රඹ පැහැ ගැනුණු මුත් රත් පැහැයට හැරුණු
ඔබ වත දකින විට බිය වෙයි සිත පිරුණු
ලොව උන් පිරිසිදුම සතෙකුය මුණ ගැසුණු
එනමුත් දකින විට හිරිකිත බව දැනුණු
තව එක් දෙයක් මේ ළඟකදි දැන ගත්තේ
පරිණාමය නැවතුණි තව පෙර තත්තේ
අප මෙන් වුණානම් පරිණාමය චිත්තේ
මෙලහට අප නැතිය ඔබ රජෙකුව ඇත්තේ
හිස ගැලවුණොත් හෙම අනතුරකදී ඔබගේ
ඉන්නට හැකිය තවදුර සයමසක් වගේ
ඉන්පසු නව හිසක් මතු වේ ඔබේ ඇඟේ
ඔබ වැනි සතෙක් නෑ මිහිපිට තවම අගේ
හදිසියෙ න්‍යෂ්ටික බෝම්බය හෙළුවෝතින්
මිහිපිට සියළු සතගේ දිවි අහිමි වෙමින්
ඔබ පමණකි මේ ලොව තව ඉතුරු වෙමින්
නැවතත් පරිණාමේ ඇතිවෙයි ඔබෙ සිතින්
දැන්වත් මිනිසුනේ අපි මේ ගැන හිතමු
හිරිකිත කියා බොරුවට පොඩි නොකර ඉමු
හුරතල් සතෙකු ලෙස අපි මූ ඇති කරමු
නැතිනම් මූ දිහා බලලා අපි හැදෙමු
කෝ මගේ Copyrights???
ReplyDeleteඅනේ සොරි හොඳේ.. (කැරපොතු විශේසඥ Geethanjana©2012)
Deleteඒක නෙමේ ඔය තව තව අළුත් දේවල් ටිකක් කියල එවන්නකෝ මම කවියෙන් ලියලා දාන්නම්.......
ලස්සනයි. කැරපොත්තටත් කව් මරැ මරැ
ReplyDeleteහී හී උන් වඳ වෙල යන්න කලින් ලියන්න එපැයි. තව ඔය ඉන්න ඉන්න හැම සතෙක් ගැනම ලියන්න ඕනේ..
Deleteමන් කියන්න හැදුවේ යවහන් ගැන සැලකිලිමත් නම් ඒ අකුරින් ඉවර වෙද්දී ඊට පෙර අකුර සමාන වෙන්න ඕන කියල මේ ලඟදි දන ගත්ත . ඔයා ගොඩක් ලියන නිසා ප්‍රයෝජන වත් වෙයි . මටත් ගොඩක් වෙලාවට වරදිනවා .
ReplyDeleteඋදා . පද හතරම
අරන්
කරන්
දරන්
තරන් ....හරි
බලන්, කරන් , වයන් ගයන් ...වැරදියි .
චතුර ගේ හද පතුල බ්ලොග් එකේ ගොඩක් විස්තර තිබුන .
කවදත් වගේ අදත් අලුත් දෙයක් හමුවෙලා . අපි නොදකින නොහිතන දේවල් ගැන ලියන ඔබේ හැකියාව අපුරු එකක් . කැරපොත්ත ඔලුව කැඩුවම ආයේ ඔලුවක් එනවද . මන් ඉගෙන ගෙන නැහැනේ එහම එකක් D
ඒක ඇත්ත කතාවක්. දැනට ලෝකේ ඉන්න පිරිසිදුම වගේම ඔළුවක් නැතුව මාස 6ක් ජීවත් වෙන්න පුළුවන් සහ නැවත වතාවක් ඔළුවක් එන්නේ ලෝකේන්ම එකම සතාටයි.(දැනට මම දන්න විදියට,වෙන ඉන්නවද දන්නේ නෑ)ඒ තමා කැරපොත්තා......
Deleteඅක්කගේ කවියක් දැක්කේ නෑ ගොඩ කාලෙකින්.
ලස්සන හුරතල් සතා? :D
ReplyDeleteඅත්තටු දෙකට පණ ඇවිදින් ඉගිලෙද්දි
ReplyDeleteගන්නව ඉලපතක් හොඳ හැටි හයිය ඇති
වෙල්මුල් වයිකාල් අවසන් මහ යුද්දේ
ඇරඹෙන්නේය අපේ ගෙයි සාලය මැද්දේ.........
වැසි දවසකදී වැස්සට පෙර කොමල පපා
Deleteකැරපොත්තන් පිරී පියඹයි නොමැත දෙපා
රබර් පටිය ගෙන තැනකින් දෙකට කපා
උන් හට විදියි ඉස්සර නම් අපේ පපා
එල හොඳේ නියම කවිය :ඩ
ReplyDeleteහ්ම්ම් නියමයි යාළුවා ,,
ReplyDelete