Monday, May 14, 2012

ඔබා මාමේ මුලින්ම දෙව්ලොව ගිහින් ඊටපස්සේ නිවන් යන්න....

කියවා දැන ගතිමි කිසි දින නොදුටු             නිසා
ඔබා නමිනි කවුරුත් ඔබ හට                     පවසා
හදවත පෑරුණේ දුක්බර පුවත                      අසා
ඔබ හට දැන් හැකිවේය දෙව්ලොව යන්න  තිසා

බ්ලොග් තුළ දැම්ම  ඔබෙ අදහස්  හරි      තරුණ
කිසිදින වුණේ නැත එය වියපත්               පරණ
කෙලෙසින් කියා අදහන්නද මේ              කරුණ
ඔබෙ නම අමරණීයය එය නොව              මරණ

මැයි මස රතු මලින් බර වී තිබුණි             දොහේ
එකිනෙක වැටේ මල් මේ බ්ලොග් නැමති   ගහේ
දැනුමෙන් යුතුව කළු කෙස් ගස් සුදට          පැහේ
වැටුණත් පර නොවන මලකැයි කියනු        ඇහේ

නිවන් සුව ලැබ ගන්න - නෑ දෙව්ලොව      යන්න
එවට හැකිය තව බ්ලොග් මල්               අරඹන්න
එහි සිට අපට තව අදහස් ලැබ                   දෙන්න
ඉන්පසු නිවන අනියත බව දැන                 ගන්න

5 comments:

  1. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  2. යුග යුග ගෙවා ආ වියපත් වූ අයෙකි

    සිනහව වගෙම හිතිනුත් ඔහු තරුණයෙකි

    සැමටම පියෙක් මිතුරෙක් සහ සොහොයුරෙකි

    සමුගෙන ගොස්ය අදහනු බැරි එක දුකකි

    ReplyDelete
  3. ගොඩක් එවිවා බැලුවා ලස්සන එව්වා තියනවා, එකින් එකට කමෙන්ට් නොකලාට සමාවෙන්න

    ReplyDelete
  4. මේක දැක්කෙ දැන්. හරිම කනගාටුයි. කෙටි කාලයකදී හඳුනා ගත්ත හිත හොඳ සොයුරෙක්. ඔබා මහත්තයාට නිවන් සුව!.

    ReplyDelete
  5. සිංහල බ්ලොග් අවකාශයෙ ඔහුගෙන් පසු ඇති වුණ රික්තකය පුරවන්න කිසිවෙකුට හැකිවෙන එකක් නෑ. අළුතෙන් තරුණ අය බ්ලොග්කරණයට ඇතුල් වුණත් ඔබා මාමගෙ වයසෙ අය මේ පැත්තට යොමුවෙන සම්භාවිතාව හුඟක් අඩුයි. අනෙක ඒ වගේ ඇසුපිරූ තැන් ඇති සරල සුන්දර නිහතමානී වැඩිහිටියෙක් අපට මුණගැහෙනකක්ම නැති වෙයි.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................