කෝට්ටේ ඉඳන්
පිටකොටුවට යාම
ගතවෙන වැඩක්
වේ පැය ගණනක් බෝම
දවසින් භාගයක්
ඉඳ බස් රථයේම
වෙලාවකට වැඩකට
යන්නේ කෝම
පිබිදෙන නමුත්
කුකුළා අත්රුවා ගෙන
වැඩකට යනෙන
විට සැඩ හිරු මුදුන් වෙන
පාර තමයි
වත්මන මළ පනින තැන
කවි ලියවෙනවා
වාහන තදබදය ගැන
මුළුදුර ගමන
එපමණ දුරකුත් නෑනේ
පොඩිදුර ගියත්
ආයෙත් නවතිනවානේ
දූවිලි වැලි
බොරළු හා ගල් කැට ගානේ
ඉබි ගමනින් තමයි දැන් බස් රථ යන්නේ
ප්‍රශ්නෙට කොපමණක් විසඳුම් දුන්නාට
කොතරම් ගුවන් පාලම් තව හැදුවාට
වාහන වලට බදු වැඩිකර ගැසුවාට
මේ තදබදය පවතියි දිවි පුරාවට
කොලඹ ට්‍රැෆික් එක ගැනනන් කියලා වැඩක් නෑ... උදේට වඩා දවල්ට එද්දි එපා වෙනවා... ලස්සනට ලියලා තියෙනවා කවි ටික...
ReplyDeleteස්තූතියි. උදේ දවල් හවස කොයිම වේලාවකවත් කොළඹ යන එකනම් ලේසි වෙන්නේ නෑ. කොළඹ අවට ඉන්න වැඩට පාසලට යන හැමෝම දන්නවා ඒකේ තියෙන දුක.... හැබැයි බස් එකක වැඩිපුර වේලාවක් ගත කරද්දි තියෙන ගතිය තමා කවි අදහස් එන එක.
Deleteතැනේ කොළඹ යැයි කිසි වෙනසක්ම නැතී
ReplyDeleteඅනේ ඉතින් කුරුණෑගල මෙහෙත් නිතී
කොනේ මුල්ලෙ හැම තැන වාහනම යතී
අනේ විසඳුමක් මේවට කොහෙත් නැතී......
ජයවේවා!!!
පුංචිම දූපතක මහපාරවල් වල
Deleteමෙපමණ තදබදය ඇති වී තිබෙන කල
පමණින් වැඩිය තනි වාහන පාර තුළ
බස්රථවල ගමන් යෑමම තමයි එළ
මෙතරම් කොළඹ ඇළ දොළ ගං තිබෙන නිසා
ගොඩ මෙන් දියද ගමනට දැන් සුදුසු නිසා
පොඩියක් එළි පෙහෙළි කෙරුවොත් මෙබස් අසා
ඔරු හා නැව් පාරු වලිනුත් ගමන තොසා
කවියක් වත් ලියන්න හිතෙන මාතෘකාවක් ද මේ :ඩී
ReplyDeleteජය !
ස්තූතියි. තරහටමයි ලිව්වේ :p
Delete