Thursday, May 10, 2012

සඳ කියයි අඩ අඩම...

කහ පාටින් දිලුණ 
‍හන්දියේ බිල්ඩිම් අතරින්...
සිත පුරා ගමන් කර
නැවත අහසට වීය
හෝ ගාන බස් රථය
ලයිට් කණු
පහු කරයි ...
ඒත් හඳ තවම
යනවා මගෙ පාරෙම 
නිකම හඳ නෙවෙයි අද
මෝදු වුණ වෙසක් සඳ 
දන්සලේ පෝළිමට
එළිය දුණි නිබද ස
බුදුන් බුදු වූණු වෙලාවේ 
සිටි සඳම තමයි අද
ඒ වුණත් සියළු සත
පන්සිලුත් කඩනවද...
ඳ කියයි අඩ අඩම
මේවා දකිනට සබ
දෑස මගෙ පව් නැද්ද ?

5 comments:

  1. හඳ කොච්චර අඬ අඬ කීවත් මිනිස්සු පව් වැඩ කරන එකනම් නවත්තන්නේ නෑ. ඒක ඉර හඳ වගේ විශ්වාසයි.

    ReplyDelete
  2. ලස්සන අදහසක් මල්ලි. සඳයි අපියි පන්සල් ගිය හැටි මතක් වුණා. මල්ලි හැමදාම විවේචනයක් බලාපොරොත්තු වෙන හින්දා මන් මේ කියන්නේ . කලබලේට ලිව්වා වගේ .නේද


    ''ඒත් හඳ තවම
    යනවා මගෙ පාරෙම
    නිකම හඳ නෙවෙයි අද
    මෝදු වුණ වෙසක් සඳ ''

    මෙතනදී රිද්මය ටිකක් කැඩිලා . . මන් හිතන්නේ ටයිප් කරන කොට වෙච්ච අඩුපාඩුවක් . ''අඬ අඬම '' කියල වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අක්කේ. කලබලේටනම් තමා ලිව්වේ. මොකද එකපාරටම අදහස ආවා. සටපට ගාලා ලියලා දැම්මා. අනික් දවස් වල නම් ටිකක් වෙලා කියවලා බලනවා. අනික නිසදැස් ආරට වැඩිය කවි ලියල තාම පුරුද්දක් නෑ වගේ. කවිමුතුමල් පාළු වෙන්න දෙන්න බැරි හින්දා දිගටම කවි ලියන්න ඕනේ කියලා හිතුනා.

      Delete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................