Monday, March 27, 2017

සින්නක්කර හදවත



ඇගේ කෙහෙරැලි අතර දිවයන ඇඟිලි අතරෙහි ඇස්   ඔබා
නෙත් අඟින් හෙලනා බැලුම් දැක දියව යයි ගල් හිත්   පවා
මොහොතකට කාලයද නැවතුණි මගේ හද ගින්නෙන් දවා
ලියා දෙන්නට සිතුණි හදවත ඔබට සින්නක්කර         තබා

6 comments:

  1. නෙත අගින් එන බැලුම් අභියස දියවුණත් ගල් හිත් නුඹේ
    වත පුරාවට රැඳෙන රුව දැක සසල වූවද සිත නුඹේ
    හිත සොඳුරු නම් පිටත පෙනුමෙන් ඵලක් නැත නොකරනු හබේ
    පුත හිතට ගනු දුටුව පමණින් හිත නොදෙනු ඈ වෙත නුඹේ......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගල් හිත් ලොවේ කොතරම් දිය වී ඇද්ද
      මුහුණට වඩා සැළකිය යුතු වේ සද්ද
      නොදොඩා දැකුමෙන්ම ඇති සැනසුම මදිද
      තවදුර ගියොත් ලැබෙනවා ආදර බද්ද

      Delete
  2. ආදරය ! සුන්දර වගෙම ආදරය වසන්තය.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................