Saturday, May 25, 2013


හිතේ ගුලිකර නෙතේ සඟවන්
ගී කියන
කඳුලු කිරිල්ලී

නුඹේ ගීතය
අසා දැනඋන්
කෙනෙක් වේනම්
මමයි ඒ කුමරා

හාදු වැස්සක්
අරන් ඇවිදින්
ගිම්හාන සැන්ඳැවේ
සිත තුටින් තෙපලූ

වැහි වළාවක එතී
අහස් තලයේ නැගී
දඟ කරන වැහි බිංදුවේ
මමයි ඒ කුමරා.

2 comments:

  1. දැන් වජිරා මේ ගිය ලියන්නේ පිරිමි චරිතයට පණ පොවමින් එහෙම නේද?

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................