Thursday, June 13, 2013

ඔබ මා


දෑසට හමුවන එකම සඳක් යට
එකම ඉරක් යට එක හෝරාවක
අප පිය මැන්නා එකම මඟක් වෙත
යළි ආපසු නෙතු නොහැර බලා....

පායා ආ මුත් ගගනත වටකොට
තරු මල් වැටිලා සිනහසලා
අපි පියමැන යන මාවත එළියයි
සුදු සඳරැස් දහරින් තෙමිලා...

පිපී සුවඳදෙන කොඳමල් අතරේ
මදනල විසිරී පැතිරෙයි දසතේ
සිත්විල පහනින් එළිය කරනු මැන
තව දහසක් මල් පිපෙණු බලා.

3 comments:

  1. දෑසට හමුවන එකම සඳක් යට
    එකම ඉරක් යට එක හෝරාවක
    පියමැන ගොස් යළි හැරී බලන සඳ
    සොඳුරු යි සැබැවින් පියමැනි මංපෙත

    ReplyDelete
  2. ලස්සනයි. මේක පාළුවට අරින්නෙ නැතිව තියා ගන්නවාට පිං.

    ReplyDelete
  3. ස්තූතියි චන්දි,ස්තුතියි දිලිනි

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................