උදේ වේල නැත අප කන්නේ බඩට
දහවල උදෑසන දෙක කන්නේ එකට
වෙනකක් නොවෙනු ඇත ඒ දුප්පත් කමට
මේ දුක කියන්නේ කොහොමද අම්මාට
Friday, July 25, 2014
Wednesday, February 12, 2014
Sunday, February 2, 2014
ලීස්තර වැට
පඩි පෙළින් උඩඟු කළ මහ ගෙදර ආලින්දෙ
ලී කුලුණු යා කරන ලීස්තර වැට මැදින්
නෙත් හෙළමි අදත් මම කුඩා දරුවෙකු ලෙසින්
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය වෙත
මෝස්තර කැටයමින් බැබළෙනා ලී පටි ද
අලුත් බීරළු සේ ම දිළෙන සැමදා සුද ද
වට කළේ ජීවිතය බෝධි කොටුවක් ලෙසින්
සැමදේ ම මා දුටුවෙ ලීස්තර වැට මැදින්
පාන ළඟ වැඳ වැටෙන අම්මාගෙ මුව මඬල
පසුපසින් පෙළ ගැසෙන නැඟෙණියන්ගේ පිළිම
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටියෙමි තනි ව ලීස්තර වැට මැදින්
වසරකට වතාවක් පිළිසකර කර වැට ම
පාට ගෑවේ සුදට සාර්ලිස් බාස් විත්
මගේ සිත අලුත් වී ලීස්තර වැට සමඟ
අමුතු එළියක් වැටිණ එවිට මිදුලට සිතට
මා අවට ගලා ගිය ජීවිතය දෙස නිතර
සුදු ලීස්තර මැදින් බලා සිටියා මිසක
උස් පිලෙන් බිමට බැස ඒ දිවිය වෙත එළැඹ
වෙළෙන්නට ගැටෙන්නට හරස් විය මේ වැටම
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය මෙන්
මගේ සිත පුරන් වී ඇත මෙදින ශෝකයෙන්
කොළ හැලුණු මිදුල මත නගා සර සර හඬක්
පාන් පැල ළඟට යන අම්මාගේ සේයාව
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටිනෙමි අදත් ලීස්තර වැට මැදින්
ලී කුලුණු යා කරන ලීස්තර වැට මැදින්
නෙත් හෙළමි අදත් මම කුඩා දරුවෙකු ලෙසින්
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය වෙත
මෝස්තර කැටයමින් බැබළෙනා ලී පටි ද
අලුත් බීරළු සේ ම දිළෙන සැමදා සුද ද
වට කළේ ජීවිතය බෝධි කොටුවක් ලෙසින්
සැමදේ ම මා දුටුවෙ ලීස්තර වැට මැදින්
පාන ළඟ වැඳ වැටෙන අම්මාගෙ මුව මඬල
පසුපසින් පෙළ ගැසෙන නැඟෙණියන්ගේ පිළිම
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටියෙමි තනි ව ලීස්තර වැට මැදින්
වසරකට වතාවක් පිළිසකර කර වැට ම
පාට ගෑවේ සුදට සාර්ලිස් බාස් විත්
මගේ සිත අලුත් වී ලීස්තර වැට සමඟ
අමුතු එළියක් වැටිණ එවිට මිදුලට සිතට
මා අවට ගලා ගිය ජීවිතය දෙස නිතර
සුදු ලීස්තර මැදින් බලා සිටියා මිසක
උස් පිලෙන් බිමට බැස ඒ දිවිය වෙත එළැඹ
වෙළෙන්නට ගැටෙන්නට හරස් විය මේ වැටම
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය මෙන්
මගේ සිත පුරන් වී ඇත මෙදින ශෝකයෙන්
කොළ හැලුණු මිදුල මත නගා සර සර හඬක්
පාන් පැල ළඟට යන අම්මාගේ සේයාව
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටිනෙමි අදත් ලීස්තර වැට මැදින්
එරික් ඉලයප්ආරච්චි
( ආලින්දය, 1988)
Thursday, January 30, 2014
මැෂිම
ටකට ටකට
හදවත ගැහෙන හඬටත්
වඩා වේගෙන් ...
හිතේ දුකට නෑ කඳුළු
කයි කියා මළකඩ
ඉදිකට්ට
වෙලාවක් කලාවක් නෑ
ටකට ටකට
ලබන මාසෙත් ළඟයි
ළමයින්ගේ පංතියට
අම්මාගේ සොහොන් කොත
නෑ තාම බැන්දේ මම
ටකට ටකට
හදවත ගැහෙන හඬටත්
වඩා වේගෙන් ...
හිතේ දුකට නෑ කඳුළු
කයි කියා මළකඩ
ඉදිකට්ට
වෙලාවක් කලාවක් නෑ
ටකට ටකට
ලබන මාසෙත් ළඟයි
ළමයින්ගේ පංතියට
අම්මාගේ සොහොන් කොත
නෑ තාම බැන්දේ මම
ටකට ටකට
Wednesday, October 16, 2013
දිනක් ඒවිද යලිත් පෙම් සුවය විඳින්නට.....
.jpg)
වියලුණු දෙතොල් මත
තෙතමනක් රඳන්නට
තෙත් වූ නෙත් කෙවෙනි
වියැලිව හරින්නට
ඉරි තැලුණු බිමි කඩට
සිහින් වැහි වසින්නට
ඇළ දොළද ගං පිරි
ඉතිරිලා ගලන්නට
නොපිපි මල් කැකුලුවල
පිපි සුවඳ රඳන්නට
ඉපල් වුණු අතු රිකිලි
කොළ මලින් පිරෙන්නට
නොපිරි කුස පොත්තමත
බත් ඇටක් පිරෙන්නට
සෙනෙහසක් අවැසි විට
සෙනෙහෙසක් පුරන්නට
සැඩ සුළං හමාගොස්
මද පවනෙ නටන්නට
දිනක් ඒවිද යලිත්
පෙම් සුවය විඳින්නට.....
Monday, August 19, 2013
මල තලා රොන් ගනී මී මැසි

නිසල දියමත නැගෙන පෙණ පිඩු
සුළං රැළි වැද නටයි වැටි වැටි
නැගෙන බිඳෙනා රලෙහි හැපි හැපි
ඉරුගෙ රැස් යයි එතී දියඹෙහි
සිනා සරකින් නැගෙන මදහස
දෙතොල්පෙති මත රඟයි දිලි දිලි
දෙකම්මුල් මත සැදෙන සුළියක
නොකී රහසක් වීය බිඳි බිඳ
පාට මලකට ඇදෙන මී මැසි
කැලත විත් රඟ දෙමින් ඉගිලෙති
මලේ ඇති රොන් ටිකෙන් ටික ගෙන
මල තලා රොන් ගනී මී මැසි
Saturday, August 10, 2013
එයින් විසිතුරු නුඹේ වතනම් ඇත්තටම මනරම්
හිස් අහස් කුස වළාකුළු ගෙන නුඹේ ගතවට දවටමි
දුහුල් සළුවක් වගේ ඔතමින් ගතට ලස්සන ගෙනඑමි
දිදුල තරු කැට පොකුරු අතරින් එළිය ඇති තරු ගන්නෙමි
එවන් තරු කැට දෙකක් අරගෙන නුඹේ කන් පෙති සරසමි
රන් තැටියවන් රවුම් සඳ දැක සිනාවෙන් මුව පිසිනෙමි
එවන් සඳගෙන නුඹෙ ලමැදේ රන් මලක් ලෙස දවටමි
රැයේ පිණිබිඳු තුෂර කැට ගෙන නුඹේ ගෙලවට දවටමි
පැණින් මුකුලිත නුඹේ දෙසවන් අසා ඉන්නට ලංවෙමි
අඳුර බිඳගෙන වලා අතරේ නැගෙන සඳ මනරම්
සඳේ එළියට ඉඟි බඳින්නට පිපෙන තරු මනරම්
නැගී බැසයන සඳට ඉඩදෙන වළාපෙල මනරම්
එයින් විසිතුරු නුඹේ වතනම් ඇත්තටම මනරම්
දුහුල් සළුවක් වගේ ඔතමින් ගතට ලස්සන ගෙනඑමි
දිදුල තරු කැට පොකුරු අතරින් එළිය ඇති තරු ගන්නෙමි
එවන් තරු කැට දෙකක් අරගෙන නුඹේ කන් පෙති සරසමි
රන් තැටියවන් රවුම් සඳ දැක සිනාවෙන් මුව පිසිනෙමි
එවන් සඳගෙන නුඹෙ ලමැදේ රන් මලක් ලෙස දවටමි
රැයේ පිණිබිඳු තුෂර කැට ගෙන නුඹේ ගෙලවට දවටමි
පැණින් මුකුලිත නුඹේ දෙසවන් අසා ඉන්නට ලංවෙමි
අඳුර බිඳගෙන වලා අතරේ නැගෙන සඳ මනරම්
සඳේ එළියට ඉඟි බඳින්නට පිපෙන තරු මනරම්
නැගී බැසයන සඳට ඉඩදෙන වළාපෙල මනරම්
එයින් විසිතුරු නුඹේ වතනම් ඇත්තටම මනරම්
Tuesday, June 18, 2013
මඟ බලා සිටිමි
මල් පිරුණු ඇහැළ ගහ වටකරන් කහපාට මල් අදත් වැව රවුමෙ පිපෙනවා
බොඳ වේචිචි මීදුමක් ඇවිත් හිමිහිට හොරෙන් ලතාවට මහ පොළොව සිඹිනවා
සීරුවෙන් පායාපු හඳ එළීය මැදි කරන් තරු රෑන දිලි දිලි නිවෙනවා
කොහොම ඔබ කියූවත් මගේ හිත ගැබ්බරයි ඒ නමින් සෙනෙහෙ මල් පිපෙනවා
පාලු රෑ පුරාවට සඳ තරුත් මැදි කරන් ජීවිතය හෙමි හෙමින් ගෙවෙනවා
දුහුල් සළු තිර මතින් ඇවිත් නල ගැටි ගැටී මගේ හිත සුසුමකින් තෙමනවා
රාත්රිය අදුරකින් වැසී ඇති වෙලාවට සුරඟනන් පෙම් කතා කියනවා
ඒ කතා අහන්නට අනේ නුඹ හිටියනම් මට මෙහෙම දුකක් නැහැ සිතෙනවා
පින් පිරුණු ආත්මය හොවාගෙන පපු තුලම උණුසුමින් මගේ හිත තෙමනවා
නෙත් පියන්නට බයයි හීනෙකින් ඔබ ඇවිත් ඇහැරවන බවක් තව දැනෙනවා
මේ සොඳුරු රැය පුරා නෙතු අසල දැවටිලා ඔබ ඇතැයි ඔබ ඇතැයි හැඟෙනවා
මේ හීන මල් පොකුර විකසිතව හිනැහෙනා දිනය කවදද කියා හිතෙනවා
බොඳ වේචිචි මීදුමක් ඇවිත් හිමිහිට හොරෙන් ලතාවට මහ පොළොව සිඹිනවා
සීරුවෙන් පායාපු හඳ එළීය මැදි කරන් තරු රෑන දිලි දිලි නිවෙනවා
කොහොම ඔබ කියූවත් මගේ හිත ගැබ්බරයි ඒ නමින් සෙනෙහෙ මල් පිපෙනවා
පාලු රෑ පුරාවට සඳ තරුත් මැදි කරන් ජීවිතය හෙමි හෙමින් ගෙවෙනවා
දුහුල් සළු තිර මතින් ඇවිත් නල ගැටි ගැටී මගේ හිත සුසුමකින් තෙමනවා
රාත්රිය අදුරකින් වැසී ඇති වෙලාවට සුරඟනන් පෙම් කතා කියනවා
ඒ කතා අහන්නට අනේ නුඹ හිටියනම් මට මෙහෙම දුකක් නැහැ සිතෙනවා
පින් පිරුණු ආත්මය හොවාගෙන පපු තුලම උණුසුමින් මගේ හිත තෙමනවා
නෙත් පියන්නට බයයි හීනෙකින් ඔබ ඇවිත් ඇහැරවන බවක් තව දැනෙනවා
මේ සොඳුරු රැය පුරා නෙතු අසල දැවටිලා ඔබ ඇතැයි ඔබ ඇතැයි හැඟෙනවා
මේ හීන මල් පොකුර විකසිතව හිනැහෙනා දිනය කවදද කියා හිතෙනවා
Monday, June 17, 2013
සබඳ අපි ඇවිද යමු
සබඳ අපි ඇවිද යමු
මේ නුහුරු මාවතේ
මුණගැසෙන තුරු තවත්
පෙම්වතුන් මේ වගේ...
ඉර එළිය වැටෙනතුරු
හිම කැටිති දියවගොස්
අතින් අත පටලවා
සිනාසෙමු සිත් ලෙසින්...
රෑ අහසේ තරු කැලත
දිලී බබලන විටෙක
සඳ එළිය සොයා ගොස්
ගතු කියමු සීරුවට...
නුබ ගැබේ වළාකුළු
කැටිති ලෙස පෙල ගැසී
වැහි බිංදුවක් ලෙසින්
පාත්වන තුරු බිමට....
මල් පිපී සුවඳ දෙන
හිමිදිරියෙ ඇවිදයමු
මේ පාළු මාවතේ
එළිය දකිනා රිසින..
බිම් කරුවල වැටීල
අඳුරකින් වැසෙන කොට
සුසුම්ලමු එක්වෙලා
අතීතය ගැන තවම...
මේ තරම් දුර උනත්
යන්න ඇති දුර අපට
යා යුතුය නොනැවතී
ඉසිඹුවක් ලබන්නට..
හීනයක දැවටිලා
සොඳුරුවූ දිගහැරුම
එනතුරා බලාඉමු
දුකක් නැහැ නොවැ සිතට.
Saturday, June 15, 2013
ජීවන ගඟ
එකම දිනයක සතුට එකතුව
දවස් සති මස් ගෙවෙනවා
සිතේ සතුටින් පුරෝගත් හද
උණුසුමින් වගෙ පිරෙනවා....
ඉඳහිටක දවසක අතරමග
බොරපැහැති දින තියෙනවා
නෙත් අගට කඳුලක් පුරෝගෙන
සිනාසීගෙන සිටිනවා...
දුත සතුට සැප මැදින් ජීවන
ගඟ ගලාගෙන බසිනවා
ගල් බොරළු කඳු හෙල් මතින් බට
ගඟ සුයුර වෙත ඇදෙනවා...
දහසකුත් බාධක අභිමුවෙහි
අපේ ජීවිත ගෙවෙනවා
ගෙවෙන හැම දිනයක්ම වාගේ
සොඳුරු බව නම් සිතෙනවා.
Subscribe to:
Posts (Atom)



.jpg)