සුදු මහත්තයා ඇවිදින්
නෙක තෑගි බෝග සමගින්
නොරිසුම් බැලුම් එපා
මඟ හැර යන්න එපා
වැල් ඇඳටම සින්නවෙලා
ලෙඩ ගානේ ඉන්න අම්මා
පොඩියකට මතක් කරපන්
ඇගෙ බෙහෙත් ගැනත් හිතපන්
හරිහමන් කුලිය මලියක්
කරගන්න බැරිව සටනක්
මං ගැනත් ටිකක් හිතපන්
හිත හදාගන්න බලපන්
දීගේ ඇරුණු නංගී
ඈ පුතා සමග හැංගී
ඒ ගැන නොකරනු සද්ද
සිත බිය නොමගෙන වද්ද
සැන්දෑවේ වැහි අඳුරූ
හිල්වුන වහලේ සිදුරූ
ගෙන එන පෙර නිමිති
කල්පනා කරණු දෝනී
කොට බෙල්ල තිබෙන මූණ
දළ රැවුල ලොකුම බඩද
නොසිතා පිට රූප
හදවත ගැන සිතපන්
මල් පීරිසි කුට්ටමට
ඉඟුරු රසැති කහට
නුඹෙ දෝතින් පිළිගන්නා
පුරුදු සිනා පාපන්
මඩේ පිපුන නෙළුම
මගෙ හැඩකාරිගෙ වරුණ
රත්තරනේ බහක දියන්
අප සැමගේ දුකම නිවන්
අපූරුයි!!!
ReplyDeleteස්තූතියි
Deleteකියෙව්වෙමි වතාවකට වඩා වරක්
ReplyDeleteඅමුතුම කතාවක් කිව්ව හින්දා කවිය
වෙනස්ම වෙච්ච පද පේළි
තවත් පාරක් හිතන්න කියලා හිත කිව්වා
නිකම්ම නෙමේ අළුත් සොයාගැනීමක් වගේ
පර්යේෂණයක්ද මන්දා මේ කවියත්
හරිම සුන්දරව ගළපපු පද වලට
බැලුවාම අපූරුව
ලස්සන වෙනසක්.....
ෂාඃ.... මම කලින් මෙතනට ඇවිත් නෑනෙ. හුගක් සාර්ථක කවියක් - අපූරු රිද්මයනුත් තියෙනවා.
ReplyDeleteහැකි හැම විට සැරිසරන්න
Deleteඔබෙ අදහස් පළ කරන්න
ස්තූතියි
v can understand her kindly heart . her writing ability is prefect. i v like her thinking ....go ahed
ReplyDeleteThanks malaya
Deleteකවි පෙළම රසවත්.
ReplyDeleteදිගටම ලියන්නට
ලොවම දිනන්නට
සුභම සුභ අනාගතයකට
ආසිරි පතන්නෙමි...
බොහොම ස්තූතියි එරන්ද.
ReplyDelete