
ප්‍රින්ට් කරලා විකුණන්න
රෝමියෝ ජුලියට්ව
ගෙලවටා බැඳගන්න
දස්කොන්ව ප්‍රමිලාව
ස්ටිකර් හදාගෙන
ගජමන්ගේ කවිවලින්
ෂෙයා කරගෙන යන්න
ක්ලියෝපැට්රගේ පුවත
සාජහන් මුම්ටාස්
දන්නවද දන්නේ නෑ
අාදමුයි ඒ්වවයි
සීඩිවල කවරවල
දෙව්දාස් ෆිල්ම් එක
පොරි කකා බලනකොට
අාදරේ කොහෙද බං
දුවන හදවත් වලට
"අාදරය" බ්‍රැන්ඩ් එක
කෑගහලා විකුණන්න
අනංගයාගේ කඩෙන්
හී පාර විදගන්න
අාදරය විරහාව දෙකම
ලාභයි ගන්න
අපි තාම පිටස්තර
නැද්ද බං අාදරෙට......
The bitter truth!!
ReplyDeleteබොහෝමත්ම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට.. අනිවාර්යයෙන්ම එන්නම් අහස්ගව්වෙන් එහා ලෝකයට
ReplyDelete