Saturday, June 15, 2013

ජීවන ගඟ


















එකම දිනයක සතුට එකතුව
දවස් සති මස් ගෙවෙනවා
සිතේ සතුටින් පුරෝගත් හද
උණුසුමින් වගෙ පිරෙනවා....

ඉඳහිටක දවසක අතරමග
බොරපැහැති දින තියෙනවා
නෙත් අගට කඳුලක් පුරෝගෙන
සිනාසීගෙන සිටිනවා...

දුත සතුට සැප මැදින් ජීවන
ගඟ ගලාගෙන බසිනවා
ගල් බොරළු කඳු හෙල් මතින් බට
ගඟ සුයුර වෙත ඇදෙනවා...

දහසකුත් බාධක අභිමුවෙහි
අපේ ජීවිත ගෙවෙනවා
ගෙවෙන හැම දිනයක්ම වාගේ
සොඳුරු බව නම් සිතෙනවා.

5 comments:

  1. හරිම ලස්සනයි. ගැඹුරු තෙරුමක් තියෙන පද වැලක්.

    ReplyDelete
  2. කොතරම් බාධක ආවත් ජීවිතය සොඳුරු යි කියලා හිතන්න පුළුවන් නම් ඒ තරම් සැපක් නැහැ. වෙලාවක් තියේ නම් මේ පැත්තේ ඇවිත් යන්න. http://kurutugegeepota.blogspot.com

    ReplyDelete
  3. lassana kawiyak. lassana thalayak. mona dewal unath me ape jeewithe. meka hemadama windinna puluwan nam godak sarthakai.

    api
    kurutu ge gee pawra

    ReplyDelete
  4. ජීවිතය සුන්දරයි, ලස්සන පදපෙලක්.

    ReplyDelete
  5. දහසකුත් බාධක අභිමුවෙහි - අපේ ජීවිත ගෙවෙනවා
    ගෙවෙන හැම දිනයක්ම වාගේ - සොඳුරු බව නම් සිතෙනවා

    ඇත්තටම අපි හැමෝම, කරන්න ඕනා දුක ගැනම නොහිතා පොඩි හරි දෙයකින් සතු‍ටු වෙන එකයි.

    සොඳුරු නිර්මාණයක්.. සුබ පැතුම් ..!

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................