Pages
▼
ප්රින්ට් කරලා විකුණන්න
රෝමියෝ ජුලියට්ව
ගෙලවටා බැඳගන්න
දස්කොන්ව ප්රමිලාව
ස්ටිකර් හදාගෙන
ගජමන්ගේ කවිවලින්
ෂෙයා කරගෙන යන්න
ක්ලියෝපැට්රගේ පුවත
සාජහන් මුම්ටාස්
දන්නවද දන්නේ නෑ
අාදමුයි ඒ්වවයි
සීඩිවල කවරවල
දෙව්දාස් ෆිල්ම් එක
පොරි කකා බලනකොට
අාදරේ කොහෙද බං
දුවන හදවත් වලට
"අාදරය" බ්රැන්ඩ් එක
කෑගහලා විකුණන්න
අනංගයාගේ කඩෙන්
හී පාර විදගන්න
අාදරය විරහාව දෙකම
ලාභයි ගන්න
අපි තාම පිටස්තර
නැද්ද බං අාදරෙට......
ස්වාමීනි,
නැඟී සිටින්න.
මගේ වරදට සමාවන්න ස්වාමීනි.
ඒය මගෙ නොව,
සිතෙහි වරදකි,
නැත ස්වාමීනි,
සිතෙහි නොව,
ඉඳුරන්ගේ වරදකි,
ඒවේලෙහි
මගේ ඉඳුරෝ
බලවත්ව නැඟී සිටියෝ ය.
ඔබ මිස
අන් කිසිවකු නොහඳුනන
මගේ සිත
වරදෙහි ඉන්ද්රියන් හා ඒක් නොවී ය,
නැඟී සිට සමාවන්න, ස්වාමීනි,
- - - - - - - - - - - - - - - - -
මම නැඟී සිටියෙමි
නැඟී සිට,
අැගේ අත් පා බැඳ,
රුක් අත්තන ලැහැබ අතරින්
අෑ ඔසවාගෙන ගොස්
පුළුල්ව ගලා බස්නා ගඟෙහි
ගැඹුරු තැනකට විසිකොට,
මහත් හඬ නඟා
කැළඹුණු දිය,
යළිත් ශාන්ත වන තෙක් බලා සිට,
අාපසු අවුත්
නෙත් පියා ගතිමි.
ජී.බී.සේනානායක(පලිගැනීම,1946)