිය පවුල සිය
ඔහු හට දුකක් නැත දැන් සැමටම එකය
මරණය පොදුය එය අනියත දහම විය
සැමදා පාරේදි හමුවිය මෙමා හට
දත් නැති වුවද ඔහු පෑවා සිනා කට
ඔහු නැති දවස් ගෙවුණා සමහරදාට
එදිනට තවත් මිනිසෙකු ලොව හැර දොට්ට
පුරුදු මූණ කලෙකින් දුටුවේ නැතිය
අනුනගේ වළ කපන්නට ඔහු මෙහි නැතිය
ඔහුගේ වළ කැපුවේ කවුරුද ලොව සිටිය
අළුත් මුහුණකිනි එය සැරසී සිටිය
හොඳයි හොඳයි
ReplyDeleteපුරුදු මූණ කලෙකින් දුටුවේ නැතිය
ReplyDeleteඅනුනගේ වළ කපන්නට ඔහු මෙහි නැතිය
ඔහුගේ වළ කැපුවේ කවුරුද ලොව සිටිය
අළුත් මුහුණකිනි එය සැරසී සිටිය
මේකට තමා මම ආසම!!
අනිත්‍ය බව ගැන නේද ලස්සනයි කවිය
ReplyDelete