මේ තරම් දුක් කඳක් ඉහිළුව නෙතක් අද ඇත වියලිලා
හැම දරුවෙක් තුලම නිදන් කල ආදරය ඇත ගිලිහිලා
නිදයි නුබ සුවෙන් දෙන තුල කුමරියක සේ වැතිරිලා
අම්මේ නුබෙ පා පියුම් නමදිමි මම උනු කඳුළු සලා
දරු සිව් දෙනෙකුට මව වුණි සසර බැමි ලෙස පෙර බවේ
තවත් දරු කැලකටම මව් වුණි සෙනෙහසම දී මේ බවේ
කියන්නට නම් එමට දේ ඇත නෙතේ කඳුලක් වී තිබේ
ඔබ නිදන දෙස බලා සුසුම්ලමි යලිත් හමුවෙන තුරු බවේ
වියෝවුන පසුව හිමියන් සියලු දරු බර හිසින් දරා
දුකක් නොමදී සැදූ දරුවන් රැක බලා ගති ඔබ සදා
දෙ ඇස් පාදා යහමග කියාදී සියලු දෙන රැක ගෙන සදා
කල මෙහෙය ලියනට මදි මෙලෙස ම'සිත් අහස පුරා
දෝත ගෙන ඔබේ දෑතට ආදරෙන් මා හා දෙඩූ
නිතර දුක සැප සොයා බලමින් මවක ලෙස මා හැදූ
සොයුරියක ලෙස එක්ව ආ මග අපට සෙනෙහස බෙදූ
සොයුරියගෙ මව උනි අද නුඹ මා ගෙ මව නම් නොම වූ
සිනාවෙන් පිරි ඔබේ මුව අග මන්දහාසය පුරවලා
අනූවිය පිරි කෙසඟ සිරුරත අනිත්‍ය මට පෙන්වලා
සැමගේම ආදරය හැරදා ඔබ ගිහින් අප තනිවෙලා
නිවන් පතමි අම්මේ සෙනෙහෙන් නුඹට ලංවෙලා
නිවනට යාවි අම්මල පින් කර ඇති හන්දා..
ReplyDeleteඅනේ ඔව් දේශා. අම්මා නම් පින් කදක්. හරියට පින් කරගත්තා, ඒ වාගෙම හරියට දයාව , කරුණාව දන් දුන්නා පවුලට විතරක් නෙවෙයි, තව අයටත්.
Deleteඅක්කේ, හරිම ආදරණීය පද පෙලක්. අම්මලා ලෝකෙටම ආදරය බෙදනවා. දරුවො හදනවා. හැම දරුවෙක්ටම ආදරය දන් දෙනවා සහතිකෙන්ම.
ReplyDeleteබොහොම ස්තූතියි නංගි. විශේෂයෙන්ම සංවේදී හිතක් තිබුණා ඇයට.
ReplyDeleteදියණියකගේ හදවත. ඇය කෙබඳු කෙනෙක්දැයි සිතා ගන්න පුළුවන් දියණිය දෙස බලා
ReplyDeleteස්තූතියි! නංගි. මගෙ ජීවිතේ බොහොම සංවේදී වුන අවස්ථාවක්. කිසිවෙකුටත් නොදැනී මම විදෙව්වා. ජීවිතේ කවදා හරි මේ මොහොතට අපිට මුහුණ දෙන්න වෙන බව දැන ගෙනත් ඒ මොහොතේ හරියට දුක් වුණා. එහෙම තමා. ඒ, ඒ අම්මාගෙ ආදරය නිසාමයි. සසරේ හමුවූ තවත් මෑණියන් වහන්සේ කෙනෙක් තමා. ස්තූතියි ආයෙත් සංවේදීව ඒ බව තේරුම් ගත්තාට.
ReplyDelete