පෙරවදන
කියවූ ඒ
ඔබෙ දෙනුවන්
සවන වැකුනු
ඔබෙ මුදු බස්
පනිවිඩයක්
හද තුළටම
සගවා ගත්තා
සුන්දර වූ
ස්නේහයක්
විදගත්තෙමි
ඇති පදමට
සගවාගනු
නොහී තවත්
දිගහරිනෙමි
මේ අයුරින්
පිදුම
ආදරේ නාමයෙන්
අකුරැතල ගේය පද
ගිලිහුනේ පෙරදිනක
විරහවට ආදරේ
යළි යළිදු පන්හිදට
පන දුන්නු නුඹ වෙතම
පුදන්නෙමි ආදරෙන්
අකුරැකල ගේය පද
ඔබ
රහසෙවිත් මා සිතට
ලැගුම් ගෙන හෙමි හෙමින
සිතුම් මගෙ හැදිනගෙන
ඒ වෙතම බැදි පෙමින
පපුතුරෙන් ගලාගිය
ආදරය නොසැගවූ
මුවට පෙර ආදරය
නෙත් අගින් මුදා හල
ඔබ මිසක
අන්කවුරැ
මගේ සිත
අවදිකල
මා
දෙනෙත් රහසෙන් කියූ
වදන් සිත හැදිනගෙන
හැගුම් පොදි පිටකරන්
පිළිවදන් දෙනු බැරිව
අසම්මතයෙන් එපිට
නිනව්වක් නැති ඉමට
සුසුම් පොදි පිටකරන්
රැකුව මුත් මුනිවතම
සෙනෙහසට
සෙනෙහසින්
හදට හද
වීය ළං
අපි
නෙතට නෙතක
සිතට සිතක
හදට හදක
හමුවීමක්
නෙත හැදිනුම
සිත හැදිනුම
හද හැදිනුම
එක්වීමක්
ඔබත් මමත්
අපිවීලා
සදා රැදෙන
ළංවීමක්
ගිවිසුම
කිසිත්
සපඵ නොවෙමු
අපි
අපේ නොවෙමු
කදුල
ළගට නොගමු
සතුට
සදා රකිමු
අනාගතය
අද හමුවී
සමුදුන්නත්
හෙට හමුවී
සිනාසෙන්න
ඇ සමගින්
යනෙනා විට
වරක් මදෙස
බලා යන්න
හෙට දිනයේ
හුදකලාව
මා වෙතටම
ළං නොවෙන්න
අපේ පෙමට
පිපුන මලින්
මල් කළඹක්
සදා දෙන්න
හරිම සුන්දරයි තනුජා. ආදරයේ මිහිරියාව ආත්මාර්ථ කාමී නොකරගෙන ලියවුන ඉතාම සුන්දර නිර්මානයක්. ඔබට ජයම වේවා! සෙනෙහසින්ම පතනවා සොයුරියේ.
ReplyDeleteගොඩක් හොඳ කවි පෙළක්.
ReplyDeleteඔබේ ඉදිරි අනාගතයට සුභ පතනවා.
ජය වේවා!
ලස්සනයි කවිය!සුබ පැතුම් !ජය වේවා!
ReplyDeleteකවි මුතු මට අප්ලෝඩ් නොවුයේ මන්දැයි නොදනිමි .ලස්සන නිර්මානයක් මග හැරුන බව දැනුයි දුටුවේ
ReplyDelete