Tuesday, January 31, 2017

ටාසන් මළා - විමලරත්න කුමාරගම



සිව් වසරකට  පෙර විත් මගෙ ඇසුර       බලා
මේ  වනතුරුම මගෙ තනිකම බැහැර     කළා
අද අළුයම ම උණුසුම් වෙන විටදි           වළා
පිංචිත් මාත් මරමින් ටාසන්ද                  මළා

හඟුරන්කෙතේ  පෙරහැර පැවතුණු        දාක
මා උඹ ගෙනාවේ මහ කළුවර                රෑක
මා පමණක් ම දුටු ඉඩකඩ ඇති            ගේක
උඹ මා සෙවූ සැටි මට වැටහෙන          දේක

රෑ සුළඟිල්ල උරමින් නිදි වැදුණු           ඇඳේ
මගෙ කට, නහය ලෙවකෑවෙහි නැගිට  උදේ
උඹ ගැන මතක නො නැවත හදවතට  ඇදේ
මගෙ හිස ඇසද පපුවද එක විලස          රිදේ

පිටිසර ලියන් දිය සැනහෙන තැනට     පැන
දිව ආවෙහිය තනපට හෝ හවරි         ගෙන
උන් උඹ අඹා ආවිට හුරතලට              බැන
උඹ දත්තහෙිය මා නැවතී සිටිය           තැන

දිව දිව පෙරළි පෙරළී උඩ පැනපු         හැටි
ගස් දිග යන්ට ඉගිලෙන්නට හැදුව       හැටි
පූසි සමඟ උඹ සෙල්ලම් කරපු             හැටි
මා උඹ මෙන්ම මියයෙන තුරු මතක    හිටී

දරු සයදෙනෙකුගේ පියෙකුව මළද      උඹ
මම ‘‘නිදරුවී“ වැඩුවෙමි උඹ නිතර      සිඹ
මීයන් අඹා දොළ බජ ගල් තුළට           පිඹ
උඹ යළි එතිද පීරා මඩ වතුර             ගොබ

සන් දෙන වෙණක් සේ සිහිපස හඳ     පානේ
දුන් නෙහි  උඹත් මට හුදු සෙනෙහස   දානේ
දැන් මට දැනෙන්නේ හැබැහින් හෝ   සීනේ
රන් කිරියා මල් සුවඳයි උඹෙ              මූනේ

මියගිය පසුව උඹ ඉවකර යුතුව             සෙනේ
පිංචි කිමද මා ළඟටම තුරුළු                   වුණේ
ඇය හට දැනුදු තනිවූ බව හොඳට            දැනේ
මට අද උඹෙන් මුළු ලොව එක තැනක පෙනේ

මහ කළුවරක් බිහිවිය හැක උදා             සනින්
මළ බෙර හඬක් සැනසුමකට යොදා       ගනින්
ටාසන් මළා මගෙ පාළඟ නිදා               ගනින්
මා මෙන් උඹත් පිංචි හිත හදා                ගනින්


දේදුන්න - 1951-  විමලරත්න කුමාරගම

Friday, January 27, 2017

තවුසාට වූ හදිය - පී.බී.අල්විස් පෙරේරා















දැහැනින් නැගුණු තවුසා දැක කුටිය       ළඟ 
මගියෝ කියෙහි යුතු වෙසෙසින් යුතුව    දිග 
සාමිනි අපට යා යුතු තව බොහොම        මඟ 
දෙනු මැන රැයක් ඉන්නට පන්සලෙහි   ලැග

අතහැර මිනිස් වාසය නිදහස              පැතුව 
මම මෙහි සිටින්නෙමි සිත සොම්නස   යුතුව 
මට ඉඳ පුරුද්දක් නැහැ කරදර            ඇතුව 
දෙන්නේ නවාතැන් කොහොමද ඉඩ  නැතුව 

ගොළුවන් වගේ කරබා මුල්ලකට      වෙලා 
ඉන්නට හැකිය සුසුමක්වත් වැඩිය    නොලා 
අපි මොන තරම් සංවර වෙන්නෙමුද     බලා 
ඉඩ දෙනු මැනවි කී විට ඒ නඩෙහි        මුලා 

තවුසා කුටිය එක මුල්ලක ඉඩ        දුන්නේ 
පිම්බා ලෙසින් මීයට නිහඩව         උන්නේ 
පැයකට පමණ පසු කවුරුත්  කොදුරන්නේ 
ඇතමුන් තව්සගේ ඵලවැල ටික     කන්නේ 

බණ බාවනාවට කරදර ඇතිඳු             ඉතා 
තවුසා සිටියි මුල්ලක එරමිණිය       ගොතා 
මගියෝ ලැබුණු නිදහස තව දුරට        පතා 
තුන් මුල්ල්ක්ම අත් කරගෙන කරති   කතා 

මගියෝ සිටිති දැන් කුටියෙහි සියළු   තැන 
කතිකා කරති වියහියදම් ගමන්          ගැන 
මුව සම පවා තව්සා සතු පැහැර        ගෙන 
ඔහු රෑ තැවෙන හැට් කුටියෙන් පිටට  පැන 

තවුසගෙ තව්ස් පිරිකර ටිකවත්    නැත්තේ 
කෙණ්ඩිය පත්කඩය මිදුලේ එළි    පත්තේ 
අදුරේ මහා කලබල ගතියක්         ඇත්තේ 
ඒ මදිවාට කවුදෝ ගුටි කෙළ        ගත්තේ

මැසි මදුරුවන්ගේ විස දළ තුඩු         පාවා 
තවුසා සීතලේ රෑ සට සට                ගෑවා 
මගියෝ ගියහ තවුසා කුටියට           ආවා 
තිබුණා මිනී තුන හතරක් එහි           බාවා 

පී.බී. අල්විස් පෙරේරා



Wednesday, January 25, 2017

වැස්ස - එච්.එම්.කුඩලිගම


















ගැබිනියකගේ තනපුඩුවල පැහැය         උරා
පාවෙන වළාකුළු පවතියි, අහස            පුරා
මිටියාවතේ මීදුමු ගොබ දෙපළු             ඉරා
ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි         කරා

අහසේ වලාකුළු හා තරගයෙක              යෙදී
තොටියා ඔරුව ආපසු තොටුපලට           පදී
දියවල බිදී දෙන රාවය දෙකට             බෙදී
හබලේ ගැඹුරු හඩ සමග ම ගොඩට       වදී

පදමට වෙරළු මිණිකැට සුනු විසුළ        හැඩ 
ජෝතිය ලැගුම් ගත් ළා තණපිටිය          උඩ
නැහැ පුඩු මහත් කොට මී ගොන් මුළුව නැඩ
කිමිදෙති නැවුම් පුස්බෙහි වෙල් කුඹුරු    බඩ

ඇළ දොළ ගලා බස්වන්නට ඉවුරු         කඩා
ගොඩබිම නිවා සනහන්නට සියලු          විඩා
ගන වැහි වළා ඉගිළි එන විට දී              අඩා
මට මහා සොම්නසක් ඇත මොනරෙකුට වඩා

වැසි බිඳු ඇද වැටී කුර ගැටෙන හඬ          දිදී
මිදුලේ රළ බැඳෙයි පෙන බුබුළු බිඳී         බිඳී
සුළගින් ගසා ගෙන එන මිහිරි බව           රැදී
සිතුවිලිවලට මුළු හදවත ම ඉඩ               මදි

වෙහෙසට පත්ව වට වැහි බිඳු පොකුරු    ගිල
දිය වල වමාරන්නා මෙනි, පියසි             තල
මිදුලේ පුංචි ගංගාවල් ගලන                  කල
පාසල් ළමුන් පාවෙති සිය සිහින             වල

නැති වළ ගොඩැලි මතුකොට ගල් කැට බේරා
පටු මාවතේ දුහුවිලි, කොළ රොඩු           සූරා
දෙපසෙහි සැදි අගල් සුළි නැගී නැගී       හාරා
පිඹුරන් සේ ඇදෙයි ගුරු පැහැ දිය           දාරා

ගස් වැල් තිගැස්සෙයි මේ කුළු ගැටෙන හඬින් 
කඳු ගැට වසා විහිදෙයි වැහි ගිලිය     ගොඩින්
නිකෙළෙස් හැගීමක් ඩැහැගත් වන ම  ගොඩින්
හදවත පියඹා යයි, වෙල් කුඹුරු           උඩින්

උපදින අළුත් කලබලයෙන් පපුව              යට
ලොව පෙම්වතුන් පෙම්වතියන් උමතු    කොට
වැටකේ අරලියා බඩවැටි අතර                 සිට
මුර ගා ගෙන ඇදෙයි හිරිකඩ සුළඟ         ගෙට

පොළොවට වැටෙන හැම වැහි බිඳුවක ම පහේ
ගැබ්වුණ සිසිල එයි, ඊතල පරිදි            මෙහේ
ළා අතු රිකිලි, රුක්ගොමු, ලියමඩුලු        ඉහේ
දැඩි වේදනාවෙන් මිරිකී හඬනු              ඇහේ

හැම වැහි වලාව ම ඉගිලීගෙන               එද්දී
මට එයි ජීවමය ගී රසයක්                    ඇද්දී
මුළු ජීවිතය සතු සිහිකටයුතු                  සිද්දී
සිදු වුන සේ හැඟෙයි මහා වැසි          පවතිද්දී

සුළගට විදුලියට ගිගිරුම් හැඩ               ගගා
ගැඹුරු ම නිසල බව පිටුතලය කොට     නඟා
රැය සීතලත් අඳුරත් සමග කුර               ගගා
සැන්දෑවට කලින් මේ ගමට විය            ළගා

ගී දේවියට කැප කල දෙවොලකට         සම
කුටියක සුවඳ දෙයි කළුවැල් කපුරු         දුම
අද නම් නුවර එලියකි මා වෙසෙන         ගම
මෙ පමණ අලස දවසක් නොදුටුවෙමි      මම



එච්.එම්.කුඩලිගම

1918 දී කළුතර කුඩලිගම නම් පිටිසර ගමේ දී එච්. එම් කුඩලිගම මහතා උපත ලැබීය. මොහු කොළඹ යුගයේ කවියෙකි. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපන ලැබූ කුඩලිගම මහතා පසුව රජවත්තේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙහි නිරතව සිටියේය. සොළොස් හැවිරිදි වියේදීම පද්‍ය රචනාවට බට කුඩලිගම මහතා එතැන්සිට විවිධ පුවත් පත් හා සඟරා වලට රචනා සැපයීය.

ඔහුගේ නිර්මාණ අතර "ඈ", "කුණාටුව", "සිරිමලී" යන කාව්‍ය නිර්මාණ තුන වේ. ඉන් වඩාත්ම ජනප්‍රිය වූයේ "ඈ" නැමති කෘතියයි. කළුගඟ, මුහුද වැනි ස්වභාව සෞන්දර්යාත්මක වස්තු ඔහුගේ නිර්මාණවලට පාදක වී ඇත. කිසියම් සිද්ධියක් ඉතා ශූර ලෙස ගොඩ නගමින්වුත් අවසානයේ ඉතා වක්‍රාකාරයෙන් හෙළි කොට සහෘදයා තුළ දැඩි කම්පනයක් ඇති කොට අපූරු වින්දනයක් ජනිත කිරීමෙහි ලා කුඩලිගම සමත්ය.  කපිල සෙනෙවිරත්න මහතා සමඟ එක්ව "සුවඳ" නැමති කවි සඟරාව අරඹා පවත්වාගෙන ගියේය. කපිල සෙනෙවිරත්න මහතාගේ අභාවයෙන් පසුවද එය කුඩලිගම මහතා විසින් පවත්වාගෙන ගියේය. මෙතුමා කලක් ලේක්හවුස් ආයතනයේ සේවයෙහිද යෙදී සිටියේය.1983 ගොතටුවේදී කුඩලිගම මහතා අභාවප්‍රාප්ත විය.

Tuesday, January 24, 2017

ගම්පති වලව්ව


බිත්තිය පුරාවට බැඳිලා ඇති            සෙවලයි
පොතුද ගැළවිලා ඇත එහි වී               අපලයි
අං තට්ටුව පුරා රජයන මකුළු               දැලයි
හිත තුළ ඇති කරන මූසල බව           සසලයි

මැද මහ හිලක් ඇති කළ වේවැල්       පුටුවේ
ඉස්සර මතක පෙළ ඒ අතරිනි             දුටුවේ
කනප්පුවට බර දුන් පත්තර                පිටුවේ
එළියක් හෙම නොවේ මේ කිසිවක්     දුටුවේ

මුළු ගේ විවර කළ දොර පළු දෙක        අතර
තවමත් තෙත බරිත වී බේරෙයි            වතුර
රට උළු හිඩැසකින් එළියක් නොම      කවර
ආවත් එළිය සඟවාලයි අතු                  පතර

මිදුල පුරා විසිරුණු කොළරොඩු        අස්සේ
පිලිකන්නේ වළං අතුරපු ලී             මැස්සේ
අව්වක් පෑයුවත් පැය ගාණක්           තිස්සේ
වියැලෙන්නට කලින් වැස්සා මහ    වැස්සේ

මහ ජන ගඟක් විය කලකට පෙර        දවස
ඕනෙම පැනයකට පිළිතුරු දුන්          පවස
අද දින නොමැතිමුත් මිනිසුන්ගේ       පහස
වෙනකක් නොවේ ආරච්චිගේ මහ     නිවස

වැට කැඩුවොතින් හරකා අල්ලපු         ගෙදර
හොරකම් කළොත් අනුනගේ බඩුවක්    කවර
ලිඳ ලඟ මඟ තොටේ ඇතිවන            අඩදබර
මොහොතින් විසඳුවා පැන, කිසිවෙකු නොමර

ඇඟිලි තුඩුවලින් කරකන උඩු            රැවුල
බර කල්පනාවකදී රැළිගත්                නළල
උපැස් යුවල ඉහළින් තිබු ඇස්            යුගල
මේ හැම එක්කළා තේජස් බව           ධවල

කලකට කලින් මුළු ගම කඳුලින්        පුරවා
ගම්පති ගියා මේ හැම අසරණ           කරවා
මිනිසුන් සතුන් හැමටම ආදරෙ      කෙරුවා
බෝසත් වෙන්න කියමින් පෙරුමන්  පිරුවා

ගොඩ කාලෙකට පස්සේ ආයෙත් කවි හිත එළියට එනවා... හිරවෙල ඉඳලා කවි හිතටත් ඇතිවෙලා. හැබැයි තවමත් කාලයත් එක්ක සටනක...

Wednesday, November 23, 2016

හිස් අහස



එලා මුදු තණ  පලස
වැතිර ඒ මත නිසල
යොමා නෙත අහස
බලමි කොහිද ඔබ


ඈත සොදුරු ඉසව්වක
ඇවිද යන රාත්‍රියක
නිසල වන පියසක
අප දෙදෙන තනියම


කියනු බැරි කතාවක
ඇරඹුමක් නොතියාම
නිමාවක් දකින්න ද
අපේ හද පතුල සිඹ


ගීයකින් හිත දවන
නිමේශය නිසසලව
රෝස පෙති අතර
වැතිර හිදී සෝබරව

Friday, October 14, 2016

හැල්මේ දුවන



පෙළකට එකම
හා හූවක් නැතිව
දිව එන....
ඇයි මෙතරම්ම
කඩිසර...
කිටි කිටියේ
පොර බදන
රතු ඉර වදින්නට  පෙර
අත්සම යොදන්නට
දේවකාරියට වඩා උතුම්
රාජකාරිය
නිදි කිරන
නොනැවති
වැඩ කරන
සෝපානයෙත් දුවන

AC සීතලේ ගල් ගැහුණ
හදවත්ද
එකම පුටුවට බර දී
එකතැන වයසට යන.....
ආයේ ආයෙම
හවස් වෙද්දී හැල්මේ දුවන
රජයේ සේවක..


සෙත්සිරිපායේ සිට ලියමි.

Tuesday, May 31, 2016

බිම වට මලක පෙති මත .....







මම සිහිනයෙන් ඇවිදිමි
පරණ මාවත් දිගේ
රොබරෝසියා ගස් යට
වැටි ඇත ..
ඔබගේ නොකී ආලය
මෘදු සුමුදු මල් පෙති මත
ලියා කවි ලෙස
තවමත් පර නොවුණු
ඔබගේ යොවුන් ආලය
ඒ ගස් යටින්
කලබලෙන් දිව ගිය
නොසන්සුන් යුවතිය
මම ..
ආපසු සෙමින් ඒ මග
ඇවිදිමි රිදුණු දෙපයින්
බිදුණු සිත මත අලවමි
අහුලා ඔබෙ පරණ කවි
හදවතේ රිදී සිරුණු
ලේ ගලන තැන් වසමින්


.....නිතර කවියෙන් හැඩවුන පාළුවට ගොස් ඇති කවිමුතු  මල් මතක් වුනා ....

Sunday, July 26, 2015

රුචිය

කියනවා සමහරු
අඹයක්ලු ආද‍රේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....
කියනවා සමහරු
ටොපියක්ලු ආදරේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....

ආදරේ රස
නිමාවෙනවද
ඉක්මණට එච්චර....

හිතෙන්නැද්ද
නිකමටවත්..

ආදරේ කොත්තුවක්....
දවස් ගාණක්
බඩ රිදෙන...

ආදරේ කොච්චි කරලක්...
ඉහිං කනිං
දුම් දමන......

Saturday, March 28, 2015

කඳුලක දැවටුන නොමියන සෙනෙහස!




පෙනෙන දුරක හිටියත් ලඟින් ඉන්න වරම් නැති
සුවඳ දැනෙනා ලඟක සිට සිඹින්නට වරම් නැති
පහසක ලඟ සිටියත් දැවටෙන්න වරම් නැති
වදනක් දොඩනට බැරිව  වැට මායිම් දමා ඇති

සඳ ඇවිත් ලඟටම නිල් අහස තව දුර නැතී
සිප ගන්න නොයිඳුලෙන් ඔය මුහුණ මට බැරී
ලබා ගන්න නම් ඉතින් ඔය දෑත දැන් බැරී
දරන්නේ සියලු දුක් කල සසර  පින්  මදී

මැවු සිහින ආදරෙන් ලඟ ඉන්න දැවටි ලා 
බොඳවෙලා ගිහින් මා මෙහි තනිකර දා
ගිය මග තොටේ මල් කැකුළු පරවෙ ලා
පිපෙන්නේ කවදා ද කියන් මට ලං වෙ ලා

හදේ රැඳුන සෙනෙහස කොතරම්  දැයි කියනු බැරී
දුර සසර පුරා ආවත් මෙ ලෙස අප දෙදෙනා බැඳී
රහසේ බැඳි ආදරේ  ගිලිහිලා නෙත් අගට කඳුළු  දී
කඳුළු ගඟක් ගලා ඇවිත් සරයි  මහ සාගරේ  රැළී


Saturday, March 21, 2015

දියණියක වෙතින්




මේ තරම් දුක් කඳක් ඉහිළුව නෙතක් අද ඇත වියලිලා
හැම දරුවෙක් තුලම නිදන් කල ආදරය ඇත ගිලිහිලා
නිදයි නුබ සුවෙන් දෙන තුල කුමරියක සේ  වැතිරිලා
අම්මේ නුබෙ පා පියුම් නමදිමි මම උනු කඳුළු සලා

දරු සිව් දෙනෙකුට මව වුණි සසර බැමි ලෙස පෙර බවේ
තවත් දරු කැලකටම මව් වුණි සෙනෙහසම දී මේ බවේ
කියන්නට නම් එමට දේ ඇත නෙතේ කඳුලක් වී තිබේ
ඔබ නිදන දෙස බලා සුසුම්ලමි යලිත් හමුවෙන තුරු බවේ

වියෝවුන පසුව හිමියන් සියලු දරු බර හිසින් දරා
දුකක් නොමදී සැදූ දරුවන් රැක බලා ගති ඔබ සදා
දෙ ඇස් පාදා යහමග කියාදී සියලු දෙන රැක ගෙන සදා
කල මෙහෙය ලියනට මදි මෙලෙස ම'සිත් අහස පුරා

දෝත ගෙන ඔබේ දෑතට ආදරෙන් මා හා දෙඩූ
නිතර දුක සැප සොයා බලමින් මවක ලෙස මා හැදූ
සොයුරියක ලෙස එක්ව ආ මග අපට සෙනෙහස බෙදූ
සොයුරියගෙ මව උනි අද නුඹ මා ගෙ මව නම් නොම වූ

සිනාවෙන් පිරි ඔබේ මුව අග මන්දහාසය පුරවලා
අනූවිය පිරි කෙසඟ සිරුරත අනිත්‍ය මට පෙන්වලා
සැමගේම ආදරය හැරදා ඔබ ගිහින් අ  තනිවෙලා
නිවන් පතමි අම්මේ සෙනෙහෙන් නුඹට  ලංවෙලා