Monday, August 13, 2012
ඇය
මගෙ එළිසමය රැකගන්නට බැරිව ගියා
මුළු හදමඬල මොහොතෙන් ගල්වෙලා ගියා
හිරිවැටි ගතම සසලව වෙවුලුවා කියා
අද දින උදෑසන නැවතත් දුටුවා එයා
සසරේ සුපුරුදුම සෙවණැල්ලකින් සැදී
මා තව එතනමුත් නෙත් දෙක ගියා ඇදී
අංකුර පෙමක රැල්ලක් හදවතේ වැදී
ඇය රුව වනනු රිසි වුව උපමාද මදී
ඇගෙ නිල් වරලසට යට විය මොනර නිල
සුසිනිඳු දෙකම්මුල් නිසසල හංස විල
ගිනියම් හිරුගෙ රත්පැහැ ගත් ඇගේ තොල
මැණීට පින හිමිය මෙලොවට ජාත කළ
නිශ්චල ගැඹුරු දිය කතරක් වැනි දෑස
සුළඟද කිති කැවෙයි ඇයගෙන් ලැබ පහස
ඇගේ සුවඳටයි මම මුළු ලෝකෙන් ආස
ඇය නැති දාට සඳ මඬලත් නෑ අහස
ඇය යන විටදි වනමල් ඈ දෙසට හැරේ
විහඟුන් කිචිබිචිය නවතින අතරතුරේ
ඈ ගිය විටදි හිරු බැස මෙනි අවරගිරේ
එවිටයි සිහිවුණේ තවමත් යතුර දොරේ
දුටුවම හිමිදිරියෙ මට දවසම සරිය
පුරවන්නට වීය හිත තුළ පෙම් කවිය
ඇය හා කතා කරනට රිසි වුව බැරිය
ඒ කිම මෙමා තුළ නැත තවමත් ජවය
ළඟකදි මුණ ගැසුණු මිතුරෙකු මෙමා හට
ඔය බව කීවේ උමතුවකිනි විටින් විට
මට සිත් වීය එය කවියෙන් ලියන්නට
පෑනක් රැගෙන කටු ගෑවෙමි පොතක පිට
Subscribe to:
Post Comments (Atom)
මගෙත් මුළු හදමඬලම මොහොතෙන් ගල්වෙලා ගියා කවිය දැකල.!!.niyamai machan...patta ...!!!!
ReplyDeleteහී හී thanks මචං
Delete:) ලස්සනයි යාළු :)
ReplyDeleteනියමයි !
ReplyDeleteඅතීතයේ පටන්ම කවියො වැඩියෙන්ම වර්ණනා කලේ කාන්තාව. මොකද ඇය ඕනෙම වස්තු බීජයකට උපමා කරන්න පුලුවන්.
ReplyDeleteමේ කවි ටිකත් ඒවගේ
අනිවාර්යයෙන් ඒකනම් 100%ක් ඇත්ත. ඒක කොහොම වෙනවද දන්නේනම් නෑ. හැබැයි හැම එකටම ගැළපෙනවා.ස්තූතියි රත්නායක
Deleteහොදා !
ReplyDeleteස්තූතියි.
Deleteරසවත් කවි පෙළක්
ReplyDeleteස්තූතියි චතුර සහෝදරයා
Deleteහරිම ලස්සනයි කවි පෙල අසංක පුතා . හැබැයි මේ වගේ අයට රැවටෙන්නෙ බලාගෙනයි කියල මිතුරාට කීවොත් හොඳයි නේද? හා හා හා.
ReplyDeleteස්තූතියි හි හි මම කියන්නම්. මම කියන්නම්. :D
Deleteකොළ කඩලා මොටද ගස අඳුනන විටදි
ReplyDeleteවයසේ වරද''මිතුරා'' නම් නැහැ වැරදි
ගස අඳුනනවාද එහෙනම් මම වැරදි
Deleteඊළඟ කවිය කියවනු මැන දෙමි ළඟදි
ඇය 2 නමින් තවත් කවි පෙළක් ඊයේ පෙරේදා මම ලිව්වා. ඒකත් කියවලා බලන්න. ළඟදිම දාන්නම්..