Saturday, October 15, 2011

රිදෙනව දැන්නම් - ‍හොඳටම මගෙ හිත



සෙල්ලමකට නුඹ
ගත්තද මගෙ හිත
නැත්තම් නුඹ දැන්
වයසද හොඳටම,,


ගන්නට බැරිනම්
නිවැරදි එල්ලය
කුඹුරක් කොටපන්
දුනු හී විසිකර,,


එල්ලය වැරදී
නුඹ එවු හී සර
ඇනිලා මගෙ හද
කඩ‍‍තොළු වී ඇත,,


වරදන වරදන 
හැම පාරම නුඹ
ගලවල හී සර
එක දෙක හෙමිහිට,,


"රිදෙනව දැන්නම්
හොඳටම මගෙ හිත"



10 comments:

  1. නිතරම දකින දේ වෙනස් විදියකට දැකපු ලස්සන පද පෙලක්.
    ඇඟට නොදැනි ඉලක්කයටම එල්ල කරන හී පාරක්...
    ලස්සනයි.

    ReplyDelete
  2. හපොයි... හුඟ දොහකින් මේ අහ ගාටන්න බැරි වුනා නොවැ. අසංග සහෝ මේක සම්පූර්ණයෙන්ම කණපිට හරෝලනේ... අඳුන ගන්නත් බැරි වුනා... නියමයි ආ... සන්තෝසේ බැරුවා... ජයවේවා !!!

    ReplyDelete
  3. ෂාහ් මාරු කවියක් නේ. ලස්සනයි අංජලී දිගටම ලියන්න. සුබ පැතුම්!

    ReplyDelete
  4. මමත් ආසයි..වදිනව නම්...හී සර..ඔය වාගෙ..මගෙ..හදෙහිත්..ආසයි..බලන්න..එහි..රග...දැනිලම නැතුව..ඔය වේදනාව..මට...

    ReplyDelete
  5. ගොඩක් ස්තූතියි හැමෝටම..

    ReplyDelete
  6. මගෙ ඉල්ලීම භාර අරගෙන කවිමුතුමල් වලට එකතු ‍වුණූ එක ගැන අක්කට ගොඩක් ස්තූතියි
    ‍වෙනස්ම විදියේ කවි ලියන අය අතරට අක්කගේ නමත් එක් වීම නම් අරුමැයි.....දිගටම කවි ලියන්න.ලස්සන කවියක් තව ලියන්න තව ලියන්න ....... ජය පතනවා !

    ReplyDelete
  7. ඉලක්කෙ හරි ගොස් වැදිලා ඊ තල

    අද මට සිදුවී ඇති වින්නැහි බල

    ..අපුරුයි කවි පෙළ . ජය

    ReplyDelete
  8. අපූරු කවි පෙළක් නංගියේ, ආදරෙන් පිළිගන්නවා අපේ පියසට. ජයම පතනවා ඉදිරි අනාගතයට.

    ReplyDelete
  9. ලස්සන අදහසක්. කෙටි වචන පෙලකින් හිතට වදින විදිහට.

    ලොකුම ලොකු කතාවක්.

    ෂා තවත් අලුත් කිවිඳියක්.

    පටන් ගැන්ම නියමයි. හැම අකුරකින්ම එක සේ රසය ඇති කරන කවි පෙළක්.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................