කටොර පරිසරයෙන්
මිදුණු මොහොතේ
යකඩ කටවල්
අතර හිඳ
නැරඹුවෙමි ''ස''
ඇසුවෙමි විදුවෙමි ''ස''
වේදිකාව පිටුපස
සුමිහිරිය පරිසරය....
හඬ තවම එලෙසමය
නැවත නැවත
විදින්නෙමි මා....
''ස''
සුමිහිරිය ස රි ග ම ය
පැරණීය තවම එය
විඳින්නෙමි මා
''ස''
ජීවිතේ එක්වරක් හෝ විඳිය යුතු ප්‍රසංගයකි
''ස'' මමද වින්දෙමි. අවසනද ළඟ ළඟය. ඉක්මණින් විඳින්න. යන්න.
වටිනා දේවල් කෙදිනකවත් පරණ වෙන්නේ නැහැ
ReplyDeleteඒකනම් ඇත්ත. පටන් ගත් වෙලේ ඉඳන් අවසන් වෙනකම්ම මාර ජවයකින් ගීත ගයන්නට වික්ටර් රත්නායකයන්ට තාමත් හැකියාව තිබෙන බව දැක්කම හිතේ ඇතිවන සතුට.. තව චිරාත් කාලයක් ගයන්නට වයන්නට දීඝායු...
Deleteඒ උනට දැන් වික්ටර්ට වයසයි..එයා ඉන්නකල් එයාගෙ සිංදු පුතාලට කියන්න ලැබෙන එකක් නෑ...
ReplyDelete'ස' හදවතින්ම වින්දෙමි.
ReplyDeleteවැඩිම වාර ගණනක්මම දුටු , වින්ද, ප්‍රසංගයකි "ස" මගේ මතකය හැටියට ඒ ප්‍රසංග වාර 50 ත් ඉක්මවලා.
ReplyDeleteඒත් ජූලි මාසේ මේ ප්‍රසංගය නිමාවට පත්වෙන බව දැනටමත් ප්‍රකාශකරල හමාරයි අවසන් ප්‍රසංග වාර 03 ජූලි 18,19,සහ 20 කොළඹ දී පැවැත්වෙනවා.
කර්ණාඨක මයික්‍රොෆෝන???????
ReplyDeleteඇත්තටම ලොකු වැරදීමක් මට වෙලා තියෙන්නේ. ස්තූතියි සොයුරිය පෙන්නුවට. මම ටිකක් වෙනස් කළා ඒක..
Deleteගායකයින්ගේ කටහඬවල් අතරින් සුපිරිම කටහඬක් තියන මම ආසම කරන ගායකයෙක්. "ස" අසන්නට, දකින්නට, විඳින්නට, යන්න සිතෙයි.
ReplyDeleteඅපිටත් ගිය මාසෙ 'ස' බලන්න යන්න ලැබුන . නෙළුම් විලේ පවත්වපු ප්‍රසංගයට. කලින් 'ස' බැලුවෙ 1978 -79 විතර මම අනුලාවෙ ඉගෙනගන්න කාලෙ. කොච්චර කාලෙකට පස්සෙ ද? වික්ටර් අයිය වගේම අපිත් දැන් වයසට ගිහින්. ඒ උනාට තාම හරිම සුන්දරයි ඒ ප්‍රසංගය. නිරංජලා වෙනුවට අලුත් ගායිකාවක් වන සමරදිවාකර මෙනෙවිය ගයපු මීන නුවන් යුගින් බලන් මීනා........ හරිම සුන්දරයි. ස්තූතියි සටහනට.
ReplyDeleteමාත් අහලා තිබුණට ස ප්‍රසංගය බලලා නැහැ. ජුලි 7 වෙනිදා ගාල්ලේ අවසන් වරට පැවැත්වෙනවා. දැන් ම ප්‍රවේශ පත්‍ර වෙන කරලයි තියෙන්නේ! බලමුකෝ!!
ReplyDeleteඅනිවාර්යයෙන් යන්න.ජූලි 7 වෙනිදට පස්සෙත් පැවැත්වෙනවා. මොකද අවසන් වරට පැවැත්වෙන්නේ කොළඹ. 18 19 20 කියන දවස් තුනේ මහරගම යොවුන් රඟහලේ, ලුම්බිණි රඟහලේ සහ නෙළුම් පොකුණ කියන ස්ථාන වල...
Delete