Wednesday, September 14, 2011

දරු නැළවිල්ල - ඇස් මහින්ද හිමි.


දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල

මුනි සිරිපා සිඹිමින් නේ

සමනොළ ගිරි පෙදෙසින් නේ

මඳ සුළඟයි මේ එන් නේ

මගේ පුතා නිදියෙන් නේ


නිදහස මහ මුහුදක් වේ

එහි උල්පත පුත නුඹ වේ

ඒ බව සිහිකොට මෙලො වේ

යුතුකම් ඉටු කළ යුතු වේ


විජය තුමා තම්මැන් නේ

පිරිවර සෙන් සමඟින් නේ

සිටි හැටි දැන් සිහි වෙන් නේ

මගේ පුතා නැළවෙන් නේ


දෙන දිවි මුත් රට වෙනුවෙ න්

ජාතික දරුවන් ලැබුවෙ න්

මිදී නොයන් සතුරු මුවෙ න්

ලක්මව් විසුවාය සුවෙ න්


තව්සෙකු සේ ඇඳ පැල ඳා

පඬුවස් දෙව් මහ නිරි ඳා

මා කඳුරින් ගොඩබට දා

මඟුලක් වී රට මුළු දා


දෙව්පුර මෙන් දෙවියන් නේ

සිරි ලක්දිව් බබළන් නේ

එහි සක් දෙව් රජු මෙන් නේ

මගේ පුතා ලොකුවෙන් නේ


ලස්සන මෙන් මහ පොළො වේ

අනුරාපුර ඉඳි කෙරු වේ

දොරමඬලේ කුමරිඳු වේ

උඹට පුතේ සුව එළ වේ


ජාතික රණ දෙරණ ම තේ

ගැටී වැටී මළ මොහො තේ

සුන්දර සුරඹුන්ගෙ අ තේ

නැළවෙන බව සිතනු පු තේ


සිරි මහ බෝ සිඹිමින් නේ

මහමෙව්නා පෙදෙසින් නේ

සුළං දැලක් මේ එන් නේ

මුටසිව රජු සිහි වෙන් නේ


ලක් වැසියන් කෙරෙහි නැ මී

අරහත් මහ මිහිඳු හි මී

පෙවුවෙ උතුම් සඳහම් මී

පුත! නුඹටත් පොවෙමි එ මී


ඇස් මහින්ද හිමි.


ජාතික නිදහස උදාකර ගැනීම සඳහා කවිය අවියක් කරගත් ඇස්.මහින්ද හිමියෝ දේශාභිමානය හා ජාත්‍යානුරාගය ලමාවියේ සිටම අප සිත් වල රෝපනය කොට පෝෂණය කිරීම සඳහා ස්වකීය පද්‍ය රචනා උපයෝගී කර ගත්හ. මේ පද්‍ය නිර්මාණයෙහි අභිප්‍රාය වන්නේ ද හෙළ දරුකැළ තුළ සිය දෙස රැස හා සමය පිළිබඳ වාත්සල්‍ය ජනනය කරවීමයි. කවි හිමියෝ ඒ සඳහා දේශාභිමානය සංකල්පය පදනම් කර ගනිති.

සෑම වැඩිහිටියෙකු තුළම ළමයෙකු සැඟවී සිටින බැවින් මෙම නිර්මාණය හුදෙක් ළමයින්ටම පමනක් සීමා නොවී සෑම රසිකයෙකුටම සමීපවී දේශවාත්සල්‍යය ප්‍රබෝධනය කරයි.

පුතුගේ තොටිල්ල සිඹගෙන මදනල හමයි. ඒ මදපවන එන්නේ සමනොළ ගිරි පෙදෙසිනි. මුනි සිරිපා සිඹිමින් එන ඒ මදපවන පූජනීය වේ. තොටිල්ලේ සැතපෙන බිළිඳුට බුදුසරණින් සුවසේ සැතපිය හැකිය.

නිදහස මහ මුහුදකි. පුත නුඹ ඒ මුහුද සඳහා උල්පතය. පුතෙකුගේ වගකීම පිළිබඳව සිහිකොට ඒ ඉටුකිරීම පිළිබඳ යුතුකම තොටිල්ලේදීම එය පුතුට අවධාරනය කරයි.

කවියා විජය කුමරු ගේ ලක්දිවට පැමිණීම පිළිබඳව රසික මනසේ සිතුව්ම් කරයි.

අතීතයේ සිට වරින් වර ලක් මව ගිල ගැනීමට සතුරෝ පැමිණියහ. එහෙත් ඇය සතුරු මුවෙන් මිදී සුවෙන් විසුවේ ඇය රට වෙනුවෙන් ජීවිතය වුවද පරිත්‍යාග කරන දරුවන් ලැබූ නිසාය. ජාතික දරුවන් ජාතික විරුවන් වන්නේ ඒ ජාතික මෙහෙවරෙනි.

ලක්දිව රාජ වංශය තහවුරු වන්නේ පඬුවස් දෙව් රජුගේ පැමිණීමෙනි. ඔහුගේ පැමිණීම මුළු රටට ම මඟුලක් වූයේ එහෙයිනි. කවියා දෙව්පුර මෙන් බබළන සිරිලක් දිවෙහි සක්දෙව් රජ මෙන් පුතා ලොකුවන්නට පැතීමෙන් ළමා සිතෙහි ගොඩ නඟන පෞර්ෂය ඉතා ප්‍රබල ය. මහ පොළවේ සුන්දරත්වය ල්‍රෙස අනුරාධපුරය ඉඳිකෙරුවේ දොරමඬලාව කුමරිඳු නම් වූ පණ්ඩුකාභය කුමරුය. එම චරිතය ළමා මනස අභියෝගශීලී භාවයෙන්ද නිර්මාණශීලී ගුණයෙන්ද සන්නද්ධ කරවන පූර්වාදර්ශයකි.

යුද වැදී ජාතික රණ දෙරණ මත ගැටී වැටී මිය යන විරුවෝ සොඳුරු සුරඟනන් අතේ නැළවෙන බව පුතුට පෙන්වන්නේ යුද්ධයෙන් මිය යන විරුවෝ ස්වර්ගයෙහි උපදින බව හින්දු සංකල්පයෙහි ඇතිබවද දක්වමිනි.

ශ්‍රී පාදය මෙන්ම ශ්‍රී මහා බෝධිය ද බෞද්ධයන්ගේ සදා පූජනීය සිද්ධස්ථානයන් ය. එහෙයින් මහ මෙව්නා පෙදෙසින් සිරිමා බෝ සිඹිමින් සුළං දැලක් එන මොහොතේ මුටසිව රජු සිහි කරයි. මෙරට උද්‍යාන සංකල්පයේ පියා එතුමාය. සිය ජීවන පරිසරය සුන්දර කරගැනීම සඳහා සංවේදීවූ ඔහුගේ දර්ශණයේ ප්‍රබල බව කවියා ද්වනිත කරන්නේ පිරිසිදු නළ මුදු සුවඳක මහිමය සිහිගන්වමිනි. බුදුන්වහන්සේගේ ලංකා ගමනය සිහිපත් කරවමින් අරඹන මේ නිර්මාණය සමාප්ත කෙරෙන්නේ මහින්දාගමනය සිහිපත් කරවමිනි.

ලක්වැසියන් කෙරෙහි උපන් දයනුකම්පාවෙන් යුතු අරහත් මහ මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කර පෙවූ උතුම් සඳහම් මියුරු රසය පුතනුවනි නුඹටත් පොවමි යන යෙදුම මිහිඳු හිමි අනුදත් සිංහල බෞද්ධ සංස්කෘතිය පරපුරෙන් පරපුරට ප්‍රදානය කළ යුතුය යන කවි සිතෙහි වූ ප්‍රර්ථනාව මැනැවින් කුළුගැන්වීමකි.

එහෙහින් ළමා වියෙහි සිටම ජාතික අභිමානය හා දේශවාත්සල්‍ය ජනිත කරවන මෙම නිර්මණය ශෘති රම්‍ය සුගායනීය විරිතකින්ද සුභාවිත බසකින්ද සුපෝශිත වත්සල රසය උපදවන නිර්මාණයක් ලෙස අගය කල හැකිය.

^ මෙම විස්තරය ලබා ගත්තේ ජූනි මස 19 වන ඉරිදා සිළුමිණෙහි පලවූ මහාචdර්ය දර්ශන රත්නායක මැතිඳුන් විසින් පළකරන ලද තිලකය නම්වූ පද්ය සංග්‍රහයෙනි. ඔහුටත් " එස්. මහින්ද හිමියන්ටත් හදපිරි ප්‍රණාමය. &

Monday, September 12, 2011

ගුරුලේත්තුව

දින දින පිරුණි නව ජලයෙන් හොඳ    හැටිම
ඒ ලෙස සිත් සතන් පුරවා අපි            අපෙම
තිබහට වතුර දුන්නා ඔබ අප              වෙතම
මේ වසරෙදිත් අප ලඟ ඉනු එය           පැතුම

සීතල ජල පොදක් ඔබ අප හට              දන්දී
එනමුත් ලැබු දෙයක් නැත ඔබ අප      වෙතදී
කළගුණ සලකනුව නිතරම ඉමු            පින්දී
ඔබ නැති තැනදි මේසය තනිවම            පරදී

හරි තේජසින් අවුරුදු මේසය                මතදී
කිරිබත් මුංකැවුම් අතරේ ඔබ                ඉද්දී
රජෙකුව මැදට ගත් සේනාවක              සිද්ධි
මතකෙට නැඟුණි ඔබ දුන් ජල මා      බොද්දී

තව එක් දිනක් ඔබ ඔය තේජස            පෑවා
නාබර නැගණියන් වැඩි වයසට            ආවා
ඔබ තවමත් එහෙම වෙනසක් නෑ         පෑවා
ඔබ නැති තැනදි මෙනි හඳ තුළ නැති    හාවා

හරි දුක සෝකයෙන් තැවෙමින් තිබු  ගෙදර
ලොකු දුකකින්ය සුදු රෙදි මේසය        අතර
මරණෙට ආ අයට ඔබ දුන්නා              වතුර
සැලකුව කෙනෙකු නැත සීයට ඔබ       විතර

කාලය කෙමෙන් ගතවූවා නෑ          දැනුනේ
බෝ කලකින් පසුව මා ගෙදරට       වැදුනේ
ඔබ තවමත් එහෙම ලොකු මේසය   මතනේ
ඔටුනක් වැනි පියන ඔබ හිස මත      රැඳුනේ

මඟුලක සිරිය විසිරුණි මේ ගෙබිම        තුළ
මා දැන් බවට පත්වී ඇත                මනමාල
මඟුල් මේසේ මත ඔබ ඉනු දුටුව           කල
ලොකු ප්‍රශ්ණයකි ඔබ නොවැටුණි රස  ආල

කාලය තව ටිකක් දුරස්ව ගිය              කලට
තව තව අමුත්තන් එක්වුණි           පවුලකට
උවමනාව වැඩි වුණි ඔබගේ              වැඩට
තිබහ නිවන එක ඔබ හට ඇති           සතුට

එක් දිනයකදී ඔබගේ වැඩ           කරන'තුර
මේසය මතින් පතිතව සැම තැන        විසිර
රතු රුධිරයක් මෙන් සැම තැන ජල   පැතිර
ඔබ ගැන සිතමි දුක්බරිතව ඇඳ         වැතිර

සසරේ පණිවිඩය කියු බව මට          දැනුණි
අනියත බවද ඉන් හොඳහැටි හෙලි කෙරුණි
නව ජල බඳුනකට මේසයේ ඉඩ       ලැබුණි
ඔබ දුන් රස තරම් රස නැති බව       දැනුණි

Monday, September 5, 2011

මේ කවි ටික ළමයින්ටයි



ඉර අම්මගේ දරු නව දෙන
එක අහසට වැඩි හින්දා
හොඳ සවි ඇති දුනුවායා
උන් නව දෙන බිම දැම්මා                                                     
.                              .සතුටු වෙච්ච රැජින අතින්
                                  අමරස ඔසු පැන් ලැබුන හෙයින්
                            සදහට ජිවත් වෙන්නෙමි
                                       දුනුවායා සිටිය තුටින් ..
..දුනුවායා නැති වාරේ
සොරා ගන්න ඒ ඔසු පැන්
කපටි හොරෙකි
එහි ආවේ ...
                                        .....හොඳ කීකරු බිරින්දෑය.
                                         කළහැකි දේ නොදත්තාය
                                                 ඔසු පානය එක හුස්මට
                                              බීගෙන බීගෙන ගියාය
..බෙහෙත් බලය හරි බලගතු
පියඹා උඩ  අහසට නැග.
සඳ මත ඇය නැවතුනාය
එන්නට යලි බැරි වුනාය ..
                                   ...හොඳ සාවෙකි හඳේ ඉන්න
                                              උදව් කරන්නට ආවා..
                                          රූමත් මේ ලඳ ගාවා
                                               බෙහෙත් කොටනවලු හාවා..
  ..හරි ලොකුවට වටකුරුවට
 සරත් සමේ සඳ එනකොට ..
මනරම් පහනකින් කියයි
ඇයට එන්න තතු මගතොට ..
                                               ...පුංචි ළමෝ එක් වෙනා ...
                                                  සඳ එළියේ නැහැ වෙනා
                                           සිඟිති ලොවේ සිරි දැක දැක
                                                සඳ දෙව්දුව හිනැහෙනා ..

Picture .මෙතැනින්



''සඳ උළෙලේ '' කතන්දරේ කවියෙන්  ලියන්න කියල අසංක මල්ලිගේ ඉල්ලීමට ලිව්ව කවි ටික .

Friday, September 2, 2011

කුංග් ෆු පැන්ඩා කව....



3D ලෙස              නිමැවුණු
'කුංග් ෆු පැන්ඩා' නම      දිනු
සටන් කලා ගැන කියැවෙන
බයිස්කෙප්ප           පිටවුණු

නම 'පෝ' නම්    පැන්ඩෙකි
තාත්තා              තාරාවෙකි
නගරයේම ප්‍රසිද්ධ      වුණු
කෑම කඩේ අප            දකී

සටන් කලාවට හිත      ගිය
පාලනයක් නෑ ඇඟ      සිය
එකම කලිසමයි    ඇත්තේ
නොරැ‍ඳේ සිය ගත       එය

ජීවිතේට නෑ              කලින්
පිබිදෙන්නේ  මොහු උදෙන්
ඒ වුණාට සටන්           කලා 
තම හිස මුදුනේ         තියන්

කොටියයි, වඳුරයි ,         නයයි
තණකොළපෙත්තයි, කොකයි
තමයි 'පෝ' ගේ වීරයෝ   ටික
පිස්සු හැදෙන වැඩ        ටිකයි

සටන් කලා               පාසලේ
ඉගැනුම ලැබ පොඩි     කලේ
ඉන්න එකම හතුරා       තමයි
රුදු කළු කොටියෙකි බොලේ

ඔහු සිර කොට       සිටින්නේ
රයිනෝ හිර          ගෙදරනේ
කෙදිනක හෝ ඔහු එන   බව
ඉවෙන් වගේ    දැනෙන්නේ

ඔහු එන බව        සැලවෙලා
ඩ්‍රැගන් වොරිය      තෝරලා
මකර කටේ රඳවා        ඇති
පත්‍රිකාව දෙනු          බොලා

ඩ්‍රැගන් වොරිය    උත්සවයට
පඩි දහසක් ඇත      නගින්ට
පැන්ඩා නගින විදිහ  දැකලා
හිනා නොවි බැහැ   සිටින්ට

අමාරුවෙනි           නගින්නේ
පාසල් දොර       වැසෙන්නේ
උත්සවයේ             ආරම්භය
මේ මොහොතේ වෙයි අනේ

අහස්කූරු පුටු            මතින්
උඩගිය විට ඔහු         ගතින්
වැටුණේ අර සටන     මැදට
කට්ටිය ඇත බිය       සිතින්

පැන්ඩට සිහි නැති       වුණා
සටන් පාසලේ             පිනා
පැන්ඩා ලඟට ඇවිල්ලා දැන්
ඩ්‍රැගන් වොරිය නම    දෙනා

හරිම වැඩකි වුණි       බොලේ
තරහෙන් අන් අය        සැලේ
තඩි ඇඟ මෙන් නෑ මොළයක්
කියමින් කල් ගත        කළේ

මොහු නොම වෙයි සූරයෙක්
කෑමට නම්            මාරයෙක්
මාස්ටර් 'ෂිපු'ත්             කිව්වා
ඔහු කම්මැලි         කාරයෙක්

මාස්ටර් හට       තේරු‍ණේය
'පෝ' ට කෑම  නෙදෙන්නේය
අමාරුවෙන් කෑමට    ගොස්
නොදැන කුංෆු   උගන්නේය

මකර කටේ තිබු       කොළේ
නොවැටී ගත්තත්         විලේ
එය ඇතුලේ කිසිත් නොමැත
හිස් කොළයකි හිත    සැලේ

කොටියයි, වඳුරයි,       නයෝ
ඇතුළු සටන්          කාරයෝ
කළු කොටියව    පරද්දන්න
දැන් උන් සටනට      ගියෝ

ඌ දැනගත් වැඩ        වැඩියි
 නිල බලලා පහර         දෙයි
අපේ සටන් කාරයෝ   ටික
ගුටි කාලා බිම         වැටෙයි

කළු කොටියා          පාසලේ
පැන්ඩත් නෑ         අත්හලේ
කළු කොටියට නැගිටගන්න
බැරි විදියට ගුටි       කෙළේ

පැන්ඩා නියම         වීරයාය
පාසලෙ දැන්           සූරයාය
කුංෆු පැන්ඩා ලෙස නම දිනු
බයිස්කෙප්ප නිම    වුණේය.

Monday, August 29, 2011

හේරත් හාමි - විමලරත්න කුමාරගම

අලියා වැටුණු වැව සිටි හේරත් හා                        මි
මා වැනියකු වුවද මම වැදගත් වී                           මි
මිනී කපන මුත් ඒ හේරත් හා                               මි
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑ                      මි

ඉස්පිරිතාලයේ අලියා වැටුණු වැ                        වේ
මළ මූ ඇදීමෙන් ඔහුගේ දවස ගෙ                      වේ
මාසික පඩිය ලැබ පෙන්නූ නමුදු සු                     වේ
ඔහු දුටු සෑම විට මා දුක් මුසුව තැ                       වේ

ඇඟපත දැඩිය හැඩ ඇත හීන්දෑ                          රිය
වයසක් නොමැත නාඹර ඉලන්දා                       රිය
කිසිවෙක් තවම නැත පැවසුමට බා                    රිය
මට පුදුමයකි ඔහු මේ කරන කා                         රිය

මා වැනියෙකුට තද සංවේගයම දි                         දී
හැමදා උදේ ඔහු මගෙ වැසිකිළිය අ                     දී
හදිසියෙ යමකු මළහොත් දොස්තර ද ව                දී
අප ඉදිරියේ ඔහු මළකුණ කපන ල                       දී

ගොවි-කම්කරු රදල-උඩරට කිසිම කු               ලේ
වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය ක     ළේ
දැනගන්නට කිසිදු වරදක් නොමැත මො           ළේ
කිසි අනතුරක් නොකරයි කිසිවකුට කැ             ලේ

අවනත සිනා රැලි වත නිතරම පතු                      රයි
හැම වදනක් ම අවිහිංසකව පතු                         රයි
හැමදා වගේ සවසට බොන ගිනි වතු                  රයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතු                  රයි

පිහියා පහර ලැබ ඔහුගේ නැගණි අ                  නේ
මළ හැටි සිහිව මගෙ නෙත තෙත ගතිය දැ        නේ
නෑඬුව නමුත් ඔහු නැගණිය මැරුණු දි               නේ
උණ ගත් දාට වැලපෙයි නෙත කඳුළු පෙ           නේ

නැගණීය මළ විටදි දොස්තර සමඟ ගො           සින්
ඇගෙ කය කපන ලදි හේරත් හාමි වි                සින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බ             සින්
ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි ම          සින්

නූපන් නිසා දනවත් මහරු පා                           යක
පන්සල වෙතට යයි හැම විටම පෝ                 යක
අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දා                  යක
ඊටත් වඩා සලකයි අයියනා                             යක

                                    ----------------------------------------------------------------------------


 1919 ජනවාරි 18 දින පාතදුම්බර පාලිස්පත්තුව බස්නාහිර කොරළේ නාරම්පනවේ දි ජන්මය ලැබු විමලරත්න බණ්ඩා කුමාරගම ගේ පියාණෝ විමලරත්න කුමාරගම 1928 ජනවාරි 18 වන දින පාතදුම්බර පාලිස්පත්තු බටහිර කෝරලයේ නාරම්පනාව ග්‍රාමයේ උපත ලැබිය.පුංචි බන්ඩා කුමාරගම හා බණ්ඩාර මැණිකේ කුමාරගම ඔහුගේ දෙමාපියන් විය. ඔහු හත දෙනෙක් ගෙන් යුක්ත පවුලක දෙවනියා විය.
                            ඔහු මහනුවර මාකොලදෙනිය වේරපිටිය පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ අතර පසු කාලීනව තෙල්දෙණිය ද්වි භාෂා විද්‍යාලයේ හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය. ඔහු අවසාන වශයෙන් නුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර මැට්‍රිකුලේෂන් විභාගය විශිෂ්ඨ සමර්ථ සහිතව සමත් වූ අතර ,පාසැල කාලයේද සිංහල කවිය පිළිබද උනන්දුවක් දැක්වූ අතර කවි රචනයේද නියැළුණි.

  පොත්
  • නිල්සීනය (1941)
  • ඔරුව (1942)
  • සංවේග වේදනා (1946)
  • සපුමලී (1946)
  • සුරතල්ලු (1961)

කවි
  • හේරත් හාමිනේ
  • අයියනායක
  • දඩයම
  • වන්නියෙ මල්
  • ගමේ වැව
  • කිරා
  • ආරච්චි රාළ
  • සිරගෙය
  • යන්තම් බේරුනා
  • හරක් හොරා
  • බුදුරුව
  • සුන්දර හාමි
  • ආගන්තුක සත්කාරය
  • අවුරුදු නිවාඩුව
  • මුතුගේ ප්‍රශ්න
  • වන්නියෙ දොස්තර

                                         උපුටාගැනීම :  විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

Saturday, August 27, 2011

මගෙ පොඩි මල්ලී



මට ගහලා සිනා සෙන්නේ
අක්කා ලඟට දුවන් යන්නේ
බේරීමට හාදු දෙන්නේ
මගෙ පොඩි මල්ලී

අප්පච්චිට කොමල පපා
අම්මා ගාව තුරුළු වෙලා
දන්නැති භාෂා කියවන
මගෙ පොඩි මල්ලී

සමනලුන්ට පාට දුන්න
පිච්ච මලට සුවද දුන්න
අපේ ගෙයට එළිය දුන්න
මගෙ පොඩි මල්ලී

Thursday, August 25, 2011

රැවුල

අතදරු සමය පසු කරමින්                 සැතපෙන්නේ
සුසිනිදු බවකි ඔහුගේ මුහුණේ                     රැඳුනේ
කිරි පැහැ සුදෙනි ඔහු ගත මෙන් සිත           දිලුනේ
පෑයූ පුන් හඳක් මෙනි බබලණ                   පින්නේ

බහක් නොතේරෙන වදනට                     උල්පතය
පිරුණූ මස් ගොබින් යුතු ඔහුගේ                   ගතය
සඳ හිරු කිරණ පායා ඔහු වත                        මතය
ලාවට නැඟුණු ගස් තඹ පාටින්                       යුතුය

දනගා යනෙන වයසට දැන් කෙමෙන්           හැරේ
වෙනමම ලෝකයක් තම සිත තුළම               පිරේ
වෙනසක් නොමැත සිත නොයොදමි රැවුල   කෙරේ
මොනර ගෙල පැහැය මෙනි කෙස්          අතරතුරේ

පාසැල් සමය අවුදින් ඒ තුළ                      වෙලුණූ
තඹ පැහැ ගස් කෙමෙන් රඹ පැහැයට         හැරුණූ
දුවිලි වැදී මුහුණේ දහඩිය                          පෙරුණු
අව් රැස් නිසා තද කළු පැහැයෙන්                  දිලුණු


සැබෑ වතකි නෑ පලඳා වෙස්                          මුහුණූ
ඉලන්දාරි යැයි කීවා ගම                             ගැහැණූ
කටහඬ රළුය හඬ මෙනි බසයෙන්              නැඟුණූ
කුරුලෑ මුහුණ සඳ ලප වාගෙයි                     පිරුණූ

පරිනත යොවුන් වයසේ දැලි රැවුලේ               හැටී
මුල්වර කැපු දින කිරිබත් කාලා                        සිටී
මුහුණම එළිය වී රස ආලයක                          වැටී
දින දින වෙනස් වන හැඩයෙන් යුතුව                දිටී

තේජස බලය පෙන්වන උඩු රැවුල                   එදා
ඔහු හට දාව දරුවන් සිව්දෙනෙකු                     වදා
සඳ නැති රෑක ගගනේ කළු පැහැය                   බදා
තිබුණත් පසුව තැන තැන ඇති පැහැය             සුදා

තැන තැන රැවුල හටගෙන ඇති මේ               දවස
අඳයට ගත් කුඹූර මෙනි ඔහු පෙර                  දවස
රැවුලද ඔහු සමඟ වල ගොස් තනි                 පිණීස
සුව සේ වෙසේවයි දුරු කරගෙන              වෙහෙස

Thursday, August 18, 2011

පරිණාමා - සාගර පලන්සූරිය

දහඩිය පෙරාගෙන මහ දහවල                    ගින්නේ
වැලිබත් උයන අවදියේ ගෙයි              පිළිකන්නේ
මා ඇය දුටුව බව ඇය කොහොමද              දන්නේ
හඳ වාගෙයි එදා ඈ බැබලුණු                     පින්නේ

ඇගෙ නෙත අහිංසක රසයට                   උල්පත ය
ඇගෙ මොළකැටි ගතිය රැඳුණේ මල්         වෙත ය
සඳ හිරු පළමු බැලුවේ ඇගෙ                 පැල්පත ය
එහි හැම තැනම මිහිරිගෙ සුරතල්                 වත ය

ඇගෙ නෙත් පහර වැද නාදලු නිලට              හැරේ
තොල් පැහැ පෙනේ ගම අහසේ බහින          ඉරේ
පවතී මිහිරි බව ඇගෙ පරිසරය                    කෙරේ
ඇය ඇති තැනදි වැඩි මීමැසි බමර              පොරේ

ඉන්පසු ඇය දිටිමි නව යොවුනෙහි            වෙලුණු
රන් තරුවක් වගෙයි කිරි මුහුදෙහි                ගිලුණු
ඇගෙ යටි පතුලෙ වැද යන තැන                 තැලුණු
වැලිකැට තිබේ හිරියල් පාටට                    හැරුණු

ඇගෙ නෙත් කොනින් ආ මඳලස වැද           පිපුණු
වනමල් ගැන කීහ සමහර ගම                    ගැහැනු
ඇගෙ කටහඬින් ඉපනැලි තුළ ගොනු          ගැසුණූ
සුමිහිරි තාල කවදාවත් නැත                     නැසෙනු

පරිනත යොවුන් වයසේ විලි බර ව                   සිටී
ඇය මම දිටිමි මුළු ගම බබලවන                     හැටී
හැසිරෙනු දිටිමි රන් රස ආලයක                     වැටී
ඇය දැන් තනිව විසු දවසට වැඩිය                     වටී

කලකට පසුව යළි මම ඇය දිටිමි                      එදා
ඈ ගැහැනියකි ඇති දරු සිව්දෙනකු                   හදා
හළ මෙන් දිටිමි හැම සිරි ඇය වෙතට               මුදා
ඈ සල් ගසක් මෙනි ඇති මල් පොකුරු             දදා

අවසන් වරට මවිසින් ඇය දුටු                        දවස
ඇය පිරිවරා වැලපුණි හිත ඇති                      පිරිස
සුව සේ වෙසේවයි දුරු කරගෙන               වෙහෙස
සොහොනක් කළෙමි මගෙ හදවත ඇය        පිණීස
                           
                                                                                         සාගර පලන්සූරිය 
                                                                                           ( විසිවුණූ තරු )

                    ----------------------------------------------------------------------------

රත්නපුර කළල්ඇල්ලේ කොස්සින්න ගමෙහි පලන්සූරිය මොහොට්ටාලලාගේ ගොරකහාමි මහතාණන්ට දා ව හේනක ආරච්චිලාගේ යසෝහාමි මාතාවගේ කුසින් 1908 මාර්තු 11 වැනිදා උපන් පලන්සූරිය ‍මොහොට්ටාල්ලාගේ ඩිංගිරි මහත්තයා පසුව වඩාත් ප්‍රකට වූයේ ඔහු පැවිදි කල භාවිත කළ   'කළල්ඇල්ලේ ආනන්ද සාගර 'නාමයේ මුල'කුරු වන කේ.ඒ.එස් ඇසුරෙන් උපදවාගන්නා ලද   'කේයස් ' යන අන්වර්ථ නාමයෙනි.කුඩා පලන්සූරිය සිය පුංචි මිතුරන් සමඟ ගමේ ඇවිදිමින් කෙළිදෙළෙන් ගත කළ කාලය පිළිබඳ සැමරුම් වැඩිහිටියකු වූ පසු ද ඔහු හැරගියේ නැති සැටි ඔහුගේ  'කණ උන්දෑ' , 'මා උපන් ගම ' වැනි පද්‍ය විමසන කල පැහැදිලි වේ.

  කේයස් යන නම වඩාත් ප්‍රකටව ගියේ ' ටෙනිසන් ' නම් ඉංග්‍රීසි කවියාගේ 'ඊනොක් ආඩ්න්' කාව්‍යය ඇසුරෙන් ඔහු ලියු ' සුදෝසුදු ' කවි කතාවත් සමඟිනි. 'කාලකණ්ණියා' , 'කැලණි විත්ති' , 'ගොවි පෙරමුණ' , 'විසිවුණු තරු' , ‍'මල් හාමි' යනාදි කෘති ද පුවත්පත් සඟරාදියෙහි පළ වුණූ 'ධීවරී ගීතය' , 'තැවුල් ඉගිළෙන සිහින' , 'දෙවියන් නැති දෙවොල' යනාදි පද්‍ය පන්ති ද කේයස් ගේ නිර්මාණ අතරින් බෙහෙවින් ම ජනප්‍රිය වී ය.

                  ඔහුගේ පද්‍ය නිර්මාණ බෙහෙවින් සරල බසින් යුතු වූයේ ය. ගැමි මුවට හුරු ඔහුගේ උපමානෝපමේයයන්ගෙන් යුතු මේ නිර්මාණ කේයස් ජීවමානව සිටියදී ම ජනකාව්‍ය තත්ත්වයෙන් ප්‍රචලිත විය. කේයස්ගේ විමර්ශනාක්ෂීයට රජවරුන් , තවුසන් , උපාසකයන් , මහල්ලන් , ගොවියන් , ධීවරයන් , කම්කරුවන් , ආදී විවිධ මාදිලියේ චරිත හසු වී ඇති අයුරු ඔහුගේ නිර්මාණ සමුදාය විමසන කල දැක්ක හැකිය.
               උපැවිදි වීමෙන් අනතුරු ' සාගර පලන්සූරිය ' නමින් ප්‍රකට වූ හෙතෙම කලක් හොරණ ආසනයේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය. ඉනික්බිති විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයෙහි සංවිධායක වශයෙන් කටයුතු කරමින් සිටියදී රෝගාතුර වූ සාගර පලන්සූරිය හෙවත් කේයස් කවියාණෝ 1961 ජූනි 21 වැනි දා මෙලොව හැර ගියහ.
       

Wednesday, August 10, 2011

සරුන්ගල් නිවාඩුව



ඉරටු කපාගෙන - නුල් සොයාගෙන
පාප්ප හදන්න - පිටිත් සොරාගෙන
   ඒ විතරක් මදි ..
නුල් පන්දුවක් - කොළ තුන හතරක්
කොහෙන්ද මුදලක් - කඩමුකො කැටයක්
    ..කවුඩද නයාද ..අනේ වැඩක් නැහැ - හදමුකො අපි හොඳ ලස්සන මොණරෙක්
වුවත් අපිටත් පොඩි පොඩි වැඩ හුරු
කරන්න ඉඩ නැහැ අයියයි වැඩකරු


    
කොළ අලවාලා ලස්සන කරතෙයි
රැලි රැලි දාලා තව හැඩ වැඩෙ තියි
ඇඟිලි තුඩින් ගෙන ''සේරුව'' දමතෙයි
සමබර නොවුනොත් ''කූරිය'' ගසතෙයි


සුළඟ ඇදෙන අත හොඳට බලන්නට
අය්යා සමතෙකි ඕව කරන්නට
සුලන් බදනකම් අල්ලන් ඉන්නට
සිදුවිය හැමදා ගෝලය වෙන්නට


නෙක නෙක හැඩ මෙන් පාට පාට ඇති
සියක් සරුංගල් අහසේ පාවෙති
මාට්ටු දමලා කොල්ලන් තුටු වෙති
බේරන්නට අහසේ ලොකු සටනෙකි


සරුංගලය ඈතට ගිය තරමට
අපිත් ගියා වාගෙයි දුර අහසට
මිතුරේ අහසේ දුටුවේ මොනවද
වලාකුලක් මට කොඳුරනු දුටුවද

පැයක්ද දෙකක්ද නැහැ මුළු වරුවම
දිනක්ද දෙකක්ද නැහැ මුල් මාසෙම
සරුංගලේ නුඹ උඩ ගිය පාරෙම
හිත තිබුනෙත් මගේ දුර ආකාසෙම


නුල කැඩී නුඹ යන්නම යන්නට
ගියදා සිදුවෙයි දුක උහුලන්නට
අනියත දම ගැන විය දැන ගන්නට
යලිත් හැකිය අලුතින් අරඹන්නට




මේ කවිය ....
කුඩා කල නෙක පාට සරුංගල් හැදු අය්යාට ..එගොඩහ සිට හැම වාරෙටම විසල් සරුංගලයක් මෙගොඩට එවූ නම නොදත් අය්යලාට ..
සරුංගල් එක්කම අපිවත් අරන් අහසට ..
ළමා මුව සිප මකා ලුණු රස දහදිය
එදා වාගේම අදත් වෙනසක් නැතුව දැවටෙන
සදාදරණිය සුළඟට ......


Picture from Google Images

Sunday, August 7, 2011

කඳුළු බිංදු !

කඳුළු බිඳක් හංගා ගෙන දෙනෙත් පියන් යට

බලා හිටියෙ හැමදාමත් ඔබ එන පෙර මග

හිනා මලක් පුරවා ගෙන ඔබගේ දෙතොළග

එතැයි කියා බලා හිටියෙ පැතුම් පුරෝ ගෙන



වස්සානය ගෙවී ගියා නොසිතූ විලසම

ගිම්හානේ කොළ සේරම පරවී වැටුනම

ආවා නුඹ මා සොයාන හිරිපොද වැස්සෙම

කඳුළු බිංඳු ගලා ගියා මගෙ මුළු මුහුනෙම



වැහැර ගියත් ඔබෙ ගත සිත විඩාබරව අද

දෙනෙත් පුරා පෙනේවි මට ආදරයක හැඩ

ගඟුලේ වරම් ලබා කිමිදෙන්නට අද

පිහින පිහින නාමි ඔබේ පෙම් ගඟුලේ අද



කල්ප කලක් පෙරුම් පුරා මුළු සංසාරෙම

ලඟින් ඉන්න පැතූ පැතුම් ඉටුවීලා අද

සෙනේ මලක් පිබිදීලා ම’සිත් උයනෙ අද

ලමැද හොවා සැනසෙමි ආදරයෙන් හිස