
මගේ නෙතු පිය අතර කිමිදී
සොයයි ඔහු ආදරය
වසර ගණනනකට පෙරදී
අහිමි වූ ඒ ආදරය
යලිත් සිත් මල පුබුදු වා ලූ
සිත දෙතැනක නැවතී
ඔහු හා ඔබ අතර වෙලී
හඳුනා ගත නොහැකිව
දෙගිඩියාවෙන් පෙළයි
මා සිත උමතුව මත්වී
දියණිය මාගේ සිහිවී
කඳුළු අතර සිත හිරවී
මිදෙන්නට බල කරාවී
යළිත් එමි සිහියට පියවී
ඔහු සුරතින් මිදී
ආවෙමි හදකට වේදනා දී