Thursday, July 5, 2012
අයියනායක - විමලරත්න කුමාරගම
සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ
බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
මේ සන්හිඳේ එළියක් ඇත සවස් ක ල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල
වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත
දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ
පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ
සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
කෙම්වර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම
සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්
ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
මීමුන් මදින් මත්වී අං මදින තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන
Subscribe to:
Post Comments (Atom)
මේක ඉස්සර සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍යය පොත්තිබුනා ,හරිම ලස්සන කවිපෙලක් තමා
ReplyDeletecorrect.. I was looking for this first Kavi pela for sometimes as i had forgotten the 3rd and 4th lines.. thanks..
DeleteThanks a lot
Deleteආදරය කළ අතීතයේ සටහන්
Deleteසිංහක ගුරුතුමා හමුවුනාසේ සංතෝශයි
Deleteහ්ම්ම්...
ReplyDeleteඅමතක වෙලා යන කවි මේ විදිහට සයිබර්ගත කරන එක වටිනවා :)
ReplyDeleteකොළඹ යුගයේ දාර්ශනික කවියා විදියට සලකන්නේ කුමාරගම කවියා නේ. අපූරු සටහනක්!
ReplyDelete''මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම''
ReplyDeleteබොහොමයක් දේවල් විවේචනයෙන් වලකින්න මට මේ කවි පදය උදව් වුනා ජීවිතේටම .
අනිවාර්යෙන්ම මටත් ඒ අත්දැකීම සමීපයි .
DeleteThats a good point
Delete😁😁
Deleteමැවිලා පෙනෙනව ගමේ සුන්දරත්වය 😍😗😘
Deleteමේව අමතක නොවී තියන්න කරන උත්සාහය හරිම වටිනවා මල්ලියේ. කොච්චර වටිනා අදහස්ද?''මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම''
ReplyDeleteaththatama gadak watina deyak oya karala thiyenne
ReplyDeleteහ්ම් මමත් ආසයි මේ කවි පංතියට
Deleteමම අවුරුදු ගානක් මේක හෙව්ව.... බොහොම පිං
ReplyDeleteMamath hewwa.bohoma pin.. Niduk Nirogi wasanawantha jeewithayak uda wewa
Deleteස්තූතියි
Deleteගොඩක් කල් මත් හෙව්ව මෙක...
Deleteස්තුතියි. මේක කියවන්න ලැබුනේ බොහෝම කාලෙකින්. පද දෙක තුනක් තාමත් මතක තිබුනා. මං හිතන්නේ මේ කවි මම කියවුයේ දැනට අවුරුදු 20 කට විතර කලින්.
ReplyDelete2000 OL මතකයන්
DeleteGood work
ReplyDeleteඅනේ ඔබට පින් අප්‍පේ පුංචිකාලෙ මතකය අවස්සා නැවත ඒ සින්දර අතීතයට ගෙන ගියාට
ReplyDeleteබොහෝම ස්තූතියි
Deleteහරිම ලස්සනයි
ReplyDeleteමම මේක කියෙවුවෙ අවුරුදු 25 කට පස්සේ
ලස්සනයි :)
ReplyDeletethanks for posting this !
ReplyDelete"මා නොකෙරුවත් නොකලෙමි ගැරහීම"
ReplyDeleteමගේ පෞද්ගලික ජීවිතයට ඉතාමත් වැදගත් වුන කියමනක් වුනා.
මේ කවි පන්තිය පල කිරීම ගැන ස්තුතියි ..
ස්තූතියි. තවත් කියවන්න ආස කරන පැරණි කවි තිබේනම් කියන්න.
DeleteVery valuable task. I was looking for this since years.
ReplyDeleteGood work.
Thankyou surangi
Deleteමේ කවි පංතියේ තවත් කවි තිබුනා. ඒවත් දාන්න..
ReplyDelete"දවසින් දවස වනපෙත ගං ගොඩෙහි හැපේ.."
ඉතුරු පේලි මතක නෑ..
"Sorakama" kiyala kavi pela athnam pala karanna.
ReplyDeleteSewanali awadi nomawana kiyana eke theruma mokdda? Ikmanata pilithurak denna.
ReplyDeleteObe Panayata Pilithuru labunada?
DeleteSewanali awadi nomawana wew iwuru kone..
Min adahas wanne guptha bawai. Kawiya siya mukyarthaya wana aiyanayaka dewiyan weda wasana yai gammun wiswasa karana me russa Nuga gasa asala wew iwura sewanali pawa minis manayata nopennena bawa ismathu karai.
Sewanali awadi nomawana kiyana eke theruma mokdda? Ikmanata pilithurak denna.
ReplyDeleteAththatama hair lassana padya panthiyak
ReplyDeleteමේ බ්ලොග් පිටුවට ජීවය දෙන සැමට පින්. සා/පෙළ පන්තියේ දී කියවූ/රසවිඳි 'අයියනායක' කවි පන්තිය, මගේ සමාජ සංවේදීතාවයේ උපත කිව්වොත් එය අතිශයෝක්තියක් නොවෙයි..
ReplyDeleteබොහොම ස්තූතියි..
DeleteThanks. Actually you are full filling a national responsibility.
ReplyDeleteසාම්ප්‍රදායික ජන ඇදහිලි වලට ඍජුව පහර නොගසා, එම අහිංසක උගත්කමෙන් අඩු ගැමියන් ඇලී ගැලී සිටින මිත්‍යා විශ්වාසයන් පිළිබඳව අනුවේදනීය ලෙස කරන දාර්ශනික විග්‍රහයක් සතු පද්‍ය පංතියක්...
ReplyDeleteසිංහළ සාහිත්‍ය අන්තර් ජාලයට පැමිනීම ඉතා හොඳයි.
ReplyDeleteSirimali, duppathkama, kavi panthi seka danna puluwanda plz
ReplyDeletesililaareka helmelee...pethi atharin seli selee...... hoyalaa dannako..
ReplyDeleteස්තූතියි.බොහොම පිං
ReplyDeleteAliya watunu wewa arachchi rala kavi panthiya kiyawanna vidihak nadda?
ReplyDeleteබොහොම පිං...ඔබට
ReplyDeleteමෙවැනි වටිනා නිර්මාණ අන්තර්ජාලයට එකතු කරනවට..👍👍
අවුරුදු ගානක් සියළුම book shop වල හෙව්වා මේ කවි පන්තිය. බොහොම ස්තුතියි මේ page එකට මම O/L සිංහල පන්තියට ගෙනෙගියාට.
ReplyDeleteLassana Kawi Panthiyak Wimalarathna Kumaratunga mahathmayage
ReplyDeleteGood work
ReplyDeleteබොහොම ස්තුතියි මේ
ReplyDelete්‍රියාවට දුරටත් මෙවැනි වැඩ කරන්න
ස්තූතූතියි
Deleteමෙලෙස අපේ මතකය අළුත් කරමින් අපව දැනුවත් කිරීම ගැන අපේ ස්තුතිය පිලිගන්වමු.
ReplyDeleteස්තූතියි
DeleteHarima Lassana Kavi pelak
ReplyDeletegamikama darsanikawa winda kawiyek ohu
ReplyDeletetnx
ReplyDeletePaasal kaalayee idan Bohoo aadaren mathakayee radawaagath kavipelak newatha mathakaya ta aawaa.
ReplyDeleteBohoma pin me kave pantiya apira o/l walata tibunee dan dakinnawath naa hare watinawa apee daruwanta pennanna
ReplyDeleteබොහොම හොඳ වැඩක්.
ReplyDelete🙏
Rathna kodikara sir 96 aurudde kiya dun widiya thama mawila penawa.
ReplyDeleteභක්තිය පිළිබඳ කාව්‍ය දෘෂ්ටි විවරණයක්...
ReplyDeleteEla... I still remember those
ReplyDeleteThis is great !!
ReplyDeleteAlso, there was another set of poems I was looking for. It was about a blacksmith (Kammalkaru). It starts with "Kinshasa,Kulugediya, Polkatu Anguru Lipa ...."
If possible, pls publish that
Sorry, typing error.
ReplyDeleteKinihira, Kulugediya ...
what mean by සන්හිඳ
ReplyDeleteසත්කෝරළයේ දැදුරුඔය දෑලෙ හැම ගමකම වාගේ තියනව 'සංහිඳ' කියල කියන පූජනීය තැනක්. මේ සංහිඳ තමයි ගැමියන්ගෙ හැම දුකකටම පිහිටවන දෙවියන්ගෙ වාස භවන. ඒ කාලේ අපේ මුතුන් මිත්තෝ ජීවත් වුණේ ගොවිතැන් බත් කරගෙන. කුඹුරු කොටල, හේන් කොටල, මේ හැම වැඩකටම මුල පුරන්නෙ ගමේ සංහිඳ ළඟට ගිහිල්ල ගම්බාර දෙවියන්ට කන්නලව් කරලයි.
Deleteඋපුටා ගත්තේ - https://wrotebypujitha.blogspot.com/
මගෙ සිංහල උගන්නපු විජේපාල සර් හරි අපුරුවට මේ කවි පන්තිය කියලා දුන්නා....සුන්දර අතීතය මතක් උනා....
ReplyDelete