නැග එන ඇසල සඳ
ඉමිහිරි කවිරසය විඳ
මේ කවි ලියන ලද
ජූනි තිස්වනදාය දින අද
නව රස පිරේ වා
අදහස් සඵල වේවා
කවි මුතු දිනේවා
පිපෙන සුව`දැති මල්ම වේවා
ආරාධනා ලැබුණා
කවක් ලියනට හිතුණා
අලසකම මැකුණා
පුංචි කවි පද මෙන්න ගෙතුණා
සයිබරයෙ වෙසුමට
නවමු දැකුමන් ලැබුමට
බ්ලොග් කවී ගෙතීමට
සිතක් සිතිලා මෙන්න අද මට
කවි පද ලියන්නම්
කවි මුතු මල් බලන්නම්
අඩවියේ ඉන්නම්
හැකි සෑම විට සැරිසරන්නම්
බ්ලොග් අඩවියෙන් දෙන
අමුතුය අමුතු දේ වෙන
මුතු ඇට ඇමුණූ මෙන
එකතුවේවා අඩවියට ජන
ඔබේ ආරාධනා ලැබ අඩවිය ගැන සිතුවේ
තනුජා අයගමයි මේ පදවැල් ගෙතුවේ
ඔබේ කෙටි කවි වෙත
ReplyDeleteඇදුනි විගසින් මානෙත
දිගට කියවන්න
Deleteඑවිට හැකි වෙයි හඳුනගන්න
අම්ම, පා..... ඇත්තට
ReplyDeleteපංකාදුය ඔබේ කවිපද
ගෙතුනොත් තවත් එලේසට
බ්ලොග් ලොව වෙතේ තව රස......
සංවේදනා හඳුනා කවි පද ගොතමු
Deleteකවිරස නොමැකෙනා බව හැම විට සිතමු
ආරාධනාව පිළිගෙන කවිමුතුමල් වෙත පැමිණි ඔබව පිළිගන්නේ හිත පිරුණු සන්තෝශයෙන්..ඊටත් වඩා සතුටු විය යුත්තේ ඔබ වැනි විශිෂ්ඨ ලේඛිකාවක් අප හා සම්බන්ධ වීමයි.මේ වන විටත් ළමා පොත් කිහිපයක්ම ඵල වීම ඔබේ ඒ හැකියාව නියමාකාරයෙන් කියා පානවා.මේ වන විටත් අප සතු සුවිශේෂි කවි කිවිඳියන් අතරේ තවත් වෙනස්ම විදියට කවි ලිවීමට ඔබට හැකි වේවා..ජය
ReplyDeleteකොතරම් ලීවත් මමත් කවිපද
ReplyDeleteඇසවෙත ගැටුනොත් නැවතී බලමි කවිපද
ආවා දැකගන්න නුඹගේ කවිපද
ආයෙ ආයෙමත් එනවා බලන්න කවිපද
මමත් අදමයි මේ පැත්තෙ ආවෙ..ආයෙමත් එන්නම්කෝ..මම ලියපු කවිය නම් ලස්සන නෑ.
බ්ලොගයට ආවෙමි
ReplyDeleteකවි රස වින්දෙමි
බ්ලොග් කෙරුවාවට ආසාවෙමි
ඉතිං... මමද බ්ලොග්කරුවකු වුනෙමි
මගේ කවි පද ගැලපීම් නම් එච්චර හොඳ මදි. මොකද මට කවි මුතු මලේ කවියන්ට වඩා ලස්සනට කවි ලියන්න හැකියාවක් නැති නිසා. දිගින් දිගටම කවි ලියන්න. ඔබලාට ජය පතමි.
කවිපද ටික හරිම ලස්සනයි
ReplyDeleteඑයින් මිදී යන්නට නොසිතෙයි
තවත් කවියට පෙම් බඳින්නයි
සෙනෙහසින් ආසිරි! ඔබටමයි
ස්තූතියි
Delete