Sunday, March 17, 2013

හදවිල කළඹා මියැදුන සිහිනේ
බොල් පිණි අහුරක් මත රැඳුනේ
සිව් වසරක පෙම් බැඳුනු අතීතය
අද ඇයි මේ විලසට බිඳුනේ..

පිපි තඹරුව දැක හිනැහෙන බිඟු ලෙස
ඇයි මා හද ගැඹුරට ඇදුනේ
ඒ බැඳි සෙනෙහේ වරපට ලෙහමින්
කිම ඔබ අද වෙනතක ඇදුනේ

මුවගින් ගිලිහුණු ආදර පද වැල්
දෝංකාර දේ මගෙ මනසේ
පන්හිද ගොලුවී සිතුවිලි සිරවී
ජීවිත ඟඟ මැදියම නැවතේ

සෙනෙහෙ තොටිල්ලක දිවි අරඹන්නට
පැතුවත් පෙරදින ඔබ හමුවේ
අද වෙන්වී ඇත අපේ පැතුම් මල්
විසිරී ඇත  හැමතැන දසතේ


2 comments:

  1. කීප දවසක් කමෙන්ටුවක් දමන්න හිතා හිටියත් නොහැකි උනා. හරිම සංවේදී ගීයක් වගේ පද පෙලක් නංගී. ඔබට හොඳ හැකියාවක් තියෙනවා. ජය!

    ReplyDelete
  2. ලස්සණ පද වැලක්....

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................