මෙය කියවන්නට පෙර මීට යටින් ඇති ඇය නැමති කවිය කියවා සිටින්නේනම් අගනේ යයි සිතමි.
මගෙ එළිසමය රැකගන්නට බැරිව            ගියා
මුළු හදමඬල මොහොතෙන් දියවෙලා      ගියා
හිරි වැටි ගතම සසලව වෙව්ලුවා              කියා
අද දින උදෑසන නැවතත් දුටුවා                 එයා
සඳ නැති රෑක ගගනේ කළු පැහැය            බදා
ඇගේ කළු මුහුණ දුටුවම මගේ දෑස           රුදා
ටයර් තුනක් වන් වු මස් කැදලි                   රඳා
උණු ඊයම් පතුරු මගෙ හදවතට                කිඳා
වැඳිරිය පරාදයි ඈ හා තරඟ                       වැදී
ඇය වැලහින්නියකි බැණ වදිනා              විටදී
ඈ හරි කපටි වෙයි හිවලා නිති                  පරදී
ඇගෙ කැත කියන්නට මට උපමාද             මදී
හදවත ගැස්සුනා දුටුවම හොර                   දෑස
වතමත වලගොඩැලි සඳ මෙන් රෑ            අහස
ඇය ඉන්නා තැනට වැදුණා වස්               දෝස
හැමටම සෙතකි ඇය නොමැතිව ගෙවු     මාස
ඇය යන විටදී තණකොළ ගස් වුවද        මැරේ
විහඟුන් ගොළු වුණා මින්දද මැරෙන       තුරේ
ඇඟේ කටහඬට වේලුණු කොළ බිමට     පිරේ
කෙහෙරැලි වැදී සුළඟද යයි නොමැරි       හිරේ
දුටුවම හිමිදිරියෙ මට දවසම                චොරය
දවසේ කිසිදු වැඩ කරගන්නට                බැරිය
මට මතකෙට නැඟෙයි හෝඩියේ ඇත් පොරය
ඇය එළවා දමන්නට මට කල්                 හරිය
ළඟකදි මුණ ගැසුණු මිතුරෙකු මෙමා         හට
ඔය බව කීවේ භීතියකිනි විටින්                  විට
මට සිත් වීය එය කවියෙන්               ලියන්නට
පෑනක් රැගෙන කටු ගෑවෙමි පොතක         පිට
 

 
 
පට්ටයි කුජීතයි ....!!!
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්,,
ReplyDeleteආ... මාර වැඩේ
ReplyDeleteකවි ටික නම් අපූරුයි.
ReplyDelete