Wednesday, January 30, 2013

සිතුවම





නොයෙකුත් පාට තවරා
අඩු වැඩිව

උස්වූ තිසර තුඩු
පෙකනියද 
ඉඟ සුඟඳ

අඩ නිරුවත්ව දඟලයි
මහ මග දෙපස

බලන්නට සිතුවත් කෙලින්
බලන්නට නොහැකිවම
හොරෙන් බලමින් යන්නෝය
මිනිසුන් දෙපස

නිරුවත් ගැහැණු රුව දැක
මොහොතක් නතර විය නෙත
පරදවයි දිවි අප්සරාවන්
ඇගෙ රුව

අහෝ....

කෙතරම් අලංකාරද
සිත්තරුන් මැවූ ඒ 
සිතුවම

විහාරමහා දේවී උද්‍යානය දෙපස කලා පොළක් විය පසුගිය ඉරු දින.


සුභාෂිණි ගුණවර්ධන

4 comments:

  1. කාව්‍යේක්ති සහිත සුන්දර නිර්මාණයක්. පැදි වැලේ අකුරුත් නිවරදි වුවා නම් පංකාදුයි.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  2. ඒත් මට කියන්න පුළුවන්ද නිවරදි කල යුතු තැන් පිළිබඳව

    ReplyDelete
  3. අවසානෙටනෙ ඒ මොකක්ද කියල කියන්නේ. හේහේ.. ලස්සනයි.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................