සොයා ගියෙමි
වැරදිකරු මරණයට
හැමදාම
හැමතැනම
මැරෙන නිසා
ආයුධ, වස, තොණ්ඩුව
සියල් වැරදිකර බව
පසක් විය මට
නමුත් වැරදිය එයත්
සත්‍යය
"මරණය" ලෙස
තිබීමයි වචනයක්
වැරදුණි එයත්
"ඉපදීම" යනු තවත්
වදනක් නිසා
ඉවත් කිරීම වචනය
විය එකම
පිළියම...
Wednesday, July 25, 2012
Sunday, July 22, 2012
සුරත් තොල්
සුරත් තොලක් සිප ගත්තෙමි
ඉන් මා තොල රත් පැහැ විය.
ලේන්සුවෙන් පිස දැමුවෙමි
ලේන්සුවද රත්පැහැ විය
ගඟේ දියෙන් දොවාලීමි
ගඟේ දියද රත්පැහැ විය
මුහුද මැදත් වෙරළ අගත්
රත් පැහැයෙන් සිත්තම් විය
එක් රාජාලියකු බිමට
ඉගිල ආපි දිය බොන්නට
උගේ ඇඟේ පියාපත්ද
එකපාරට රත්පැහැ විය.
හිරු මඬලක් අඩක් සමඟ
මුළු සඳ මඬලම සැණෙකින්
රත් පැහැයෙන් සිත්තම් විය.
කර්තෘ ආඥාතයි. නමුත් ග්‍රීසියේ තවත් එක් කවියෙකු බව දැනගන්නට ලැබුණි. ඒ කරුණාරත්න අමරසිංහ කවියා විසින් "ජගත් කාව්‍ය නිර්මාණ" නමින් 1993 දී පළ කළ කාව්‍ය සංග්‍රහයක් තුළ තිබීය. එය මට ලැබුණු රත්රං ගොඩක් බඳුය. කිම්ද යත් එහි ඇති කවි අපිව තවදුරටත් සිතන්නට දෙයක් ඉතිරි කරමින් අපව ජාත්‍යන්තරයටද ගෙන යන නිසාය. ඉදිරියට බලාපොරොත්තු වන්න.
Wednesday, July 18, 2012
අන්ධ කවියා - පී.බී.අල්විස් පෙරේරා
සිරුරේ දාහය සනසන නලවැල් සිසිලස ගත් බව දනිමි වැවේ
රත්සර හෙළැ'ඹුලු නිලුපුල් මීගඳ නැහැ පුඩු අතරින් ළයට කැවේ
මායා සිහිනය මැද්දේ පිහිනමි එනමුදු නොදකමි එළිය ලොවේ
හදවත කොඳුරයි එහි සටහන් ළඟ හිඳ පිටපත් කළ හැකිද දුවේ
විසිතුරු සිතිවිලි අතරින් පැනයති මී මැස්සෝ ගුමු ගුමුව දිදී
අසරණ මා දැක අමතන විලසින් සුළඟින් තුරුපත් එකට වදී
වන විහඟුන්ගේ ගීතය ඉහිරෙයි විළිකුන් පලතුරු සමඟ බිඳී
ලෝකය පිබිදී දොඩමළු වී ඇත මා පමණක් නෙත් අඳව නිදී
වැව් බන්දේසිය සොබා සොඳුරි වෙත පිළිගන්වන විට ඇඹුල තබා
පෙර මෙන් අහසේ පායන රන්හිරු වගුරන්නෙද මිණි කිරණ පබා
වදුලේ පරඬැල් අතුළ කැදැල්ලේ තනියම පසුවන කුරුලු බබා
මව නැති අතරේ ''කිචි කිචි'' ගෑවේ ඉගිලෙන පිණිසයි ළඟදි නොබා
අංකුර පහරින් ඉවුරේ පස් බිඳ ගවයෝ දිය බී යතිද දොළින්
කඩි පෙරහැර වැළ නොකැඩී ඇදෙතිද තවමත් නිල්තණ බිඩැලි වලින්
දියණිය ඔබ මව මට අමතන්නිය සැඟවී හිඳ උණ පඳුරු තුළින්
අමුණා මල්දම් මා ගෙළ සරසනු ඈ වැළලු තැන පිපුණ මලින්
උණුසුම සිසිලස හඳුනමි ගුණයෙන් රෑ දාවල එක පරිදි ගෙවේ
කැළඹී පාවෙමි දුම් රොටුවක් මෙන් යට ගිය මතකෙහි සිහින ලොවේ
මවගේ කටහඬ වෙනසක් නොමැතිව සැඟවී ඇත ඔබ මුවෙහි දුවේ
ඈ දුන් රන් මල්දම හිස එපරිදි ඇද්දයි අතගා බලමි මුවේ
ඔබගේ මව සහ මා එක් දවසක් අවර'ඹරෙහි හිරු ගිලෙන පැයේ
හිඳගෙන හුන් විට පුලින තලාවක ඈ විමසූවා වැතිර ළයේ
සැන්දෑ වෙළ පෙති පරයන තොල් ඇති දූ මැණිකක් ඔබ රිසිද පියේ
ඇය කී වදනෙහි සැබෑව දක්නට පෙර මගෙ නෙත් දෙක නැතිව ගියේ
මදුමල් පෙතිවල සිනිඳු මොළොක් බව මවගේ අත්වල තිබුණු එදා
ඈ නැති වූයේ ඒවා කැටිකොට පොඩි දුවගේ අත් දෙකට පුදා
නා රොන් වැනි මුදු කෙහෙරැලි පීරා සුවඳ අලෙව් දී පොකුරු බෙදා
සරසන සැටි ඔබ දක්නට නොලැබී ඇතිවෙයි අඳ ඇස්වලට රුදා
ආලය උල්පත් දෙතැනක පිපිරී මහ ගංගාවක් පරිදි සෙනේ
උතුරා යද්දී නැංවූ සේතුව නොදකී ඇස් දෙක සිතට පෙනේ
ඇයි මෙතරම් තෙත පොඩි කම්මුල්වල සුරතල් දුව අඬනවද අනේ
දුවගේ කඳුළැලි අත ගෑවෙන විට ලේ තැවරෙන මෙන් අතට දැනේ
පී.බී.අල්විස් පෙරේරා
Monday, July 16, 2012
ජූරිය......
මොකක්ද මේ?.. ජූරියක්,
කවුද මේ?.. මිනිස්සු,
මොනව කරනවද?... කාලෙ කනව,
කාගෙද?.... එයාලගෙම
ඒත් ..
අන්තිමට?... තීන්දුවක්!
හරිද, වැරදිද? අනේ මන්ද!......
12ක් බැලුවෙමි......
12ද බැලුවෙමි
හිතින් විඳ විඳ...
අපූරුය වදන් වැල්
ශාලාව පිරී ඉතිරි ගිය
මීයට පිඹිනු වැනි විටෙක,
සිනහවද විටෙක,
අවසාන පේළියේ බැල්කනිය මත
පුටු ඇන්ද රත් කළෙමි
පැය දෙකක් එක දිගට
කවදාවත්ම නැතිව....
එක දිගට
අපූරුව
අවසනද ඉටු විය
දුක්මුසුව...
ඉතිරි කොට හිතන්නට
බස් නැතුව
ලතවෙනකොට
පයින් ගාටනකොට
කිසි ගාණක් නැතුව
මම නැවත බැලුවෙමි
12ක් හිතින්......
Thursday, July 12, 2012
නිවනු මැන අපෙ දුක
සුදු මහත්තයා ඇවිදින්
නෙක තෑගි බෝග සමගින්
නොරිසුම් බැලුම් එපා
මඟ හැර යන්න එපා
වැල් ඇඳටම සින්නවෙලා
ලෙඩ ගානේ ඉන්න අම්මා
පොඩියකට මතක් කරපන්
ඇගෙ බෙහෙත් ගැනත් හිතපන්
හරිහමන් කුලිය මලියක්
කරගන්න බැරිව සටනක්
මං ගැනත් ටිකක් හිතපන්
හිත හදාගන්න බලපන්
දීගේ ඇරුණු නංගී
ඈ පුතා සමග හැංගී
ඒ ගැන නොකරනු සද්ද
සිත බිය නොමගෙන වද්ද
සැන්දෑවේ වැහි අඳුරූ
හිල්වුන වහලේ සිදුරූ
ගෙන එන පෙර නිමිති
කල්පනා කරණු දෝනී
කොට බෙල්ල තිබෙන මූණ
දළ රැවුල ලොකුම බඩද
නොසිතා පිට රූප
හදවත ගැන සිතපන්
මල් පීරිසි කුට්ටමට
ඉඟුරු රසැති කහට
නුඹෙ දෝතින් පිළිගන්නා
පුරුදු සිනා පාපන්
මඩේ පිපුන නෙළුම
මගෙ හැඩකාරිගෙ වරුණ
රත්තරනේ බහක දියන්
අප සැමගේ දුකම නිවන්
නෙක තෑගි බෝග සමගින්
නොරිසුම් බැලුම් එපා
මඟ හැර යන්න එපා
වැල් ඇඳටම සින්නවෙලා
ලෙඩ ගානේ ඉන්න අම්මා
පොඩියකට මතක් කරපන්
ඇගෙ බෙහෙත් ගැනත් හිතපන්
හරිහමන් කුලිය මලියක්
කරගන්න බැරිව සටනක්
මං ගැනත් ටිකක් හිතපන්
හිත හදාගන්න බලපන්
දීගේ ඇරුණු නංගී
ඈ පුතා සමග හැංගී
ඒ ගැන නොකරනු සද්ද
සිත බිය නොමගෙන වද්ද
සැන්දෑවේ වැහි අඳුරූ
හිල්වුන වහලේ සිදුරූ
ගෙන එන පෙර නිමිති
කල්පනා කරණු දෝනී
කොට බෙල්ල තිබෙන මූණ
දළ රැවුල ලොකුම බඩද
නොසිතා පිට රූප
හදවත ගැන සිතපන්
මල් පීරිසි කුට්ටමට
ඉඟුරු රසැති කහට
නුඹෙ දෝතින් පිළිගන්නා
පුරුදු සිනා පාපන්
මඩේ පිපුන නෙළුම
මගෙ හැඩකාරිගෙ වරුණ
රත්තරනේ බහක දියන්
අප සැමගේ දුකම නිවන්
Sunday, July 8, 2012
කවදා නිම වේද බසයේ මෙවැනි වද.....
බස් රථයකට නැඟුනෙමි ගමනක් යන්ට
තව ඉඩ තිබුණි ආසන වල ඉඳ ගන්ට
හොඳ හැටි තැනක් බලලා ඉඳගත් මෙමට
අව්වෙන් පහර ලැබුණා තදබල ලෙසට
එනිසා අයිනෙ නොමැතිව මම මැදට වුණා
ටික මොහොතකින් හැමතැන සෙනගත් පිරුණා
කොන්දස්තර මහතා ටික ටික ලඟා වුණා
පුදුමයි නිල ඇඳුම ඇඳලා ටිකටි දෙනා
රුපියල් නවයෙ ටිකටය දහයට දුන්න
මාරු කාසි නෑ බෙහෙතටවත් හොයන
දවසට රුපියලක් ගානේ අපි පුදන
දහවැනි දිනේදී නැත මුදලක් ඕන
ටිකකින් සෙනඟ පිරුණා මේ හැම තැනම
ගැබිනි මවක් නැග්ගා ඒ මොහෝතේම
කරන්නට වුණා බංකුව දන්දීම
සිටියානම් අනෙක්පස නෑ නැගිටීම
ඉස්සර රියදුරයි කොන්දොස්තර මහතයි
සිටියේ එපමණයි ඒ බව විශ්වාසයි
දැන්නම් හිඟන්නයි එතකොට වෙළඳාමයි
බසයේ රජ කරයි අතවර අපචාරයි
නිල ඇඳුමට හේතුව දැන් වැටහුණේය මට
බස් රථයට ටික්කන් ටික නැග්ගා හනිකට
කට උත්තර නෑ දැන්නම් බස් ටික්කෝ හට
පින් ලැබෙනවා පෙර බස් රථයෙන් එය කිව්වට
අලුතෙන් හෝදලා ඇඳගත් ඩෙනිම අද
මිනිසුන් පෑගුවේ එහි ඇති සටන මැද
දෙන්නට හිතයි පොල් පිත්තක් අරන් හොඳ
කවදා නිම වේද බසයේ මෙවැනි වද
මේ මම පොල් ගහෙන් වැටුණේ පෙරේදා
ඔපරේෂන් එකක් ඇත හෙට අනිද්දා
කීයක් හරි දෙන්න මාමා සහ නැන්දා
කියමින් බසේ යන හැමටම ඔහු වැන්දා
එක පොත පනහ වේ මේ පොත් පහකටම
එනමුත් සීය පමණයි නොවැ ගන්නෙ මම
පොඩි දරුවන්ට වටිනවා මේ පොත් පහම
එනිසා අරන් යනු මැන තම නිවසටම
තමුසෙට ලැජ්ජා නැති බව නම් තේරේනවා
නැතිනම් මොකද ඔය හැටි මේ තෙරපෙනවා
තමුසේ වයසකයි දැන් බැහැලා යනවා
කියලා සෙරෙප්පුව ගෙන ඈ සොලවනවා
Thursday, July 5, 2012
අයියනායක - විමලරත්න කුමාරගම
සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ
බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
මේ සන්හිඳේ එළියක් ඇත සවස් ක ල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල
වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත
දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ
පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ
සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
කෙම්වර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම
සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්
ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
මීමුන් මදින් මත්වී අං මදින තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන
Monday, July 2, 2012
පුංචි කවි පද මෙන්න ගෙතුණා
නැග එන ඇසල සඳ
ඉමිහිරි කවිරසය විඳ
මේ කවි ලියන ලද
ජූනි තිස්වනදාය දින අද
නව රස පිරේ වා
අදහස් සඵල වේවා
කවි මුතු දිනේවා
පිපෙන සුව`දැති මල්ම වේවා
ආරාධනා ලැබුණා
කවක් ලියනට හිතුණා
අලසකම මැකුණා
පුංචි කවි පද මෙන්න ගෙතුණා
සයිබරයෙ වෙසුමට
නවමු දැකුමන් ලැබුමට
බ්ලොග් කවී ගෙතීමට
සිතක් සිතිලා මෙන්න අද මට
කවි පද ලියන්නම්
කවි මුතු මල් බලන්නම්
අඩවියේ ඉන්නම්
හැකි සෑම විට සැරිසරන්නම්
බ්ලොග් අඩවියෙන් දෙන
අමුතුය අමුතු දේ වෙන
මුතු ඇට ඇමුණූ මෙන
එකතුවේවා අඩවියට ජන
ඔබේ ආරාධනා ලැබ අඩවිය ගැන සිතුවේ
තනුජා අයගමයි මේ පදවැල් ගෙතුවේ
ඉමිහිරි කවිරසය විඳ
මේ කවි ලියන ලද
ජූනි තිස්වනදාය දින අද
නව රස පිරේ වා
අදහස් සඵල වේවා
කවි මුතු දිනේවා
පිපෙන සුව`දැති මල්ම වේවා
ආරාධනා ලැබුණා
කවක් ලියනට හිතුණා
අලසකම මැකුණා
පුංචි කවි පද මෙන්න ගෙතුණා
සයිබරයෙ වෙසුමට
නවමු දැකුමන් ලැබුමට
බ්ලොග් කවී ගෙතීමට
සිතක් සිතිලා මෙන්න අද මට
කවි පද ලියන්නම්
කවි මුතු මල් බලන්නම්
අඩවියේ ඉන්නම්
හැකි සෑම විට සැරිසරන්නම්
බ්ලොග් අඩවියෙන් දෙන
අමුතුය අමුතු දේ වෙන
මුතු ඇට ඇමුණූ මෙන
එකතුවේවා අඩවියට ජන
ඔබේ ආරාධනා ලැබ අඩවිය ගැන සිතුවේ
තනුජා අයගමයි මේ පදවැල් ගෙතුවේ
Subscribe to:
Posts (Atom)