සබඳ අපි ඇවිද යමු
මේ නුහුරු මාවතේ
මුණගැසෙන තුරු තවත්
පෙම්වතුන් මේ වගේ...
ඉර එළිය වැටෙනතුරු
හිම කැටිති දියවගොස්
අතින් අත පටලවා
සිනාසෙමු සිත් ලෙසින්...
රෑ අහසේ තරු කැලත
දිලී බබලන විටෙක
සඳ එළිය සොයා ගොස්
ගතු කියමු සීරුවට...
නුබ ගැබේ වළාකුළු
කැටිති ලෙස පෙල ගැසී
වැහි බිංදුවක් ලෙසින්
පාත්වන තුරු බිමට....
මල් පිපී සුවඳ දෙන
හිමිදිරියෙ ඇවිදයමු
මේ පාළු මාවතේ
එළිය දකිනා රිසින..
බිම් කරුවල වැටීල
අඳුරකින් වැසෙන කොට
සුසුම්ලමු එක්වෙලා
අතීතය ගැන තවම...
මේ තරම් දුර උනත්
යන්න ඇති දුර අපට
යා යුතුය නොනැවතී
ඉසිඹුවක් ලබන්නට..
හීනයක දැවටිලා
සොඳුරුවූ දිගහැරුම
එනතුරා බලාඉමු
දුකක් නැහැ නොවැ සිතට.
හීනයක දැවටිලා
ReplyDeleteසොඳුරුවූ දිගහැරුම
ඒන තුරා බලාගෙන
කී දෙනෙක් ළතැවෙත් ද?