("මකරන්ද" යෙහි පළ කළ කවි පන්තියකි.
අසංක ආසිරි ගේ ඉල්ලීම පරිදි මෙහි නැවත පළ කළෙමි.)
එකමත් එක ගම් පොඩියක - හේනක් කුඹුරක් වවාන
බත බුලතින් සරුසාරෙට - උන්නා ගම රාල කෙනෙක්
කේන්දරේ
බලල තමා - ගම රාලගෙ වැඩ සේරොම
පැල
හිටුවන්නෙත් නැකතට - අස්වනු ගන්නෙත් නැකතට
දවසක්
දා කේන්දරේ - අතට අරන් බැලූ කලට
හෙනහුරු
අපලය එන බව - ගමරාලට පෙනී ගියා
බලපුලුවන්කාර
කමින් - හෙනහුරු මහ ඉහළ කෙනෙක්
අපල
කරන්නට ගත්තම - නෑ කිසි වගතුවක් ඉතින්
"අනේ ඉතින් හේන් කුඹුරු -
කරල මොටද මේ කාලෙට"
ගමරාලත්
හිතේ දුකින් - ඔහෙ ඉන්නව පසු තැවෙමින්
අනේ
අනිච්චං කියාන - අතක් කම්මුලේ තියාන
පිල් කණ්ඩියෙ වාඩි
වෙලා - ගමරාලගෙ දවස
ගෙවේ
දිනක්
මෙහෙම ඉන්න කලට - කැලේ හිටිය නරි නයිදේ
ගමරාලගෙ
පැල පැත්තේ - කුකුල් දඩයමේ ආවේ
"වෙනද වගේ නෙමෙයි ගමය -
හරිම හිතේ දුකින් වගේ
මොකදෑ
මේ ඉන්න විදිහ - ගම හාමිනෙ මැරිල වත්ද?"
මෙහෙම
හිතපු නරි නයිදේ - හෙමින් ඇවිත් රාල ලඟට
අකම්පාල
වෙලා ඉන්ඩ - හේතු කාරනා ඇහුවා
"නරි රාලේ මේ කාලේ - මට මහ
අපලයි වාගේ
කේන්දරේ
බලපුවාම - හෙනහුරු නොවැ උඩ ඉන්නේ
හෙනහුරු
අපලය ආවම - කිසිම වැඩක් හරි යන්නෑ
ගොවිතැන්
බත් හේන් කුඹුරු - කළාට කිසි
වගකුත් නෑ"
මේක
අහපු නරි නයිදෙට - කට කොනකින් හිනා ගියා
"අනේ මෙහෙම මෝඩ ගමයො -
ඉන්නව නොවැ මේ කාලෙත්"
"රාලේ දුක් වෙන්න එපා -
ඉන්නා විට නරි නයිදේ
ඔය
අපලෙන් බේරෙන්නට - දන්නව මං කලයුතු දේ"
"ඒ මොනවැයි නරි රාලේ -
මන්තරයක් වත්ද බොලේ
අනේ මටත්
කියා දියන් - අපලෙන් ගැලවෙන කරමේ"
"රාලේ උඹ මේ අහපන් - මං
කියනා ලෙස කරපන්
බකන්නිලන්
ඉන්නෙ නැතුව - කුඹුරු කොටන්නට පලයන්"
ගමරාලත්, කිව්ව
ලෙසට - උදැල්ලකුත් අරන් කරට
කුඹුරට
බැහැලා ආයෙත් - කුඹුරු කොටන්නට ගත්තේ
ආකාසේ
ඈත ඉඳන් - බලන් උන්නු හෙනහුරාට
ගමරාලත්
උදලු අරන් - කුඹුරු කොටන හැටි පෙනුනේ
"මෙන්න
බොලේ මේ ගමයා - හෙනහුරු අපලය නොතකා
කුඹුරු කොටන්නට අරගෙන - හිටුකො උඹට කරවන්නට"
හෙනහුරාට පෙනුණු විගස - වහාම නියඟය එව්වා
නරි නයිදෙත් දුවගෙන විත් - ගමයට මේ ලෙස කිව්වා
"රාලේ
දැන් ඉතින් ගිහින් - හේනක් කොටලා හිටහන්"
ගමයත් කැත්තක් අරගෙන - හේන් කොටන්නට ගත්තේ
කැලෑ කොටා එළි කරලා - ගිනි ගහන්න හදනකොටම
හෙනහුරාට මෙය පෙනිලා - මහ වැස්සක් ඇති කෙරුවේ
වැස්සෙම නරියත් ඇවිදින් - රාළට මේ ලෙස කීවේ
"ආයෙත්
කුඹුරට බැහැපන් - හේන දැනට අතහැරපන්"
නරි නයිදෙගෙ අණ අහලා - රාලත් කුඹුරට බැස්සා
මී ගොන් නගුලේ බැඳගෙන - කුඹුර හාන්නට ගත්තා
හාගෙන හාගෙන යනකොට - හෙනහුරාත් මෙය දැක්කා
හෙනහුරු අපලය විලසට - ආයෙත් නියඟය එව්වා
නරියත් දුවගෙන ආවා - රාළට උපදෙස් දුන්නා
සුද්දකරපු හේන ගිහින් - කොටන්න ගන්නට කිව්වා
හේන කොටා වැට බැඳලා - කුරහන් ටික අතට අරන්
පැල කරන්න හදනකොටම - හෙනහුරු අපලය එව්වා
ආපහු වැහි වහින කලට - රාලත් කුඹුරට බැස්සා
පෝරු ගාල වී ඉහලා - කුඹුරේ වැඩ කර ගත්තා
ඔය විදිහට විඩින් විඩේ - හෙනහුරු අපලය එවනව
ගමරාලත් සුදුසු ලෙසට - ඒ අයුරින් වැඩ කරනව
කුඹුරත් සරු සාර උනා - හේනේ බෝගත් පැහුනා
හෙනහුරු අපලයෙ පිහිටෙන් - රාලගෙ කරලත් පැහුනා
එදා පටන් ගමේ රටේ - රට්ටු කියන්නට ගත්තලු
හෙනහුරාත් මහ බලවත් - නරි නයිදෙට පැරදුනාලු
කේන්දරේ විසි කරලා - සිය බුද්ධිය යොදවාලා
එයින් පස්සෙ ගමරාලත් - ජීවිත සරු කරගත්තා
ප.ලි. : සුනිල් ජයවීර ලේකඛයාණන් විසින් විජය පුවත්
පතට මේ කතාව අපූරු චිත්‍රත් සමග කවියෙන් ලියූ බව මතකයි. නමුත් ඒ කවි මගේ මතකයේ නැහැ. මුල් කතාව ඇසුරු
කරමින් කවියෙන් ලිවීමි.
මාර ආදර්ශවත් කවී පන්තියක්නේ
ReplyDeleteලස්සනම ලස්සනයි
අපූරුයි.ඇත්තටම අපූරුයි.
ReplyDeleteකලින් කියවල තිබුනා වුනත් ආයෙත් රස වින්දා . ඔය අපල ගැන මටත් තියෙන්නේ ඔය වැනි අදහසක් තමයි .
ReplyDeleteපට්ට සීන් එකක් නොවැ වෙලා තියෙන්නේ ....
ReplyDeleteඅර අපල මේ අපල කිය කියා වැඩ අතපසු කරන්නන්ට හොඳ පාඩමක්. හරිම ලස්සනයි කවි පන්ති ටික. ස්තූතියි!
ReplyDeleteකලින් අහල තිබ්බේ නෑ මතක තියාගන්න වටිනා කතාවක්..
ReplyDeleteගමරාලය නොව හපනා - හිවල් මොටා නෙව හපනා
ReplyDeleteඅනේ ඉතින් ඒ හපනට - කුකුළෙක් වත් දුන්නෙ නැතේ !
.........
මෙහෙම මෝඩ මිනිසුන් තව - කොතෙක් ඇතිද අදත් රටේ
හෙනහුරාට විතරක් නොව - හූනට වුව දෙකට නැවේ !
අම්මපා ඇත්තයි රාලේ
ReplyDeleteකෙන්දරේ මරාලේ
බැද්දට විසිකොටැ රේන්දේ.....
ගතයි සිතයි වෙහෙසවලා
වැඩකොරහං....රාලේ...................
ගමරාළත් කෙටුවා කුඹුර - නරි නයිදෙ කිව්ව ලෙසට
ReplyDeleteඒක අස්සේ හොර නරියා - වැඩක් දුන්නා කුකුළන් හට
මාගේ ඉල්ලීම අනුව - කවි ටික ඵල කරපු ඔබට
පින වගේම ස්තූතිය - මෙන්න දුන්නා අල්ල ගන්ට..
බොහෝම ලස්සනයි අයියේ හරිම සුන්දර අදහසක්.. දිගටම ලියන්න. කවිමුතුමල් වලටම නිර්මාණ සකසන්න. මේක මගේ පමණක් නෙමේ කවි ලියන හැමෝගෙම..ස්තූතියි.
නරියා තමා නරියා හික්ස්
ReplyDeleteඅපූරුයි යාළු...:)
ReplyDelete