
ස්වාමීනි,
නැඟී සිටින්න.
මගේ වරදට සමාවන්න ස්වාමීනි.
ඒය මගෙ නොව,
සිතෙහි වරදකි,
නැත ස්වාමීනි,
සිතෙහි නොව,
ඉඳුරන්ගේ වරදකි,
ඒවේලෙහි
මගේ ඉඳුරෝ
බලවත්ව නැඟී සිටියෝ ය.
ඔබ මිස
අන් කිසිවකු නොහඳුනන
මගේ සිත
වරදෙහි ඉන්ද්රියන් හා ඒක් නොවී ය,
නැඟී සිට සමාවන්න, ස්වාමීනි,
- - - - - - - - - - - - - - - - -
මම නැඟී සිටියෙමි
නැඟී සිට,
අැගේ අත් පා බැඳ,
රුක් අත්තන ලැහැබ අතරින්
අෑ ඔසවාගෙන ගොස්
පුළුල්ව ගලා බස්නා ගඟෙහි
ගැඹුරු තැනකට විසිකොට,
මහත් හඬ නඟා
කැළඹුණු දිය,
යළිත් ශාන්ත වන තෙක් බලා සිට,
අාපසු අවුත්
නෙත් පියා ගතිමි.
ජී.බී.සේනානායක
(පලිගැනීම,1946)
පෙර රසවිඳි කවියක් නැවත මතක් කිරීම ගැන අසංකට ස්තුතියි.
ReplyDeleteජී බී සේනානායකයන් සිංහල නිසඳැස් කවියේ ආරම්භකයා.
අපූරු චිත්ත රූප ජනනයක් මේ කව කියවනවිට ඇතිවනවා.
රාත්රියේ අත් පා බැඳි කතක් කර තබාගෙන රුක් අත්තන ලැහැබ් අතරින් ඇවිද යන මිනිසෙක්. කැලැඹුණු දිය නිසල වන තෙක් බලා හිඳින මිනිසෙක්.
නැවත නැවත කියවන විට වඩා ගැඹුරු අරුත් මතුවන කවියක්.
බොහෝ කාලෙකින් මෙහෙ ආවෙ.
නව වසරට සුභ පැතුම්.
ස්තූතියි පොත් ගුල්ලා...
Delete**අපූරු චිත්ත රූප ජනනයක් මේ කව කියවනවිට ඇතිවනවා.** ඒ්ක අැත්ත..