ලී කුලුණු යා කරන ලීස්තර වැට මැදින්
නෙත් හෙළමි අදත් මම කුඩා දරුවෙකු ලෙසින්
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය වෙත
මෝස්තර කැටයමින් බැබළෙනා ලී පටි ද
අලුත් බීරළු සේ ම දිළෙන සැමදා සුද ද
වට කළේ ජීවිතය බෝධි කොටුවක් ලෙසින්
සැමදේ ම මා දුටුවෙ ලීස්තර වැට මැදින්
පාන ළඟ වැඳ වැටෙන අම්මාගෙ මුව මඬල
පසුපසින් පෙළ ගැසෙන නැඟෙණියන්ගේ පිළිම
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටියෙමි තනි ව ලීස්තර වැට මැදින්
වසරකට වතාවක් පිළිසකර කර වැට ම
පාට ගෑවේ සුදට සාර්ලිස් බාස් විත්
මගේ සිත අලුත් වී ලීස්තර වැට සමඟ
අමුතු එළියක් වැටිණ එවිට මිදුලට සිතට
මා අවට ගලා ගිය ජීවිතය දෙස නිතර
සුදු ලීස්තර මැදින් බලා සිටියා මිසක
උස් පිලෙන් බිමට බැස ඒ දිවිය වෙත එළැඹ
වෙළෙන්නට ගැටෙන්නට හරස් විය මේ වැටම
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය මෙන්
මගේ සිත පුරන් වී ඇත මෙදින ශෝකයෙන්
කොළ හැලුණු මිදුල මත නගා සර සර හඬක්
පාන් පැල ළඟට යන අම්මාගේ සේයාව
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටිනෙමි අදත් ලීස්තර වැට මැදින්
එරික් ඉලයප්ආරච්චි
( ආලින්දය, 1988)
සොඳුරු කවක් !
ReplyDeleteසඳපහන
හොද එකක් ඒත් එලිසමය නැහැ නේ.
ReplyDeleteමේ එරික් ඉලයප්පාරච්චිගේ පබැඳුමක්ද? මම පසුව තමයි එය දැක්කේ.
ReplyDeleteලීස්තර වැට මතක් වුනා ඉස්සර ගෙවල්වල තිබුනු.
එරික් ඉලයප්ආරච්චි මහතාගේ මේ කවිය සිංහල විෂය නිර්දේශයටත් ඇතුළත් කවියක්
ReplyDeleteඉස්සර කාලෙ මේ වාගෙ වැටවල් ඇති ගෙවල් හරියට. හිතන්නට යමක් ඇති කවිපෙලක්.
ReplyDeleteලස්සනයි කවි
ReplyDeleteඔයාලාගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න
එරික් ඉලයප්ආරච්චි මහතාගේ හරි අපූරු කවි පන්තියක්.........
ReplyDeletemeka sampradayika walaw karayo nuthana samajaya dakina widiya gana liyaunu kaviyak neda
ReplyDeleteහොද තේරුමක් ඇති ව්යංග්යර්ථයෙන් ලියවුනු පද්යක්. බොහෝමයක් ප්රියකරනා පද්යක්
ReplyDelete